මම ගොඩක් සුදු නිසාම දක්ෂතාවය තිබ්බත් සමහර රංගන අවස්ථා ගිලිහී ගියා – අංජුලා රාජපක්ෂ

නව පරපුරේ සුරූපී රංගන ශිල්පිනියක් ලෙස අංජුලා රාජපක්ෂ කියන කලාකාරිනිය හඳුන්වන්න පුළුවන්. සමේ පැහැය ඒ වගේම ඇගේ හැඩය නිසි ආකාරව පවත්වාගෙන යන මේ සුරූපී රංගන ශිල්පිනියට අද වෙද්දි ගොඩක් දෙනෙක් ආදරේ කරන්න පටන් අරන්. . නමුත් ඇය මේ වන විට තාවකාලිකව කලා කටයුතුවලට සමුදීලා කාලය ගත කරනවා කියන්න ආරංචි වෙනවා. ඒකට මූලිකම හේතුව අංජුලා ආදරණීය පුතෙකුට උපත දෙමින් උතුම් මව් පදවිය ලබන්න වාසනාවන්ත වූ නිසයි.

සාමාන්‍යයෙන් කාන්තාවකට ලස්සන කියන දේ ඉතාමත් වැදගත්. ඒ නිසාම නිතරම වෙනස් වෙනස්වන ලෝකයත් එක්ක ලස්සනට ඉන්න උත්සාහ කරන චරිතයක් තමයි අංජුලා කියන්නේ. ඇය ඒ විදියට ලස්සනට ඉන්න කරන කියන දේවල් පිළිබඳව පුවත්පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණා. එහිදී ඇය සඳහන් කළේ,

“ලස්සන සමගම කාන්තාවකට තිබිය යුතු දෙයක් තමයි බුද්ධිමත් බව. අනිත් දේ තමයි හැසිරීම සහ කතා කරන විලාසය. මේ කිසිම දෙයක් නැතුව කාන්තාවක් ලස්සන වූ පමණින් ඇයට ලැබෙන දෙයක් නැහැ. මම සතියකට වරක් පිරිසිදුව ලබාගත් කෝමාරිකා මදය මුහුණේ ගාන්න මම පුරුදු වෙලා ඉන්නවා. කෝමාරිකා වලින් මූනේ ඇතිවන වෙහෙස කර බව නැති වෙනවා ඊට අමතරව ඉඳහිට වෙලාවක් ලැබුනහම කඩල පිටි වලට මී පැණි ස්වල්පයක් දෙහි බිංදු කීපයක් දාල අයිස් වතුරෙන් මිශ්‍ර කරලා මුහුණේ ආලේප කරනවා. ඒක විනාඩි විස්සක් විතර තියලා සෝදා හරිනවා මෙම ස්වභාවිත සත්කාරයෙන් සැමට නැවුම් බවක් ලැබෙනවා.”

නිතරම ලස්සන වෙන්න ඇය පාවිච්චි කරන්නේ ස්වභාවික දේවල්. ඇය කිසිම අවස්ථාවකදී කෘතිම දේවල් සමට භාවිතා කරන්නේ නැහැ කියලත් සඳහන් කළා. ඒ වගේම තමයි අද වෙද්දී බොහෝ දෙනෙක් හිතන්නේ පැහැපත් වුණු පමණින්ම රංගනයෙන් ඉදිරියට යන්න ඒක ලොකු වාසියක් කියලා. අංජුලා ඒ ගැන අදහස් දැක්වූයේ මේ විදියටයි,

“මම ගොඩක් සුදු නිසාම දක්ෂතාවය තිබ්බත් සමහර රංගන අවස්ථා ගිලිහී ගිය අවස්ථා තිබුණා. මුලදී මට ලැබුනේ වෙස්ටන් චරිත විතරයි. ආසාව තිබුනත් දක්ෂතාවය තිබුනත් චරිත රඟ දැක්වීමට අවස්ථාවක් ලැබුණේ නැති තරම්. දැන් කාලේ ළමයි අවුරුදු 12 ,15 වෙනකොට පේෂල් දානවා ක්ලීන්අප් කරනවා. තව සුදු වෙන්න කියලා දේවල් කරනවා ඇත්තටම අපේ තරුණ කාලේ නම් හම සුදු වෙන්න එවැනි දේවල් කරනවා කියලා දැනගෙන හිටියෙත් නැහැ. කොන්ඩෙ කලර් කරපු එකටත් ගෙදරින් මුලදි කැමැති වුණේ නැහැ”

ඉතින් ඇය ලස්සන විය යුත්තේ කෙසේද ලස්සන කාන්තාවක් සතු විය යුතු ගතිගුණ සහ හරි විදිහට අපි ලස්සන විය යුතුයි කියන කරුණු රැසක් පිළිබඳව අදහස් ඉදිරිපත් කරලා තිබුණේ ඒ විදියටයි. එදා වගේම අදටත් ඇය හරිම ලස්සනයි. ඉතින් ඒ විදිහටම තවත් බොහෝ කාලයක් ජීවත් වෙන්නට හැකියාව ලැබේවා කියා අපි හදවතින්ම ඇයට සුබ පැතුම් එක් කරන්නෙමු.