මගෙ දුක අහන්න ගිහින් අන්තිමේදී සජිත්ට මාව කරගහන්න උනා. – බේබි ශානිකා

ප්‍රසංග වේදිකාව තුළ බොහෝ දෙනෙක් ආදරය කරන ගොඩක් දෙනෙක්ගේ හදවත දිනා ගත්තු අති දක්ෂ ගායිකාවක් තමයි ශානිකා වනිගසේකර කියන්නේ. ඇය කලාවට එන්නේ අවුරුදු හයක පුංචි දැරියක කාල සීමාවේදීමයි.ඉතින් ඒ සියලු කැපකිරීම් වල ප්‍රතිඵලයක් විදිහට තමයි අද වෙද්දි බේබි ශානිකා කියන ආදරණීය නමින් බොහෝ දෙනෙක් ඇයව හඳුන්වන්න පටන් ගන්නේ.

ඇය විවාහ වෙලා මේ වන විට දරුවන් තිදෙනකුගේ සෙනෙහෙබර අම්මා කෙනෙක් වෙන්නත් වාසනාවන්ත වුණා. පවුලේ වැඩ කටයුතුත් එක්ක සංගීත වැඩ කටයුතු කරද්දී දරුවන් තුන්දෙනාගෙන් විශාල සහයෝගයක් ඇයට ලැබෙනවා ලු. අම්මව තේරුම් ගත්තු අම්මගෙ රැකියාව තේරුම් ගත්තු ආදරණීය දරුවන් තුන්දෙනෙක් ඇයට ඉන්නේ. ඒ නිසාම ගෙදර දොරේ වැඩපළ ගැන වුණත් ශානිකාට අමුතුවෙන් හිතන්න ඕනෙ නැහැ.

ඇයගේ ආදරණීය ස්වාමි පුරුෂයා ගැන කතා කරද්දි වයස අවුරුදු දාසයක් වෙද්දී ශානිකා නුවරට ගිහින් මට නුවරින් කොල්ලෙක් ඕනේ කියලා දළදා මාලිගාවේ ද එක්තරා ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් ඒ විදිහටම ඇයට නුවරින් ආදරණීය ස්වාමි පුරුෂයා ව මුණ ගැසුණා. මේ මුණ ගැසීම සිද්ධවෙන්නේ හරිම අමුතු විදිහට. ඒ තමයි ඇයට ප්‍රථම ආදර කතාවක් තිබිලා තියෙනවා ඒ ආදර කතාව ඒ වෙද්දි breakup වෙලා. ඊට පස්සේ තමයි දැන් ඇය විවාහ වෙලා ඉන්න සජිත් ඇයට හම්බ වෙන්නේ. ඒ ගැන ශානිකා කිව්වෙ මේ වගේ කතාව.

“සජිත් මගේ පළමු පෙම්වතා ගෙ යාළුවා මගේ ආදර කතාව නැති වුණාට පස්සේ සජිත් තමයි මගේ දුක අහපු කෙනා. අන්තිමට හිතපු නැති විදිහට අපි දෙන්නා යාළුවො වුණා. කොහොමත් මට වැඩිපුර හිටිය පිරිමි යාළුවෝ ඒ නිසා මම එයාලගේ සිතුම් පැතුම් තේරුම් අරන් හිටියේ. සජිත් හරියට මගේ තාත්ත වගේ මම ගැන හෙව්වා බැලුවා දවසක් එයා මට විවාහයට යෝජනා කළා. විරහ වේදනා විඳලා තිබ්බ නිසා මට බය හිතුනා මම සජිත්ට කිව්ව මගේ අම්මට තාත්තට කියන්න කියලා. ඊට පස්සේ අවුරුදු විසි දෙකේදී එයාට ආදරෙයි කිව්වා 23 විසි තුනේදී විවාහ වුණා. මගේ දුක අහන්න ගිහින් අන්තිමට එයාට මාව කර ගහන්න ඕනා”

ඒ විදියට අදහස් දක්වන ඇය සඳහන් කරන්නේ එදා කරපු ප්‍රාර්ථනා නිසා වෙන්න ඇති මේ වගේ හොඳ සැමියෙක් ඇයට ලැබුණේ කියලයි. ඉතින් තවත් බොහෝ කාලයක් ආදරණීයයන් විදිහට ජීවිතය තුළ ජීවත් වෙන්නට ඔවුන්ට හැකියාව ලැබේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.