මගේ වාහනේට ලීසිං ගෙවන්න ඕන නිසා සංගීත්ට හරියට නින්දකුත් නෑ – දිනිති වල්ගමගේ

ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්‍ෂක ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ, අව්‍යාජ හදවතක් හිමි දිනිතිට ලංකාවේ හැමෝමවගේ ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන දිනිති වල්ගමගේවයි, දිනිති මොනවද අලුත් අවුරුද්දේ කරන්න ඉන්න වැඩ ”මට මේ අවුරුද්ද හරිම විශේෂයි මොකද කරන්න වැඩ ගොඩක් තියෙනවා ඒකට මම මේ දවස්වල සුදානම් වෙනවා, මම අනිත් වැඩ පොඩ්ඩක් පැත්තකින් තියලා මේ දවස්වල පොඩ්ඩක් මගේ පෞද්ගලික ජීවිතේට මුල්තැන දීලා තියෙන්නේ”

පිටපතක් ලැබුන සංගීත්ගෙන් අහලද ඒ නිර්මාණය බාරගන්නේ..? ”ඔව් ඉතින් දැන් අහන්න වෙනවා නේ, කලින් නම් ඇහුවේ තාත්තාගෙන්, දැන් මගේ භාරකාරයා වෙනස් වෙලා, ඒ වුනාට සන්ගීත්නම් මට කවදාවත් කියලා නෑ එහෙම කරන්න එපා මෙහෙම කරන්න, ඔයා ඕකට යන්න එපා, වගේ දේවල් එයා මට මගේ උපරිම නිදහස දීලා තියෙන්නේ, අර යුතුකමක් වශයෙන් අහනවා, එහෙම නැතුව එයා නීති දාන්නේ නෑ කියලා මම දන්නවා,”

දිනිතිට ආදරය සහ විවාහය කියන දේ දැනෙන්නේ කොහොමද..? ”මෙහෙමයි හරි කෙනෙක් මුණගැහුනොත් ආදරේ කියන දේ හරිම ලස්සනයි, මම කියන්නේ බාහිරින් ලස්සන අය ගැන නෙවෙයි හදවතින් ලස්සන අය ගැන, ආදරය කියන්නේ හරිම සංවේදී දෙයක්, ජීවිතේ විඳවන්නත් ජීවිතේ විඳින්නත් පුළුවන් ආදරේ නිසා, ආදරය කියන්නේ හරිම පරිස්සමින් කලබලයක් නැතුව තෝරාගන්න ඕන දෙයක් තමයි ආදරය කියන්නේ, අපි අඩු වයසින් පාලුයි තනියම ඉන්න බෑ කියලා කෙනෙක් තෝරාගත්තොත් පස්සේ කාලේ පසුතැවෙන්න වෙනවා, මට දැන් විවාහ වෙන්න හරිම කාලය ඇවිත් කියලා දැනුන නිසයි මම විවාහ වෙන්න යන්නේ,

දිනිති වෙඩින් එකට සූදානම් වෙන්නේ කොහොමද..? ”පය පහක් ඇතුලත ගන්න වෙඩින් එකකට ඇයි අපි ලොකු කාලයක් නාස්ති කරන්නේ, අනවශ්‍ය විදියට වියදම් කරන්නේ නැහැ, විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ වෙනස් වෙනවා නේ කියලා ඒ වෙනුවෙන් තමයි මම වැඩ කරන්නේ, එහෙම නැතුව වෙඩින් එක කියලා ණයවෙලා සෝබනේට ලොකු වෙඩින් එකක් ගන්න අපි දෙන්නටම ඕන නෑ, විවාහය කියනදේත් ජීවිතේට එකපාරයි ලැබෙන්නෙ ඉතින් ඒ ලස්සන දවස තමන්ට පුළුවන් විදියට වියදම් කරලා පොඩි දෙයකින් සතුටු වෙන එකයි වටින්නේ, මොකද සතුට තියෙන්නේ අත ළඟමයි ඉතින් අපි මේ වසරේ විවාහ වෙනවා,”

සංගීත් ගැන මොකද හිතෙන්නේ ”සංගීත් කියන්නේ එයාට එයාගේ ජීවිතේ මගහැරුණ කෙනෙක්, එයා දැන් තමයි ජීවිතේ පටන් අරගන්න හදන්නේ, එයා මාවත් හැම වෙලාවේම සතුටින් තියන්න උත්සහ ගන්නවා, සංගීත් කියන්නේ හරිම ආදරණීය චරිතයක්, එයා නිතරම බලන්නේ එයා එක්ක ඉන්න අය සතුටින් තියන්න, මාව යාලුවෙක් විදියට ආශ්‍රය කරන කාලයේත් සංගීත් එහෙමයි, සංගීත් මට ළඟදී වාහනයක් අරගෙන දුන්නා, එයා මට ඒක අරන් දුන්නේ කොහොමද කියන එක මම හොඳටම දන්නවා, එයා නිදිමරාගෙන තමයි මට මේ වාහනේ අරන් දුන්නේ, එයා පැය දෙකයි නිදාගෙන තියෙන්නේ, එයා පුදුම විදියට මහන්සි වෙන කෙනෙක්, මම හිතන්නේ සංගීත් කියන්නේ මගේ පිනට ලැබුන කෙනෙක්”