ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් නව වසරේ (2025) පළමු දින කොළඹ වැලිකඩ බන්ධනාගාරයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.
නව වසර උදාව සිහිපත් කරමින් අමාත්‍ය පෝල්රාජ් බන්ධනාගාරයට පැමිණ බන්ධනාගාරයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයේ කාන්තා රැඳවියන් සහ ළමුන් සමඟ සාකච්ඡා කළා.
කාන්තා රැඳවියන්ගේ සුවදුක් විමසූ අමාත්‍යවරයා ඔවුන් වෙත අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය සහිත ත්‍යාග ප්‍රදානයක්ද සිදු කළේය.
ළමා හා කාන්තා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ් මහත්මිය සමඟ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන, අමාත්‍යාංශ ලේකම් කේ.ඩී. ආර්. ඔල්ගා සහ ඇගේ අමාත්‍යාංශයේ අනෙකුත් උසස් නිලධාරීන්.

