ඉන්දියන් සාගරයේ රික්ටර් මාපකයේ 6.8ක භූමිකම්පාවක්; ශ්‍රී ලංකාවට සුනාමි අවදානමක් නැහැ
සෙනසුරාදා (21) බන්ඩා අචේ (Banda Aceh) ආසන්නයේ ඉන්දියන් සාගරයේ රික්ටර් මාපකයේ 6.8ක ප්‍රබලත්වයෙන් යුත් භූමිකම්පාවක් සිදු වුවද, දිවයිනට ඉන් කිසිදු සුනාමි අවදානමක් නොමැති බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
ජාතික සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, මෙම භූමිකම්පාව 2026 නොවැම්බර් 21 වන දින පස්වරු 3:12ට පමණ සිදුව ඇත.
මෙම භූමිකම්පාව කිලෝමීටර් 156ක ගැඹුරකින් වාර්තා වී ඇති අතර, එහි අපිකේන්ද්‍රය දකුණු අක්ෂාංශ අංශක 8.04° සහ නැගෙනහිර දේශාංශ අංශක 127.57° ලෙස සටහන් වී තිබේ.
භූමිකම්පාවෙන් අනතුරුව, පවතින තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකාව අවට වෙරළබඩ ප්‍රදේශවල ජීවත් වන ජනතාව දැනුවත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පස්වරු 3:30ට ‘සුනාමි අවදානමක් නොමැති බවට වන නිවේදනයක්’ (No Tsunami Threat Bulletin) නිකුත් කරන ලදී.
මෙම භූමිකම්පාවෙන් ශ්‍රී ලංකාවට කිසිදු සුනාමි තර්ජනයක් එල්ල නොවන බව එම නිවේදනය මගින් තහවුරු කර තිබේ.
ඉන්දියන් සාගරයේ සිදු වූ මෙම භූ කම්පන තත්ත්වයෙන් පසුව වෙරළබඩ ප්‍රජාව දැනුවත්ව තැබීම සඳහා මෙම උපදේශන නිවේදනය නිකුත් කර ඇත.

