සමිතා මේ කල දෙය අමුතු දෙයක් නෙමෙයි. අපේ සමාජයේ ඕන තරම් මේ විදියට කරපු අය ඉන්නවා – නිරෝෂා විරාජිනි

හිරු නාලිකාවේ ජනප්‍රිය රියැලිටි තරගාවලියක් වන ‘හිරුස්ටාර්’ මේ වන විට මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙනවා.. මෙහි විනිසුරු මඩුල්ල නියෝජනය කරන එකම කාන්තා නියෝජනය තමයි නිරෝෂා විරාජිනි කියන්නේ.

ඉතින් නිරෝෂා විරාජිනිගේ සමකාලීන් තවත් දක්ෂ ගායිකාවක් තමයි අපි කවුරුත් දන්න සමිතා මුදුන්කොටුව කියන්නේ. මේ ගායිකාවන් දෙදෙනාම එක ලෙස ජනප්‍රිය වගේම දක්ෂ දෙදෙනෙක්. ඉතින් ගායන ක්ශේෂ්ත්‍රය තුළ ඒ විදියට ගත්තම ඔවුන්ගේ පෞද්ගලික ජීවිතයත් ඔවුන්ට ආදරේ කරන ප්‍රේක්ෂකයාට අමුතු දෙයක් නොවෙයි.

සමිතා මුදුන්කොටුව ඇයට වඩා වසර ගණනාවක්ම බාල කෙනෙක් සමග අත ගත්ත පුවතත් එක්ක සමාජය කැළඹිලා සමිතට නොයෙකුත් දේ කියනවා සමාජ මාධ්‍ය හරහා අපි දුටුවා. ඉතින් ඇය චිරන්ත සමගින් එක් වුණු එක ගැන සමිතාගේ හිතවතියක් වන අපි කවුරුත් ආදරේ කරන නිරෝෂා විරාජිනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ මේ විදියටයි. ” සමිතට මිනිස්සු එක එක ජාති කිව්වා.

හැබැයි මේ කතා කියපු එක් කෙනෙක්වත් එයාගේ දුක බෙදා ගන්න ආවේ නෑනේ. අපි ජනප්‍රිය කට්ටිය වුණාට පෞද්ගලික ජීවිතේ යම් යම් තැන් සපුරගන්න ඕන. එතනදි සමිතා මේ කල දෙය අමුතු දෙයක් නෙමෙයි. අපේ සමාජයේ ඕන තරම් මේ විදියට කරපු අය ඉන්නවා. නමුත් සමිතා ජනප්‍රිය නිසා හැමෝම දැන ගත්තා. ලිදේ ඉන්න මැඩියො වගේ මානසික මට්ටමක් තියාගෙන ඉන්න මිනිස්සු ඉන්නකොට මෙහෙම තමයි.”