මට Transport එක දීපු ඩ්‍රයිවර් අයියා තමයි මම කසාද බැන්දේ – චතූ රාජපක්ෂ

චතූ රාජපක්ෂ කියන්නේ අපේ රටේ නවක පරපුරේ සිටින නැගී එන දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක්.රංගනයට පැමිණීමට පෙර ඇය සිරස නාළිකාව ඔස්සේ නිවේදන කටයුතු සිදුකර තිබෙනවා.පෞද්ගලික ජීවිතය ගැන කතා කරනකොට ඇය විවාහක වන අතර ඔවුන් දෙපලගේ දෙදෙනාගේ ඡායාරූප අපිට සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගැනීමට හැකි වෙනවා.

පසුගිය දිනයක දී ඇය තමන්ගේ සැමියා සමග එක්තරා සාකච්ඡාමය වැඩසටහනකට තමන්ගේ අපූරු ආදරෙයි තමන්ට ලැබුණු ආකාරය පිළිබඳව පවසා සිටියේ මේ ආකාරයටයි.

“ඇත්තටම මට මෙයාව ලැබෙන්නේ වැලන්ටයින් දවසේ.මෙයාගේ අයියා event organized කරන කෙනෙක්.මීට කලින් මට event ගොඩකට invite කරලා තිබුනට මට ඇත්තෙන්ම යන්න බැරි වුණා.2020 දී මට invite කරලා තිබුණා අපේ ලොකු ඉවෙන්ට් එකක් තියෙනවා ඒකට ගොඩක් ආර්ටිස්ට්ලා එනවා කියලා.මම කොහොමත් එකට යන්න හිතුවේ නැහැ.පස්සෙ බලනකොට තමයි දැනගන්න ලැබුණේ ඒක තියෙන්නේ තියෙන්නේ රාගම කියලා.ඊටපස්සෙ මම අයියට කිව්වා ඒක දුර තියෙන්නෙ මෙහෙමයි මට transport ප්‍රශ්නයක් තියෙනවා කියලා.ඊටපස්සෙ ඒක ප්‍රශ්නයක් කරගන්න එපා එයා transport දෙන්නම් කියලා කිව්වා.ඊට පස්සේ මම තව යාළුවෝ දෙන්නෙක් එක්ක මහරගම සැලෝන් එකක් ලඟට ගියා. එතකොට මාව එක්කගෙන යන්න ආපු ඩ්‍රයිවර් තමයි මගේ සැමියා.

ඊට පස්සේ වගේ යාලුවො තුන් දෙනක් එක මම මෙයාගේ වාහනේ ගියා.අපි ගිය පැය බාගයක් විතර ඒ ටිකට අපේ ගොඩක් කතාබහ කරලා ෆිට් වුනා.ඊට පස්සේ story එකක් දාන්න සෙල්ෆියක් ගන්නකොට මෙයා පැත්තකට වෙලා හිටියා.මට ඉතින් පව් හිතිලා කතා කලා.එදාම අපි ඩිනර් අවුට් එකකටත් ගියා.ඊට පස්සේ ඉතාමත් හොඳින් කතා බහ කරලා අපි හොඳ යාළුවෝ වගේ ඉඳලා දන්නේම නැතිව තමයි ආදරයක් බවට පෙරළුණේ.”