මම රඟපාන චරිත වෙන අයත් එක්ක වට වෙලා බලන්න මට ලැජ්ජයි – චන්දිමා කරුණාදාස

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන පාර දිගේ ටෙලිනාට්‍යයේ ඩාලින් අක්කාගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම ප්‍රවීණ රංගන ශිල්පිනියක් තමයි චන්දිමා කරුණාදාස කියලා කියන්නේ. කොහොම නමුත් ඩාලිං අක්කගේ චරිතයේදී ඇයගේ කියවිල්ලේ ඉවරයක් නැති වුනාට ඇය පාසල් ජීවිතයේ හරිම නිහඬ, තමන්ගෙ පාඩුවේ හිටපු ළමයෙක් කියලයි ඇය කියන්නේ.

ඒ වගේම පාසලේදී ඇය එහෙම රණ්ඩු කරන චරිතයක් නෙමෙයි කියලත් ඇය කියනවා. ඉතින් යාළුවෝ එක්ක එකතුවෙලා හිටියට ඇය ඒ කාලෙ එහෙම ඒ තරම් සමාජශීලී කෙනෙක් නෙමෙයිලු. හැබැයි ඇය ඇයගේ අධ්‍යාපන කටයුතුවලට මුල්තැන දීලා තියෙනවා. ඇය ඉගෙන ගත්තෙ පූනෑව මහ විදුහලෙයි. ඊට පස්සෙ ඇය මැදවච්චිය මෛත්‍රීපාල සේනානායක ජාතික පාසලෙන් වැඩිදුර අධ්‍යාපනය ලබලා තියෙනවා.

ඒ වගේම විශ්වවිද්‍යාලයේ ඇයගේ විෂය වුණේ නාට්‍යකරණයයි. ඒ නිසා සෞන්දර්ය විෂයන්ට අදාළව සින්දු කියන්න තමයි ඇයට සිදුවෙලා තියෙන්නේ. ඒ වගේම පොඩි පොඩි නාට්‍ය කොටස් කරන්න තිබුණා කියලත් ඇය කියනවා. හැබැයි ඒවා හරිම සුන්දර සිදුවීම් කියලයි චන්දිමා කියන්නේ. ඒ වගේම ඇයට විශ්වවිද්‍යාල ජීවිතය නිසා නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒත් එක්කම විශ්වවිද්‍යාලයේදි නාට්‍ය හා රංග කලාව විශේෂ උපාධිය තෝරාගනිද්දි අවුරුද්දකට නිර්මාණයක් කරන්නම ඕනෙලු.

ඒ නිසා පළමු වසරේ ඉඳිද්දි ඇයට කෙටි නාට්‍ය කරන්න තිබුණ නිසා ඒක තමයි ඇයගේ ජීවිතේ පළමු රංගනය වුණේ. ඉතින් ඒ වගේම ඇය රඟපාන චරිතයක් තවත් කට්ටිය එක්ක බලන්න අදටත් ඇයට හරි ලැජ්ජයි කියලයි ඇය කියන්නේ. ඇයට ඒ රංගනය නිදහසේ බලන්නලු ඕනෙ. ඉතින් අදටත් ඩාලිං අක්කව තවත් පිරිසක් එක්ක බලන්න ඇයට ලැජ්ජයිලු. ඒ නිසා ඇය බොහෝ වෙලාවට ඒ නාට්‍ය බලන්නේ යූ ටියුබ් එකෙන් කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.