තාත්තා දේශපාලන පවුලකට අයිති කෙනෙක්.ඒ කාලයේ ඉඳලා තාත්තා සමඟ අරගල වලට යනවා-මහින්ද දේශප්‍රිය

තරුණ කාලය කියන්නේ අපිට යමක්කමක් තේරෙන්න පටන් ගන්න කාලය.අපි යොවුන්වියේ පාසල් යන කාලයේදී පටන් අපේ ගෙවල් වලින් අපිට නිදහස ලබා දී තිබුණා.මම 8 වසරෙ ඉන්නකොට දෙකහමාරට තියෙන චිත්‍රපටිය බලන්න ගෙදරින් යන්න අවසර දෙනවා.අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු නිසා අපිට නිදහස ඒ විදියට ලබා දුන්නා

අපේ රටේ සිටින දේශපාලනඥයින් පිළිබඳව තරුණ හිත් වල මම ඉන්නේ එතරම් සුබදායක අදහසක් නොවෙයි. නමුත් ඉතාමත් කලාතුරකින් තරුණ හිත් වල ප්‍රසන්න හැඟීමක් ඇති කිරීමට සමත් වෙලා තිබෙන දේශපාලනඥයින් ද සිටිනවා.ඇත්තෙන්ම අපට වර්තමානයේ දී තරුණ හිත් වල ප්‍රසන්න හැඟීමක් ඇති කිරීමට සමත් වුණා දේශපාලනඥයෙකු සිටිනවා ඔහු තමයි මහින්ද දේශප්‍රිය මහතා.එහෙමත් නැත්නම් ගොඩක් දෙනා ආමන්ත්‍රණය කරන මැකෝතුමා.

ඔහු එක්තරා රූපවාහිනි සාකච්ඡාමය වැඩසටහනක් වෙත එකතු වෙමින් තමන්ගේ තරුණ කාලය පිළිබඳව මේ විදිහට අදහස් දක්වා සිටියා.

“තරුණ කාලය කියන්නේ අපිට යමක්කමක් තේරෙන්න පටන් ගන්න කාලය.අපි යොවුන්වියේ පාසල් යන කාලයේදී පටන් අපේ ගෙවල් වලින් අපිට නිදහස ලබා දී තිබුණා.මම 8 වසරෙ ඉන්නකොට දෙකහමාරට තියෙන චිත්‍රපටිය බලන්න ගෙදරින් යන්න අවසර දෙනවා.අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු නිසා අපිට නිදහස ඒ විදියට ලබා දුන්නා.

ඒ වගේම මගේ තාත්තා දේශපාලන පවුලකට අයිති කෙනෙක්. ඒක නිසා මම ඒ කාලයේ ඉඳලා තාත්තා සමඟ අරගල වලට සහභාගි වෙලා තියෙනවා. විශ්වවිද්‍යාලයට යන කාලයේදී පවා අපි ඒ දේවල් වලට නිරන්තරයෙන් සහභාගි වෙලා තියෙනවා.අපි ඒ කාලයේදී  පොදු අරමුණක් වෙනුවෙන් කණ්ඩායම් වශයෙන් එකතු වෙලා වැඩ කටයුතු කළා.” 

ඉතින් මේ විදිහට තමයි ඔහු තමන්ගේ අදහස් දක්වා සිටියේ.ඔහුගේ ඉදිරි අනාගත වැඩකටයුතු  සාර්ථක වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කර සිටිනවා.