සල්ලි ප්‍රශ්න වලින් හිත නිදහස් කරගන්නෙ කොහොමද ?

අද අපි හැමෝටම වයස් භේදයකින් තොරව සමාජ තරාතිරමකින් තොරව ආර්ථික ප්‍රශ්න කියන දේ දැනිලයි තියෙන්නෙ.ඊට හේතුව වෙලා තියෙන්නේ අපෙ අතට ලැබෙන  මුදලට සාපේක්ෂව දරාගත නොහැකි විදියට අහස උසට වියදම් සැර වෙලා තිබීමයි. ඉතින් ඒ ප්‍රශ්නය තියන හැමෝටම අද අපි කියලා දෙන්නෙ තමන්ගෙ අතට ලැබෙන මුදල හරියට කලමනාකරණය කරගෙන , සල්ලි ප්‍රශ්න වලින් මිදෙන විදිය ගැන කතා කරන්නයි.ඔන්න එහෙනම් හැමෝම හොදට කියවලා අදම මේ ක්‍රම ටික පිලිපදින්න ඕන.

1) ඔයා දැනට ඉන්න මට්ටම.

ඉස්සෙල්ලම බලන්න ඔයාට ගෙවන්න ණය කොච්චර තියනවද, සාමාන්‍යයෙන් ඔයා අතින් කොච්චර වියදම් වෙනවද කියලා.ණය වෙලා නම් ඉන්නෙ ඉස්සෙල්ලම ඒ ටික ගෙවලා ඔලුව නිදහස් කරගන්න ඕන.

2) ඉලක්කයක් තියාගන්න.

ඔයා බලාපොරොත්තු වෙන ජීවිතය ගෙවන්න ඔයාට කොයිතරම් ආදායමක් මාසයකට ඕනද කියලා හිතන්න. ඔයාගෙ ජොබ් එකෙන් ලැබෙන ගාන ඇතිද ? නැත්තම් තමන්ගේ හැකියාවක් ඔස්සේ අමතර කීයක් හරි ගන්න පුළුවන් විදියක් හිතන්න. තමන්ට නිදහස් වෙලාවක් ඒ වෙනුවෙන් වෙන් කරගන්න.

3) ඔයාගෙ වියදම කොච්චරද බලන්න.

ඔයා අනවශ්‍ය විදියට වියදම් කරන කෙනෙක් නම් ඔයාගෙ ආදායම කොච්චර වැඩි වුනත් වැඩක් නැහැ. ඔයාගෙ මාසික වියදම් ,සතිපතා වියදම් මොනවාද බලන්න.ඒ අතරින් අනවශ්‍ය වියදම් තෝරගෙන ඊලග දවසේ ඉදන් කපාහරින්න පුළුවන් නම් ඔයා සාර්ථකයි.

4) ඔයා වෙනුවෙන් ගානක්.

වියදම් වලට ඔයාගෙ සල්ලි ගන්න කලින් වෙනම බැංකු ගිණුමක් ගානක් තැන්පත් කරන්න.ඒකට ATM හදන්න එපා.ඉතාමත් හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගන්න.

5) පිලිවෙලකට වියදම් කරන්න.

ඔයාට වියදම් කරන්න ඕන කොහොමද, අනවශ්‍ය වියදම් කපන්නෙ කොහොමද කියලා අවබෝධයක් තියනවානම් මොලේ පාවිච්චි කරලා වියදම් කරන්නෙ කොහොමද කියලා දන්නවා. ඒ වගේම ණයක් ගෙවන්න, අත්‍යවශ්‍ය දේකට වෙන් කරන්න තියනවනම් ඔයාගෙ වියදම් ගැන තිතටම හිතන්න වෙනවා.