Skip to content
Menu
Vishwakarma
  • ජ්‍යෝතිෂ්‍ය
  • ආයුර්වේද
  • ඓතිහාසික
  • සමාජීය
  • අනාවැකි
  • ආගමික
  • ඕපාදූප
  • ජීවිතයට
  • දෙස් විදෙස්
  • Privacy Policy & Contact
Vishwakarma

ගොඩක් අයට තිබ්බ ප්‍රශ්නේ හුස්ම ෆිල්ම් එකේ මම ඇත්තටම එහෙම කළාද කියලා -දසුන් පතිරණ කියන කතාව.

Posted on April 16, 2023April 18, 2023

දසුන් පතිරණ එහෙමත් නැත්නම් දස්සා කියන්නේ ටිකක් වෙනස් විදිහට හිතලා පතලා වැඩකරන චරිතයක්. සාමාන්‍යයෙන් දස්සා වැඩක් භාර ගන්නේ ගොඩක් දුරට හිතලා බලලා. ඒ හින්දම ඒ චරිතය හරියට ජනපි‍්‍රය වෙනවා. මේ දවස්වලත් දස්සා එහෙම භාර ගත්තු වැඩක් පුංචි තීරයේ දිග හැරෙනවා. ඒ තුන්පනේ ටෙලි නාට්‍යයේ ඩොමිනික් ලෙසින්. මේ නිසාම දස්සාව අපි කතාබහකට එකතු කර ගත්තා.

* දසුන් ඩොමිනික්ට කොහොමද?මගේ ලයිෆ් එකේම බ්ලැක් කැරැුක්ටර් එකක් කියලා කරපු චරිතය ඕක තමයි. මෙච්චර කාලයක් කළේ මම බ්ලැක් කැරැුක්ටර් නෙමෙයි. මම පට්ට ආසාවෙන් කළේ. මොකද බ්ලැක් කැරැුක්ටර් එකක් කරන්න මම හරි ආසාවෙන් හිටියේ. තුන්පනේ ඩොමිනික් කියන්නේ මේ මොහොතේ ජීවත්වන දේශපාලනඥයන් නියෝජනය කරන චරිතයක්.

 * දසුන්ට ඩොමිනික් වගේ චරිත හමුවෙලා තියෙනවාද?මට හම්බවෙලා තියෙනවා. නමුත් නාට්‍යයේ ඉන්නවා වගේම චරිත හමුවෙලා නැහැ. ඒ ළඟට යන චරිත තමයි හමුවෙලා තියෙන්නේ. අපි ඩොමිනික්ව රීබිල්ට් කළා. ඒ වගේම කෙනෙක් ලංකාවේ නැහැනේ.

* ඩොමිනික්ට ලැබෙන ප‍්‍රතිචාර?හොඳයි. මගෙන් ඔය වගේ චරිතයක් මිනිස්සු බලාපොරොත්තු වුණේ නැහැ. මම කළේ සාමාන්‍ය කොල්ලෙකුගේ චරිතයක්. ඩොමිනික් කියන්නේ විනාශමකාරී චරිතයක්. මම හිතනවා ඒකට මිනිස්සු කැමතියි කියලා. අනික මගෙන් එක එක ජාතියේ චරිත බලාපොරොත්තු වෙනවා. පේ‍්‍රක්‍ෂකයා මේ වෙනකොට ඩොමිනික්ට වෙන විදිහකට කැමතිියි. චරිතයේ විදිහට අකමැති වෙන වෙලාවලූත් තියෙනවා.

 * සුපුන් ඩොමිනික්ගේ පිටපත ඔබේ අතට දෙනකොට මොකද හිතුණේ?මම සුපුන්ට කිව්වෙත් මේ වගේ චරිතයක් මට හම්බවෙලා නැහැ කියලා. මම මේක කරනවා මට මේක පට්ට ආතල් කියලත් කිව්වා. ඒ කියන්නේ මොකද මමත් නළුවෙක්නේ. මම විවිධාකාර චරිත කරන්න ඕනෑ. ඉතිං මම මේ වගේ චරිතයක් ලැබුණහම ඒක ආසාවෙන් කරන්න ඕනෑ.

 * ඔබේ අනෙක් නිර්මාණ ගැන කතා කළොත්?චිත‍්‍රපට තුනක් එන්න තියෙනවා. අරුණ ජයවර්ධනගේ මාරියා. සුරේෂ් රංග පීරිස්ගේ සීරුවෙන්. මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ සංසාරේ. තවත් ටෙලි නාට්‍ය දෙකක් කළා. ඉන්දික ධර්මතිලකගේ යාදින්නි, රුවන් කුඩලිගමගේ රන් කියන ටෙලි නාට්‍යය.

 * වසංගතයත් එක්ක දස්සාට වැඩවලින් අඩුවක් නැහැ වගේ?මම කොහොමත් සාමාන්‍යයෙන් වැඩ ගොඩක් කරන්නේ නැහැ. ඉතාම අඩුවෙන් තමයි වැඩ කරන්නේ. මට ෆීල් වෙන වැඩ විතරයි මම කරන්නේ. මෙගා කරන්නෙත් නැහැ. මේ තත්ත්වයත් එක්ක අපිට තියෙන බජට් එකත් එක්කත් නාට්‍ය කර ගන්න බැරිවෙයි කියලයි මම නම් හිතාගෙන ඉන්නේ. මේ බජට් එකත් එක්ක අපිට හොඳ නාට්‍ය කරගන්න බැරිවේවි. එතකොට මම දන්නේ නැහැ මොනවා වෙයිද කියලා.

 * මේ ආර්ථිකයත් එක්ක ඔබ බලාපොරොත්තුවන හොඳ වැඩ කරන්න පුළුවන්ද?අමාරුයි. අමාරුයි. මොකද මම දැන් ප්‍රොෆෙෂනල් ඇක්ටර් කෙනෙක්. මම ඒකෙන් තමයි හම්බ කරන්නේ. මගේ බිරිඳගෙන් ලොකු සහයෝගයක් ලැබෙන හින්දයි මෙහෙම ඉන්නේ. නැතිනම් ලංකාව වගේ රටක වෘත්තීය නළුවෙකුට ජීවත් වෙන්න හරිම අමාරු වෙන්න පුළුවන්. ඇක්ටර්ස්ලාට විතරක් නෙමෙයි දැන් ලංකාවේ ඉන්න හැමෝටම අමාරුයිනේ.

 * බිරිඳ ඩොමිනික් ගැන මොනවද කිව්වේ?
යා කැමතියි පොඩි වෙනස් චරිතයක්.පසුගිය කාලයේ විකාශනය වුණු ගිරිදේවිට ලැබුණු ප‍්‍රතිචාර?මෑත කාලයේ ගිරිදේවි කියන්නේ හොඳම ප‍්‍රතිචාර ලැබුණු නාට්‍යයක්. මෑත කාලයේ මම අන්තිමට වැඩ කළේ ගිරිදේවි. මෙවර රයිගම් ටෙලි සම්මාන උළෙලේදී හොඳම නළුවාට මාව නිර්දේශ වෙලත් තියෙනවා.

 * හොඳම නළුවා සම්මානය ඔබ අතට හම්බ වෙයි කියලා හිතනවාද?නැහැ. මෙහෙමයි නිර්දේශ වීමම මට භාග්‍යයක්. මම නොමිනේට් වෙලා තියෙන්නේ රොෂාන් රවීන්ද්‍ර සහ බිමල් ජයකොඩි සමග. මම හිතන්නේ ඒකම මට ඇති. සම්මානයක් කාට හම්බවුණත් එකයි. ලංකාවේ ඒ වගේ ඇගයීමක් විතරයි අපිට තියෙන්නේ.

 * දසුන් රඟපාන්නේ සම්මාන බලාගෙන නෙමෙයි නේද?ඔව්. කවදාවත් මම සම්මාන බලාගෙන රඟපාලා නැහැ. අවංකව වැඬේ කරනවා ඒවා හම්බවෙන්නේ පස්සේනේ.ටෙලි නාට්‍යවල හොඳම නළුවාට නිර්දේශ වුණ පළමු අවස්ථාව?
මට සතුටුයි. චිත‍්‍රපටවල මට හොඳම නළුවා සම්මානය හම්බවෙලා තියෙනවා.මීට කලින් මම අඩෝ ටෙලි නාට්‍යයේ හොඳම නළුවාට නිර්දේශ වෙලා තියෙනවා. නිර්දේශ වුණාට බලාපොරොත්තු නැහැ. රොෂාන් අයියා ඉන්නවා බිමල් අයියා ඉන්නවා. කාට හම්බ වුණත් එකයි.

 * දසුන් කියන්නේ වෙනස් විදිහට හිතන කොල්ලෙක්ද?ඔව්. මම කරන්නේ හරි විදිහට හිතන්න ට‍්‍රයි කරන එකයි. බොරු වැඩ කරන්නේ නැහැ. ලෝකෙට පේන්න ජීවත් වෙන්නේනැහැ. නළුවෙක් විදිහට මම කැමරාව ඉස්සරහ රඟපෑවට ලයිෆ් එකේ රඟපෑම් නැහැ. ඒක මගේ තියරිය. අනෙක් අයට ඒක අදාළ නැහැ. මම කරනම දෙයක් අනෙක් අය කරන්නත් වුවමනා නැහැ.

 * ලංකාවේ ටෙලි නාට්‍ය ගැන මොකද හිතන්නේ? මගේ නම් තියෙන්නේ මේ වෙනකොට චැනල්වලින් ගෙවන ගාන වැඩිවෙන්න ඕනෑ කියන මතය තමයි. හැම දේම වැඩිවෙලා තියෙන වෙලාවේ ටෙලි නාට්‍ය ක්‍ෂේත‍්‍රයටත් ඒක බලපානවා. සෑම ටෙලි නාට්‍යයකටම චැනල් එකකින් ගෙවන ගාන වැඩි විය යුතුයි.

 * දසුන්ට වටිනාකමක් තියෙනවාද?මට වටිනාකමක් තියෙනවා. මට වැලිඞ් එකක් මම හදාගෙන තියෙනවා. මම හදාගත්තාට මදි. තේ බෝයිගේ ඉඳලා මේකේ වැඩකරන සියලූ දෙනාටම වටිනාකමක් ලැබෙන්න ඕනෑ. එතකොට තමයි මේක කර්මාන්තයක් විදිහට දිගටම පවත්වාගෙන යන්න පුළුවන්.

 * මේ දේවල් පැත්තකට දාලා වෙන රස්සාවක් කරන්න හිතුණ අවස්ථා නැතිද?රස්සාවක් කරන්න කියන්නෙ වෙන රස්සාවක් දන්නේ නැහැනේ. මෙකක්ද මේ කරන්නේ කියලා හිතෙන වාර අනන්තයි. මට ඕනෑනම් මෙගා ගොඩට ගිහිල්ලා සල්ලි හම්බ කරන්න තිබ්බා. මට නළුවෙක් විදිහට කොන්ද පණ තියාගෙන ඉන්න පුළුවන් තාක්කල් මම ඉන්නවා.

 * ඔබට හොඳ අධ්‍යක්‍ෂවරුන්ගේ වැඩ ලැබෙනවාද?මට හම්බවුණ ඔක්කොම අධ්‍යක්‍ෂවරු හොඳයි. අලූත් අධ්‍යක්‍ෂවරු සමගත් වැඩ කරලා තියෙනවා ඒ වගේ ලලිත් රත්නායක බූවි. ආනන්ද අබේනායක වගේ අධ්‍යක්‍ෂවරුන්් සමගත් වැඩකරලා තියෙනවා.

 * ආනන්ද අබේනායක ගේ අහසින් වැටුණා ගැන කතා කළොත්?මම හිතනවා මගේ ලයිෆ් එකේ ටර්නින් පොයින්ට් එකක් තමයි ආනන්ද අබේනායක ගේ අහසින් වැටුණා කියන ටෙලි නාට්‍ය. මිනිස්සු මාව ගොඩක් දුරට අඳුර ගත්තේ අහසින් වැටුණා ටෙලි නාට්‍යයෙන්. මම හිතනවා ඒක මගේ ජීවිතයේ හැරවුම් ලක්‍ෂ්‍යයක් කියලා. ආනන්ද අයියා කියන්නේ හොඳ නාට්‍යකරුවෙක්.

 * පවුල් ජීවිතය එහෙම කොහොමද? ඉතා හොඳයි. මම දැන් ඉස්සර වගේ නෙමෙයි. මගේ ෆැමිලි එකත් එක්ක ඉන්නවා. මගේ ළමයි දෙන්නා ගැන හිතනවා. මගේ බිරිඳ ගැන මම හිතනවා. ඉස්සර හොඳට පිස්සු කෙළියා. දැන් ඒක නැහැ. මම දන්නවා අන්තිමේ ඒගොල්ලෝ තමයි මගෙත් එක්ක ඉන්නේ කියලා. ලයිෆ් එකේ ඉන්න කෙනෙක් වීම වෙනම එකක්. මම හිතනවා මුලින්ම මම තාත්තා කෙනෙක් වුණාට පස්සේ මට දැනුනා ෆීල්ඞ් එකත් එක්ක මට ගොඩක් දේවල් හම්බ වුණා. ලයිෆ් එකේ සමහර දේවල් ඉගෙන ගන්නේ ජීවිතයේ අත්දැකීම් එක්ක. තාත්තා කියන නාට්‍යයේ රඟපෑව හින්දා තමයි ළමයි හදන්නවත් හිතුවේ. මම මේ වෙන කොට තාත්තා කෙනෙක් වගේ ඉන්නවා.

 * දස්සා කොල්ලා කාලේ කරපු පිස්සු වැඩ නැවැත්තුවාද?මම දැන් ඉස්සර වගේ නෙමෙයි. ඉතා හොඳයි. දැන් වෙනකොට නිවිලා ගෙදරට වෙලා ඉන්න චරිතයක්. ඉස්සර මම ගෙදර හිටපු නැති මනුස්සයෙක්. මිනිස්සු ගොඩක් ආශ‍්‍රය කරපු මනුස්සයෙක්. නමුත් දැන් ගෙදරට වෙලා වැඩකරගෙන ඉන්නවා. ඉස්සර තරම්ම පිස්සු කෙළින්නේ නැහැ. මම හිතනවා මම දැන් මැචුවර්ඞ් කියලා දැන් වයස 36ක් නේ.

 * වගකීම් වැඩිවුණා කියලා හිතුණද?ඔව්. මට දැන් ගෙදර යන්නේ නැතිව ඉන්න බැහැ. මොනවා වුණත් ගෙදර යන්න ඕනෑ. මට පොඩිවුන් බලන්න ඕනෑ. මගේ බිරිඳ හංසි ඉන්නවා. එයත් මහන්සි වෙනවා මේ වෙලාවේ ලයිෆ් එකේ මගෙත් එක්ක ගේමක් ගහන්න. ඒ වෙනුවෙන් මගේ සහයෝගය ලැබෙන්න ඕනෑ. මගේ ලේවලින් හැදිච්ච ළමයිනේ. මට හිටියා හොඳ තාත්තා කෙනෙක් වගේම අම්මා කෙනෙක්. මම හිතනවා ළමයි වෙනුවෙන් මම ඒ දේවල් කරන්න ඕනෑ කියලා.

 * ෂූටින් ගියහම දරුවෝ බිරිඳ මතක් වෙනවද?ෂූටින් ගියහම මට ඔක්කෝම දේවල් අමතක වෙනවා. ඒක වෙනම කතාවක්. ළමයි බිරිඳ මතක් වෙන්නේ නැතිව නෙමෙයි. ෂූටින් ගියහම හැමදේම අමතක වෙලා යනවා. ෂූටින් ගියහම හැමදේම අමතක වෙනවා කියලා බිරිඳත් කියනවා. වයිෆ් කිසිම දෙයකට කිසිම බලපෑමක් කරන්නේ නැහැ.

 * ඇත්තටම බිරිඳගෙන් සීමාවන් වැටිලා නැතිද?සීමාවන් දාලා නැහැ. සීමාවන් දාලා මාව කොටුකරන්න අමාරුයි. මම සාමාන්‍යයෙන් සීමාවන්වල ඉන්නේ නැහැ. මට ඕනෑ දේ මම කරනවා දැනුත් එහෙමයි. ඒ කාලෙත් එහෙමයි.

 * දස්සා ඇත්තටම නළුවෙක් නොවුණා නම් කවුරු වෙයිද?මම බීච් බෝයි කෙනෙක් වෙයි.

 * ජීවිතයේ එහෙම අත්දැකීම් තිබුණද?නැහැ. මම මුලින්ම ආසා කළේ සුද්දෝ සුද්දියෝත් එක්ක ඉන්න. ඒ සංස්කෘතියට කැමතියි. බීච් එකක වැඩකරන්න මට පුදුම ආසාවක් තිබුණා. නළුවෙක් විදිහට ගමන් කරන්න මට ගමනක් පෙන්නුවා. ඒක ඉතිං මගේ වෙලාව. කොහොම හරි බීච් බෝයි චරිතයක් ආනන්ද අයියගේ ටෙලි නාට්‍යයේ රඟපෑවා ඒවා ආසාවෙන් කරපු චරිත.

හුස්ම” හි ආන්දෝලනාත්මක රංගනය ගැන, දසුන් පතිරණ වරක් මේ විදිහට කියා තිබුණා. “හුස්ම මිනිස්සු අතරට එකපාර ගියේ නෑ. වැඩිහිටියන්ට පමණයි කිව්වම මිනිස්සු හිතුවෙ මේක වල්කමට බලන ෆිල්ම් එකක් කියලා. ඒත් මේක වල් එකක් නෙවේ.ඒක බැලුවම මිනිස්සුන්ට තේරෙනවා. මිනිස්සු ගොඩක් බැලුවා. සෙක්ස් ක්ලිප් එකක් එළියට ගිය එකත් අපිට වාසියක් වුණා.” ගෙදරින් සෙක්ස් සීන්වලට ප්‍රශ්නයක් නෑ කියලයි, දසුන් කියන්නෙ… “ගෙදරින් සෙක්ස් සීන්වලට ප්‍රශ්නයක් නෑ. අපේ වයිෆ් එහෙම ප්‍රශ්නයක් නෑ.

ගොඩක් අය ට තිබ්බ ප්‍රශ්නේ ඇත්තටම සෙක්ස් කළාද කියන එක. මගේ වයිෆුත් මට කිවුවා, ‘මම දැකලා නෑනේ සෙක්ස් කරද්දි ඔයාගේ මූණ මෙහෙම’ කියලා. මම කිව්වා නෑ ඒ මළමිනියක් එක්ක සෙක්ස් කරන කුමාර කියලා, දසුන් පතිරණ නෙවෙයි කියලා…”

 දිනේෂ් විතාන

Post Views: 4,067

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Search

Archives

  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

VishwaKarma is the Sri Lanka's leading source of intriguing content surrounding health & beauty, science, astrology, mysterious, funny, weird and much more...

Categories

  • Animals
  • Around The World
  • Astrology
  • Domestic and International
  • Foods
  • Gossip
  • Health
  • History
  • Mobile
  • News And Politics
  • Peoples And Blog
  • Politics
  • Predictions
  • Religious
  • Science and Technology
  • Stories
  • To The Life
  • Uncategorized
  • Weather

Archives

  • February 2025
  • January 2025
  • December 2024
  • May 2024
  • April 2023
  • March 2023
  • February 2023
  • January 2023
  • December 2022
  • November 2022
  • August 2022
  • July 2022
  • May 2022
  • February 2022
  • January 2022
  • December 2021
  • November 2021
  • August 2021
  • May 2021
  • April 2021
  • March 2021
  • January 2021
  • October 2020
  • August 2020
  • June 2020
  • May 2020
  • April 2020

Search

©2025 Vishwakarma | Powered by SuperbThemes