මම දැන් ගොඩක් ජනප්‍රියයි, ඒ නිසා කලාව අත්හරින්නේ නෑ – ඉෂාරා අතුකෝරල

පුංචි තිරයට අලුතෙන් එකතුවෙලා තියෙන රංගන ශිල්පිනියන් අතරින් කාගේත් අවධානය දිනාගන්න වගේම ආදරෙ දිනාගන්න සමත්වෙලා තියෙන නවක රංගන ශිල්පිනියක් තමයි ඉෂාරා අතුකෝරල කියන්නේ, පාරදිගේ නාට්‍ය හරහා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වෙලා ඉන්න ඉෂාරා එක්කයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, ඉෂාරා පාරදිගේ ටෙලිනාට්‍යයේ සචී කියන චරිතය හරහා ඔයා ගොඩක් ජනප්‍රිය වෙලා නේද..? ”අනේ ඔව්, ඇත්තම කියනවනම් අද මම කොහේ ගියත් පාරේදී හමුවෙන හැමෝම ඇවිත් කතා කරනවා, සචී කියන්නේ ටිකක් කළු චරිතයක් ඒ වුනාට ඒ චරිතයට ආදරේ කරන විශාල පිරිසක් ඉන්නවා, ඉතින් ගොඩක් සතුටුයි ඒ ගැන”

ඉතින් කියන්නකෝ බලන්න කොහොමද මේ චරිතය ගැන, ”සචී කියන්නේ මේ නාට්‍යයේ රුක්ශානා කියන චරිතයේ හොඳම යෙහෙළිය, සචී කියන්නේ යාලුවා වෙනුවෙන් ඕනෑම දෙයක් කරන කෙනෙක්, යාලුවා කොච්චර වැරදි දෙයක් කරත් සචී ඒ යාලුවන්ට උදවු කරනවා, එයා නිතරම වැඩ කරන්නේ යාළුවො ගැන හිතලා, හැබැයි ඉතින් වැරදි වලට උදවු කරනගමන් යාළුවො යහමගට ගන්න උපදෙස් එහෙම දෙනවා”

මේ ඉෂාරා ඔයාගේ පලවෙනි රංගන අත්දැකීමද..? ”නැහැ මීට අවුරුදු දහයකට විතර කලින් මම ආත්මා නාට්‍යයේ රඟපෑවා, ගයාන් කරුණාතිලක අයියා සහ චතුරිකා පීරිස් අක්කා තමයි ඒ නාට්‍ය කලේ, මට ලැබුන චරිතය තමයි ගයාන් අයියගේ නංගි විදියට රඟපාන එක, ඒක අන්ධ චරිතයක්, ඒක තමයි මගේ පලවෙනි රංගනය, ඊටපස්සේ මම රංගනයට සම්බන්ද වුනේ නෑ, හරියටම අවුරුදු දහයකට පස්සේ තමයි රංගනයට මම ආයේ රංගනයට සම්බන්ද වුනේ”

හිතුවෙවත් නැති විදියට කලා ලෝකයට ඇවිත් මේ ලැබිලා තියෙන ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ, ”ඇත්තටම හරිම සතුටුයි, අද වෙද්දී මව හඳුනන විශාල පිරිසක් ඉන්නවා, ඒ අය මාව දැක්කම කතාබහ කරනවා, ඒක මට ගොඩක් ලොකු ශක්තියක්, කලින් මම කලාවට වැඩිය කැමති නෑ හැබැයි මම දැන් කලාවට ටික ටික කමැති වීගෙන ඉන්නේ මේ ලැබෙන ආදරේ එක්ක දිගටම මම කලාව එක්ක සම්බන්ද වෙලා ඉන්නවා, මොකද මේ වෙද්දී ගොඩක් අය මාව හඳුනනවා ඒ වගේම මම දැන් ගොඩක් ජනප්‍රියයි”