ලොකුවට පෙනුනට මට තාම වයස 19යි,මෙහෙම ලොකුවට පෙන්නේ මම ගොඩක් කන නිසා-නවිදි රැපියෙල්

මේ දවස්වල හැමෝම ගොඩක් ආදරෙන් නරඹන ටෙලිනාට්‍ය දෙකක් තමයි ‘දිව්‍යාදරී’ සහ ‘පාරදිගේ’ කියන ටෙලිනාට්‍ය දෙක, ඉතින් මේ නාට්‍ය හරහා රංගනයට සම්බන්ද වෙලා හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නවිදි රැපියෙල් කියන්නේ, කටකාරකම වගේම ඇයගේ සුන්දර රුව නිසාම හැමෝම නවිදිට ගොඩක් ආදරෙයි, ඉතින් අපි හිතුව අද අපේ කතාබහට ඔයාලා හැමෝම ආදරේ කරන නවිදිව එකතු කරගන්න, ඉතින් නවිදී කියන්නකෝ ඔයා ගැන විස්තර ටිකක් ”මම නවිදි රැපියෙල්, දැනට මට වයස අවුරුදු 19යි, මම දැන් රංගන ශිල්පිනියක්, ඒ වගේම මම මේ වනවිට ව්‍යාපාර කළමනාකාරණය පිළිබඳ උපාධිය හදාරන විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදිහට කටයුතු කරනවා.”

නවිදී කොහොමද කලාවට සම්බන්ද වෙන්නේ..? ”මෙහෙමයි මගේ තාත්තා සංගීතඥයෙක්, ඒ වගේම මෙගේ මල්ලිත් මට කලින් ඉඳලම රංගන ශිල්පියෙක් විදියට කටයුතු කරනවා, ඉතින් මටත් ආසා හිතුනා කලාව සමග සම්බන්ද වෙන්න, ඉතින් මම මුලින්ම සිදුකලේ මේ ක්ෂේත්‍රයට එන්න වෙළෙඳ දැන්වීම් නිරූපිකාවක් විදිහට හිටපු එක, ඊටපස්සේ මම ප්‍රදීප් ධර්මදාස මහතා මගේ රංගන හැකියාව දැකලා දිව්‍යාදරී ටෙලි නාට්‍යයේ තුශී කියන චරිතයට ආරාධනා කළා, ඒ අතරතුර තමයි සද්දාමංගල සූරියබණ්ඩාර මහත්මයා මට පාරදිගේ නාට්‍යට ආරාධනා කරන්නේ, ඉතින් මම ගොඩක් ආසාවෙන් ඒ නිර්මාණයට සම්බන්ද වුනා”

කොහොමද රංගනය නිසා දැන් ඔයාට ලැබෙන ප්‍රතිචාර එහෙම ”මේ දවස්වල ඉතින් නිතරම පෙන්න ඉන්න නිසා හැමෝගෙම ආදරේ ලැබිලා තියෙනවා, ඒ වගේම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා, තුෂී කියන චරිතය ටිකක් නපුරු නිසා සමහර අය බනිනවා, ඉතින් මට බනිනවා කියන්නේ මම ඒ නපුරු චරිතය සාර්ථකව කරනවා කියන එක නේ ඉතින් මම ඒ ගැන හරිම සතුටුයි, හැබැයි පාරදිගේ නාට්‍යටනම් ලැබෙන්නේ හරිම හොඳ ප්‍රතිචාර,”

නවිදී ආදරය ගැන මොකද හිතන්නේ, ඔයා දැන් පෙම්වතියක්ද..? ආදරය ගැන කියනවනම් මම දකින විදියට ආදරය කියන්නේ හරිම සුන්දර ලස්සන දෙයක්, අපි කාටවත් ආදරයක් නැතුව ජීවත් වෙන්න බෑ, මම දැනට ආදරවන්තියන් නෙවෙයි මොකද ලොකුවට පෙනුනට මට තාම වයස අවුරුදු 19යි, මම මේ වෙද්දී දෙමාපියන්ගේ ආදරේ ලබන නෙකෙන්, මෙහෙම ලොකුවට පෙන්නේ මම ගොඩක් කන නිසා, හැබැයි මම පෙම්වතෙක් හොයාගද්දී බලන්නේ මාව ආදරෙන් බලාගන්න මගේ වැඩ වලට ගොඩක් උදවු කරන ඒ වගේම අවංක කෙනෙක් ඒත් දැන්ම නෙවෙයි හරි වයසට ආවට පස්සේ”

ඔයා ගොඩක් ලස්සනට ඔයාගේ සිරුරේ හැඩය පවත්වගන්නවා, මොකද්ද එකේ රහස,”මම ඉස්සර පිහිනුම් ක්‍රීඩිකාවක් විදියට ඉන්න කාලේ ඇඟ සිහින්වෙලා ලස්සනට හැදුණා හැබැයි ආබාද තත්වයක් නිසා මම පිහිනීම ටික කාලයකට නතර කලා, ඉතින් කනවත් වැඩියි නේ ඒ නිසා පොඩ්ඩක් මහත් වුනා, දැන් රංගන