මම 64 මායම් වලින් එකක්වත් දන්නේ නැහැ – තරින්දි ප්‍රනාන්දු

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන කී ටෙලිනාට්‍ය හරහා මෙන්ම උදයකාන්ත වර්ණසූරියගේ ගින්දරී 3 චිත්‍රපටය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර රංගන ශිල්පිනියක් තමයි තරින්දි ප්‍රනාන්දු කියලා කියන්නේ. ඉතින් ඇය පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇය ගැන බොහෝ දෙනෙක් නොදන්නා කරුණු කිහිපයක් ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් 2016 වසරේදී පැහැසාරා කියන ටෙලිනාට්‍යයේ උපමාලි කියන චරිතය හරහා තමයි මුලින්ම තරින්දි කළා ක්ෂේත්‍රයට එන්නේ. ඒ නිසාම අදටත් සමහරු ඇයට කතා කරන්නේ උපමාලි කියලාලු. ඉතින් ඒ වගේම ඇය 64 මායම් කියන්නේ මොකක්ද කියලවත් ඒ 64 මොනවද කියලවත් දන්නේ නැහැ කියලයි තරින්දි කියන්නේ. හැබැයි ගැහැණු ළමයෙකුගේ හැම ඇක්ෂන් රියැක්ෂන් හැම දෙයක් මායම් 64ට ඇතුලත් ඇති කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය පාසැල් යන කාලේදී ඇයට ආදරය ගැන ලොකු අවබෝධයක්වත්, ප්‍රේම සම්බන්ධතාවයක් ගැන ලොකු අවබෝධයක්වත්, ප්‍රේම සම්බන්ධතා තමයි විවාහය දක්වා යන්නේ කියලා කිසිම අවබෝධයක් වත් තිබුනේ නැති වුනාට ඒ කාලේ ආදරය කලා කියලයි තරින්දි කියන්නේ. ඒ වගේම ඇයගේ පළමු පෙම්වතා අද වෙද්දී විවාහ වෙලා හොඳ තැනක ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ ගැන ගොඩක් සතුටුයි කියලයි තරින්දි කියන්නේ. ඒ වගේම කවදාවත් ඇය ආදරේට වෛර කරන්නේ නැහැලු. ඉතින් ඇයට ආදරේ ඕන කියලා ආදරේ හොයාගෙන පස්සෙන් යන කෙනෙක් නෙවෙයිලු ඇය.

ඒ වගේම ගොඩක් අය කියනවානේ ලස්සන තියෙනකන් විතරයි කළා ක්ෂේත්‍රයේ වැඩ තියෙන්නේ. පුළුවන් කාලේ උපරිම හම්බ කරගන්න ටික තමයි ජීවත් වෙන්න ඉතුරු වෙන්නේ වගේ දේවල්. ඉතින් තරින්දි ඒ වගේ දේවල් විස්වාස කරන්නේ නැහැලු. මොකද හම්බ කරන්න පුළුවන් කාලයක් කියලා එකක් නැහැ කියලයි ඇය කියන්නේ. ඕනෑම කෙනෙක් මැරෙනකම් හම්බ කරන්න පුළුවන් කියලයි ඇය කියන්නේ.

ඉතින් ඒ වගේම ඇය ඇත්තටම ඇයගේ ඇඟට ආදරෙයි, ඇයගේ මුහුණට ආදරෙයි වගේම ඇයගේ පෙනුමට ගොඩක් ආදරෙයි කියලත් තරින්දි කියනවා. මොකද ඇයට වැඩ තියෙන්නේ ඇයගේ බාහිර පෙනුම එක්ක නිසා. ඒ වගේම ඇය දැනට වෘත්තීය විදිහට කරන එකම දේ රංගනය නිසා. ඉතින් ඒ වගේම ආදරය කරද්දී ඇය කවදාවත් කවවත් තදින් බැඳලා තියාගන්නේ නැති නිසා අවංකව ලඟින් රැදෙන්නත් නැත්තම් දාලා යන්නත් ඇය ඉඩ දීලා තියෙනවා කියලයි තරින්දි අවසාන වශයෙන් පවසලා තිබුනේ.