තමුසෙ වගේ උන් ඔය ක්ෂේත්‍රයේ කොහොමත් 3,4 එක්ක නිදාගන්න එක සාමාන්‍ය දෙයක් -මනීෂා චංචලා ඇවිස්සෙයි

රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර ගායන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියන්නේ, ඒ වගේම මේ වනවිට කළා ලෝකයට නැතුවම බැරි රංගන ශිල්පිනියක විදියටත් මනීෂා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන මනීෂා සමග, මනීෂා මොකද වෙන්නේ මේ දවස්ව ”මේ දවස්වල බාරගත්ත නිර්මාණ කිහිපයක වැඩ කරගෙන යනවා, ඒ වගේම මම තව පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා, ඒ වගේම පෞද්ගලික ජීවිතයේ පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා, ඒවත් කරගෙන ඉන්නවා”

මනීෂා නිතරම පේන්න ඉන්නේ නෑ, ඉතින් අපිට කියන්නකෝ කොහොමද ඔයා නිර්මාණයක් තෝරාබේරා ගන්නේ ”මම රංගනය තුල සීමාවක් ඇතුලේ වැඩ කරන කෙනෙක්, සාමාන්‍යයෙන් නිර්මාණයක් තෝර ගන්න කලින් මම ඒ නිර්මාණය ගැන ගොඩක් හිතනවා, ඒ වගේම ඒ නිර්මාණයේ අධ්‍යක්ෂක කවුද කියලත් බලනවා, මම රඟපාන්නේ මගේ පරාසය ඇතුලේ, එහෙම නැති නිර්මාණ මම බාරගන්නේ නෑ,”

අපි දකිනවා ඔයා ගොඩක් වෙළඳ දැන්වීම්වල පෙනී ඉන්නවා, ඉතින් ඒ දැන්වීම් හරහා හඳුන්වාදෙන දේවල් ගැන ඔයා ජනතාවට වගකියනවද..? ”මෙහෙමයි මම ආවට ගියාට වෙළඳ දැන්වීම්වල රඟපාන්නේ නෑ, මම සාමාන්යෙන් කරන්නේ මම හඳුන්වාදෙන බාන්ඩ ගැන ගොඩක් හොයලා බලන එක, මොකද මම කිසිම වෙලාවක වැරදි දෙයක් සමාජයට දෙන්නේ නෑ,”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ මනීෂා, මේ දවස්වල හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඒකට හේතුව තමයි මනීශාගේ අලුත් ආදරය, මනීෂා කලින් යාළුවෙලා හිටියේ කළිඳු කරුණාරත්න සමග, කොහොම වුනත් මේ වනවිට ඒ ආදර කතාව් අවසන් වෙලා, දැන් මනීෂා තවත් පෙම්වතෙක් හොයාගෙන, ඔහු ජනප්‍රිය නළුවෙක්, කොහොම වුනත් මනීෂට පහුගිය දවසක ආව මැසේජ් එකක් නිසා ඇයට ටිකක් තරහා ගිහින්, ඉතින් ඒ මැසේජ් එකේ තිබ්බේ මේ වගේ කතාවක් ”තමුන් ගැන ලැජ්ජා වෙන්න. මොකද හලෝ ජීවිතය ටෙලිනාට්‍ය එකක දෙකක රඟපාල දෙරණ වගේ දෙකයි පනහේ චැනල් එකකින් පොඩ්ඩක් පිම්බුවම වැඩිය උඩ යන්න එපා. කළිඳු කියන්නේ අහිංසක මනුස්සයෙක්. තමුසෙ වගේ උන් ඔය ක්ෂේත්‍රයේ කොහොමත් 3,4 එක්ක නිදාගන්න එක සාමාන්‍ය දෙයක්” කියලා,

ඉතින් මේ මැසේජ් එකට මනීෂා දීලා තියෙන්නේ මේ වගේ පිළිතුරක් ”ඔබට අවශ්‍ය වූ අවධානය ලැබුණා සාර්ථකයි. තවත් උවමනා නම් ඔබේ කසාද බඳින වයසෙ ඉන්න සහෝදරියක් ඔහුට කසාද බන්දලා දෙන්න අනිවාර්යෙන්ම උණ හොඳ වෙයි” කියලා, ඒ වගේම මනීෂා ඇයට ලැබුන මැසේජ් එකේ ස්ක්‍රීන්ෂෝට් එකක් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා, ඉතින් මේ ගැන ඔයාට හිතෙන්නේ මොකද්ද..?