මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැ.නිකන් ඉන්න එපා මොනවා හරි කරන්න -පියුමි හංසමාලි

පියුමි හංසමාලි ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදීම් කරන්න අවශ්‍ය නැහැ. නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් වන ඇය ගැන නිරන්තරයෙන් සමාජ මාධ්‍යවල විවිධ පුවත් සංසරණය වෙනවා. 

පියුමි ඊයේ ඇගේ ෆේස්බුක් ගිණුමේ කුඩා ඔන්ලයින් ව්‍යාපාර කරන කාන්තාවන්ට අපූරු සටහනක් පල කරලා තිබුනා. පහත දැක්වෙන්නේ ඒ සටහනයි.

“මට කිසිම කෙනෙක් එක්ක තරගයක් නැ. මට තරගය තියෙන්නෙ මාත් එක්ක විතරයි.. ජිවිතෙ කිසිම දවසක හොදට කාලා බිලා හොද වාහන වල යන. අයට ඉර්සියා කරන්න එපා. එවා දැකලා සතුටු වෙන්න. ලස්සන හදවතින් හිතන්න. හරියට මෙ මම ව⁣ගෙ. දවසක අපි ආසා කරන සැම දෙම අපිට ගන්න ලැබෙයි.

උඩ දෙවි කෙනෙක් ඉන්නවා එයා සැමදෙම බලන් ඉන්නෙ. ⁣කිසිම කෙනෙක් නිකං ඉන්න එපා මොනා මොනා හරි online business එකක් හරි පටන් ගන්න. එකක් නෙවෙයි. පුලුවන් තරම් ⁣මොනා මොනා හරි පටන් ගන්න. සැම කාන්තාවක්ම පුලුවන් විදිහට. මම ආසයි මම වගෙම ඔයාලාත් business කරලා ඉස්සරහට යනවට. හරි දෙයක් කරන්න Skin සව්ත්තු වෙන්නෙ නැති විදිහට ඉගෙනගෙන දෙවල් කරන්න. මොකද පවු skin එකක් ඩැමෙජ් උනොත්.

ඔනැම අලුත් business කරන අයට මගෙ Instagram එක තියනවා එකෙ 2 M ඉන්නවා. ඔයාලාගෙ මොනා හරි post කරන්න ඔනෙ නම් කියන්න මම උදව් කරන්නම්. මට සල්ලි එපා. Small business start කරපු අය වෙනුවෙන්. මම මට පුලුවන් විදිහට පිහිට වෙනවා.

ඉස්සර නම් ඒ promotionsවලට සල්ලි ගත්තා මම .එ කාලෙ මටත් සල්ලි නැ. මම Instagram එකෙන් ගොඩාක් සල්ලි හෙව්වා. ඉතිං මෙ කාලෙ හැමොටම ආමාරැ කාලායක්. ඉතිං අපි පුලුවන් විදිහට කාටකාට හරි පිහිට වෙමු.???? එතකොට මෙ ලොකෙ තව ලස්සන වෙයි.”