“ෂෙරිල්ගේ ලස්සනට කෝටිපතියෙක් හොයාගන්න තිබුනා.එයා මට ආදරේ නිසා කැමති වුනෙ” -රුවන් හෙට්ටිආරච්චි.

අපේ රටේ කොයි කාගේත් ආදරය ඉහලින්ම දිනා ගත් ආදරණීය දෙපලක් තමයි ෂෙරිල් සහ රුවන් කියන්නේ. ෂෙරිල් රංගන ක්ෂේත්‍රය තුළ සහ නිරූපණ ක්ෂේත්‍රය තුළ අතිශයින්ම ජනප්‍රිය ප්‍රේක්ෂක ආදරය දිනාගත් තරුවක් වන අතර රුවන් කියන්නේ අපේ සංගීත ලෝකයට නැතුවම බැරි චරිතයක්.ඉතින් ඔවුන් දෙපළ විවාහ වී ඉතාමත් සාර්ථකව සතුටු පවුල් ජීවිතයක් ගත කරන බව කොයි කාටත් නොරහසක්.

අපේ ලංකාවේ කලා ලෝකයේ මේ විවාහ වී ටික කලකට පසු දික්කසාද වෙන කලා තරු අතරින් මේ අය නම් ඉතාමත් සාර්ථක විදියට පවුල් ජීවිතය ගත කරනවා කොයි කාටත් ආදර්ශයක්.ඒ වගේම තමයි මේ ආදරණීය යුවල සමාජ සත්කාරයන් පවා සිදුකරනවා.ඉතාම නිහතමානී ජනතාවට ගොඩක් ආදරේ දක්වන යුවලක් විදියට තමයි ගොඩක් අය මේ අය හඳුන්වන්නේ.

ඉතින් අද අපිට දැනගන්නට ලැබුණා රුවන් විසින් තමන්ගේ ආදරණීය බිරිද පිළිබඳව පවසලා තිබුණා ඉතාමත්ම ආදරණීය සටහනක්. එය මෙසේයි.

“මගේ බිරිද ෂෙරිල් මාව විවාහ වුණ දවසේ ඉඳන් අද වෙනකම් මගෙත් එක්ක ජීවත් වෙනවා.ඇත්තෙන්ම එයාට තියෙන ලස්සනත් එක්ක ලොකුම ලොකු කෝටිපතියෙක් හොයා ගන්න තිබුණා. මම ඇහුවා එයාගෙන් ඔයා ඇයි ඇත්තටම මට කැමති වුනේ කියලා. එයා කිව්වේ මට ඔයාට ආදරේ හිතුන නිසායි එහෙම නැතුව සල්ලි වලට නම් ඕන කෙනෙක් ගාවට යන්න තිබුනා කියලා තමයි මට උත්තර දුන්නේ.එයා ඇත්තටම මට ලොකු හයියක්.සැබවින්ම දවසක මම කෝටිපතියෙක් වුනොත් එම සාර්ථකත්වය පිටුපස ඉන්නේ මගේ ආදරණීය බිරිඳ ෂෙරිල්.”

ඉතින් මේ විදිහට තමයි ඔහු අදහස් දක්වලා තිබුණේ. මෙම අපූරු අදහස උපුටා ගත්තේ යොමා ෆේස්බුක් පිටුව මඟින්.

මගේ බිරිද ෂෙරිල් මාව විවාහ වුණ දවසේ ඉඳන් අද වෙනකම් මගෙත් එක්ක ජීවත් වෙනවා.ඇත්තෙන්ම එයාට තියෙන ලස්සනත් එක්ක ලොකුම ලොකු කෝටිපතියෙක් හොයා ගන්න තිබුණා. මම ඇහුවා එයාගෙන් ඔයා ඇයි ඇත්තටම මට කැමති වුනේ කියලා. එයා කිව්වේ මට ඔයාට ආදරේ හිතුන නිසායි එහෙම නැතුව සල්ලි වලට නම් ඕන කෙනෙක් ගාවට යන්න තිබුනා කියලා තමයි මට උත්තර දුන්නේ.එයා ඇත්තටම මට ලොකු හයියක්.සැබවින්ම දවසක මම කෝටිපතියෙක් වුනොත් එම සාර්ථකත්වය පිටුපස ඉන්නේ මගේ ආදරණීය බිරිඳ ෂෙරිල්.”