මාව නිලියක් කරනවා කියලා පොඩිකාලේ තාත්තා මගේ බුරිය උඩට එනවට සතයක් ගැටහලා –උදාරි වර්ණකුලසුරිය

ලාංකේය කළා ලෝකයට නැතුවම බැරි අති දක්ෂ වගේම ගොඩක් සුන්දර රුවකට හිමිකම් කියන රංගන ශිල්පිනියක් තමයි උදාරි වර්ණකුලසූරිය කියන්නේ, ඉතින් අද අපේ කතාබග හැමෝම ආදරේ කරන උදාරි සමගයි, උදාරි ඔබ කළා ක්‍ෂේත්‍රයේ වැඩියෙන්ම ගරු කරන චරිතයක් වන ජැක්සන් ඇන්තනී මහත්මයා පසුගිය දිනක අනතුරකට මුහුණ දුන්නා ඉතින් ඔබ ඒ ගැන දැනගත්තේ කොහොමද ”මම ඒ අනතුර ගැන දැනගත්තේ ජැක්සන් ඇන්තනී මහත්මයාගේ පුද්ගලික සහකරු මාර්ගයෙන්, එක අහපු ගමන් මම එක පාරටම ශෝක් වුනා, අනේ මට මේක හීනය මේක බොරුවක් වෙන්න කියලා හිතුනා, මගේ හිත ඒ කතාව පිලිගන්න කැමති වුනේම නෑ, අනේ අපේ මුළු සිනමාවම කඩා වැටුනා වගේ දැනුනා, ඇන්තනී කියන්නේ අපේ සිනමාවෙන් හරි අඩක් විදියට හඳුන්වන්න පුළුවන් චරිතයක්, ඔහු වගේ අති දැවැන්ත දැනුම් සම්භාරයක් තියෙන පුද්ගලයෙක් නැති තරම්. ඉතින් එතුමාට ඉක්මනින්ම සනීප වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කනවා,

උදාරි ඔයාව රංගන ශිල්පිනියක් කරන්න වැඩියෙන්ම ඕන වුනේ කාටද ? ”ඇත්තම කියනවනම් මාව රූ රැජිනක් වගේම මාව රංගන ශිල්පිනියක් කරන්න වැඩියෙන්ම ඕන වුනේ මගේ තාත්තට, මම පුංචිම පුංචි කාලේ ඉඳලම තාත්තා දැකපු හීනයක් ඒක, පොඩිකාලේ මගේ පෙකණිය කපලා බුරිය උඩට එනවට තාත්තා බුරියට සතයේ කාසියක් ගැටගහලා තාත්තා කියලා තියෙනවලු මගේ දුව කවදාහරි මිස් ශ්‍රීලංකා කරනවා කියලා ඒ නිසා මම වයස 19 ඉවර වෙනකොටම ඇප්ලිකේෂන් දැම්මා මිස් ශ්‍රී ලංකා තරඟයට, කොහොම හරි මම 2015 වසරේදී මිස් ශ්‍රීලංකා වුනා. මට පුළුවන් වුනා මට පන වගේ ආදරේ කරන මගේ තාත්තගේ හීනය සැබෑ කරන්න”

උදාරී කියන්නේ දැන් ආදරණීය මවක් නේද..? ”මගේ දෝනි තමයි මගේ ජීවිතේ, හස්බන්ඩ් ගොඩක් ඉන්නේ ලංකාවේ නෙවෙයි, හැබැයි ඉඩක් ලැබෙන හැම වෙලාවකම එයා ලංකාවට එනවා. ඉස්සර මම මගේ දෝනිගේ වැඩ මගේ දෝතින්ම කරන්න කැපවෙලා හිටියේ, දැන් එයා මගේ ගානටම උසයි, ඒ වගේම අපි දෙන්නා එක වගේ ඇඳලා පහුගිය කාලයේ පොටෝ ෂූට් එකක් කළා, ඒකට ගොඩක් ප්‍රතිචාර ලැබුනා, මම ඉන්නේ මගේ තාත්තා එක්ක හැබැයි මට නිවාඩුවක් ලැබුනම මම දුවත් එක්ක හස්බන්ඩ් බලන්න යනවා, කොච්චර දුරස් වුනත් අපේ ආදරේ හරිම ශක්තිමත්”