මාව දැක්කම සමහරුන්ට මතක් වෙන්නේ වෙන වෙන දේවල් – උදයන්ති කුලතුංග

අපේ කළා ක්ෂේත්‍රය තුල දැකගන්න ලැබෙන සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන්ම කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය වගේම සුරූපී රංගන ශිල්පිනියක් තමයි උදයන්ති කුලතුංග කියලා කියන්නේ.

ඉතින් ඒ වගේම පුංචි තිරය ඔස්සේ ප්‍රේක්ෂකයින්ගේ ආදරය නොඅඩුව දිනාගත් රංගන ශිල්පිනියක් විදිහටත් ඇයව හදුන්වලා දෙන්න පුළුවන්. ඒත් එක්කම ඇය සතු රංගන දක්ෂතාව නිසාම ඇය නිරූපණය කළ චරිත ගණනාවක් නිසා අදටත් ඇයට බොහෝ ප්‍රේක්ෂක පිරිසක් ආදරය කරනවා.

කොහොම නමුත් කාලයක් ඇය මාධ්‍යවල පුවත් මවන චරිතයක් බවටත් පත් වුණා. දැන්නම් එහෙම නැහැ නිර්මාණාත්මක නැහැ, හරියට තේරුම් ගන්න බැහැ මොකක්ද කරන්න තියෙන්නේ කියලා. ඇත්තෙන්ම දැන්නම් මෙගා නාට්‍ය වල චරිත කරන්න අමාරුයි කියලා හිතුන නිසා ඈත් වෙලා ඉන්නවා.

දැන්නම් ආයෙත් ටිකක් හොඳ දේවල් බිහිවෙනවා කියලා හිතෙනවා. මාණික්කාවත ටෙලි නාට්‍යය විකාශය වෙන්න පටන් ගත්තා, දැන් ඉන්න නලු නිළියන්ට ලෙහෙසියෙන් නිදහසක් ලැබෙන්නේ නැහැ දැන් වෙද්දී සීන්ස් 19ක් 20ක් විතර දවසට කරනවා ගෙදර එනකොට ඔළුව කැක්කුමයි.

ඒ නිසා විවාහයත් එක්ක මම කලාවට සමුදුන්නා කියන කතාව මම ප්‍රතික්ෂේප කරනවා. මොකද කෙනෙක් නිළියක්ව විවහා කරගන්න කැමති වෙනවා නම් නිලියක් කියන්නේ කවුද කියන දේ ගැන අවබෝදයක් තියෙන්න ඕන.

මිනිස්සු මොනවා කිව්වත් ඔයාගේ තීරණ වෙනස් කරන්න එපා, හැකියාව සහ දක්ෂතාවයක් තියනවා නම් ඉදිරියට යන්න පුලුවන්.

අනිත් එක උදයන්ති කිව්වම සමහරුන්ගේ හිත් වල වැරදි වැටහීම් ඇතිවෙනවනේ මට අවශ්ෂ්‍ය වෙන්නේ හොඳ නිර්මාණ තුලින් ඇත්තටම උදයන්ති කියන්නේ කවුද කියලා