මුල් කාලෙනම් ඒවා දැක්ක ගමන් අත ගියා අමාරුවෙන් නවත්ත ගත්තා – නිලුෂි පවන්‍

නිරූපන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුල දැක ගන්න ලැබෙන ඇය මේ දිනවල විවිධ නාලිකා ඔස්සේ එකිනෙකට වෙනස් වුණු චරිත හරහා අපි අතරට එනවා. ඇය තමයි සුරූපි රංගන ශිල්පිනි නිලුෂි පවන්‍යා. ඇයව මේ දිනවල දැක ගන්න පුලුවන් හිරු නාලිකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන ‘දිවිතුරා’ ටෙලිනාට්‍යයේ වින්ඩි විදියට.

ඒ විදියට කලාව ලස්සන කරන්න දායක වෙන නිලූෂි ගැන සමාජ මාධ්‍ය හරහා විවිධ කතා අසන්නට ලැබුණා. ඒ ප්‍රේක්ෂකයන් බොහොමයක් සිතා සිටියේ ඇය සුකොපබෝගී ජීවිතයක් ගත කරනවා කියලයි. නමුත් ඇය කියන්නේ ලොකු දුකක් විදලා මේ තැන ඉන්නවා තවමත් වාහනයක් නෑ කියලයි.

ඉතින් කවුරුත් දන්න කාගේත් ආදරයට බදුන් වන නිලූෂි ගැන ගොඩක් දෙනෙක් නොදන්න දෙයක් අපිට පසුගිය දිනක දැනගන්න ලැබුණා. ඒ ඇය එක්තරා රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී දැක් වූ අදහසක්.

” මම දැන් අවුරුදු 14ක ඉදන් මස් මාළු මොකුත්ම කන්නේ නෑ. වෙජිටේරියන්. බිත්තර දාන නිසා කේක් කන්නෙත් නෑ. ඕලෙවල් කාලේ තමයි නැවැත්තුවේ. මුල් කාලේ නම් ටිකක් අමාරු වුණා. මොකද මම චිකන් කන්න ඔම්ලට් කන්න ආස නිසා. ඒවා දකිද්දි අත ඉබේම යනවා. නමුත් මම හිතලම ඒක නැති කරගත්තා. දැන් නම් ආසාවක් හිතෙන්නෙ නෑ. කන්නෙ නෑ. කන්න පුලුවන්. ඒත් කන්නෙ නෑ.”