මගෙ දෙවෙනි මහත්තයා තර්ජනයා කලා දෙවනි කොටස ලිව්වොත් බලාගෙනයි කියලා – අනෝමා ජනාදරී

“තනි තටුවෙන් පියාඹන්න” කියන ආන්දෝලනාත්මක චිත්‍රපටයේ පූර්ණ නිරු*වත පෙන්වමින් සිනමාවේ පෙරළියක් කළ අනෝමා ජනාදරී, අනතුරුව නිරු*වත් සහ ලිං *ගික චරිත රැසක්ම නිරූපණය කළා. කෙසේ වෙතත්, ඇය එම චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයාට, එනම් සිය හිටපු සැමියාට දොස් නඟන්නට වූයේ තමන්ට නිසි වටිනාකමක් නොදුන් බව කියමිනු යි.

ඉන් නොනැවතුණු ඇය පුවත්පත් මාධ්‍ය හරහා මෙන්ම සිය කෘතීන් හරහා ද හිටපු සැමියා ගැන ලෝකයට අනාවරණය කළා. ඇගේ පළමු කෘතිය වන පුනරුක්ති කෘතියේ ඇය සිය කුඩා කල අත්දැකීම් බොහෝමයක් ලියා ඇති අතර, එහි අඩංගු ලිං *ගික කාරණාද මහත් ආන්දෝලනයට තුඩු දුන්නා.

පසුගිය දවසක එම කෘතිය සම්බන්ධයෙන් ඇය යූටියුබ් නාලිකාවකට මෙසේ අනාවරණයක් කර තිබුණා.

“පුනරුක්ති ලිව්වට පස්සෙ මට ගැරහිලි තර්ජන ආවා.. මම ඒකේ ලිව්වේ මගේ පවුලේ බාප්පා, අම්මා, තාත්තා, පුංචි, නංගි ගැන.. හැබැයි එකදෙයක් කියන්න ඕනේ. මම මේ ලියපු එකදු වචනයකටවත් මට මගේ පවුලේ කිසිම කෙනෙක් අනර්ථයක් දැක්වුවේ නෑ. මාව අපහසුතාවට පත් කළේ නෑ.

ඕනේ නම් ඒගොල්ලන්ට ෆයිට් කරන්න තිබ්බා. නමුත් එයාලා ඇත්ත දන්නවා. නමුත් මම අකුරකින්වත් සිදුවීමක් සඳහන් නොකරපු මගේ හිටපු සැමියා, මගේ අනුදැනුමකින් තොරව පළ කළා ‘දෙවනි කොටසට පෙර’ කියලා, ලිපියක්, රාවය පත්තරයට. දෙවනි කොටස ලිව්වොත් බලාගෙනයි මාව හිරේ දානවා කියලා.

මම කිව්වා මම ලිව්වෙ මගෙ කතාව, දෙවැනි එකත් මම ලියනවා පුලුවන් නම් මාව හිරේ දාන්න කියලා.. හැබැයි මගේ හිටපු සැමියා මට තර්ජනය කළා. මම ඒකට මූණ දුන්නා. මම කැමතියි හිරේට යන්න, මොකද මම ලිව්වේ, මේ රටේ ජීවත් වුණ සුවහසක් ගැහැනු දරුවන්ගේ කතාව….”