මගේ පස්සෙන් ගොඩක්ම එන්නේ වයසක අංකල්ලා – නිලුෂි පවන්‍

රංගන ශිල්පිනියක විදියට බාල මහලු සිත් සැනෙකින් වශී කරනගන්න සමත්වුණ සුන්දර රංගන ශිල්පිනියක් තමයි නිලුෂි පවන්‍යා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න නිලුශි සමගයි, නිලුෂි හැමෝම ඔයාට කතා කරන්නේ වින්ඩි කියලා නේද..? ”අනේ ඔව් මට හැමෝම කියන්නේ වින්ඩි කියලා, ලඟදි මම වෙඩින් එකකට ගියා, ඒ වෙඩින් එකේ හිටපු පුංචි බබෙක් මගේ ලඟට දුවගෙන ඇවිත් අහනවා ඔයා නේද වින්ඩි ආන්ටි කියලා, මම ෆිල්ම් එකෙක්ට ගිය වෙලාවකත් අම්මා කෙනෙක් මගේ ලඟට ඇවිත් කිවුවා වින්ඩි පොඩ්ඩක් ඉන්න අපේ බබා ඔයා දැක්කොත් ගොඩක් සතුටු වෙයි කියලා ගිහින් දරුවා එක්කගෙන ආවා, ඒ දුව මාව දැක්ක ගමන් කිවුවා ආ.. මේ ඉන්නේ වින්ඩි ආන්ටි නේ කියලා, සතුටුයි එහෙම ප්‍රතිචාර ලැබෙද්දී”

ඇත්තද නිලුශිට වැඩිපුරම ආදර යෝජනා එන්නේ වයස්ගත අයගෙන් කියන්නේ ”එහෙමම නෑ, හැබයි මෙහෙමයි සාපේක්ෂව බැලුවොත් ඒ කතාවේ වැරද්දක් නෑ, මට වැඩිපුරම ආදර යෝජනා එන්නේ මට වඩා අවුරුදු නවයක් දහයක් වැඩි අය තමයි ආදරයෝජනා කරන්නේ, හැබැයි අංකල්ලා වගේම මල්ලිලත් මට ගොඩක් ආදර යෝජනා ගෙනාවා, සමහර අය මගේ වයස දන්නේ නැතුව ආදරයෝජනා අරගෙන එවනවා බැලුවම එයා මල්ලි කෙනෙක්, ඉතින් මම එයාට තේරුම් කරලා දෙනවා ඒ ගැන”

එච්චර ආදර යෝජනා ඇවිල්ලත් තාම නිලුෂි තනිකඩයි නේද..? ”ඔව් හැබැයි ඒකට හේතුවක් තියෙනවා, මම අවුරුදු තුනක් කෙනෙක්ට හදවතින්ම ආදරේ කළා, එයා වෙනුවෙන් ගොඩක් කැපකිරීම් කළා, හැබැයි අපිට අපේ නොගැලපීම් නිසා වෙන්වෙන්න සිද්ධවුනා, ආදරේ කරද්දී වැඩියෙන්ම තියෙන්න ඕන දෙයක් තමයි විශ්වාසය කියන්නේ, ඒ දේ නැති වුනාම පොඩි දෙයක් වුනත් රන්ඩු වෙනවා, මම සම්බන්දය නතර කරන්න ප්‍රධානම හේතුව තමයි ඒක, එයා මාව සෑහෙන්න රිද්දුවා, මාව පහත් කළා වේදනාවට පත්කලා, ඉතින් දැන් මම තනියම මගේ ජීවිතේ ඉදිරියට අරගෙන යනවා”