රංඟනයෙදි විශ්ව අයියව කිස් කරන්න උනා.මගේ සැමියා මාව නීති රීති දාලා කොටු කරලා නෑ – චතූ රාජපක්ෂ

ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වුණු ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වුණු ‘බන්ධනා’ ටෙලිනාට්‍යයේ දිවිත්ව චරිත රංගනයක යෙදුනු චතූ රාජපක්ෂ මේ වන විට ජනප්‍රිය රංගන ශිල්පිනියක්. . ඉතින් පුංචි තිරය වගේම සිනමාව තුලිනුත් හැමෝගෙම ආදරය ලබා ගන්නට සමත් වුණු චතූ රංගනයෙන් දායක වුණු සිනමා නිර්මාණයක් තමයි ‘දගේම්’ චිත්‍රපටය.

මෙම චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගනයෙන් දායක වුණු චතූ මේ වන විට විවාහක කාන්තාවක්. දෙස් විදෙස් සංචාරයේ යෙදෙමින් සතුටින් සැහැල්ලුවෙන් කාලය ගත කරන චතූ ඇගේ සැමියා ගැන කිව්වේ මේ වගේ අදහසක්.

” මගේ සැමියා මාව නීති රීති දාලා කොටු කරලා නෑ. විවාහ වුනාට පස්සේ තමයි මම නිදහසේ රංගනය කරන්නේ. මට බන්ධනා ටෙලිනාට්‍යයේ විශ්ව අයියත් එක්ක සිප වැලදගැනීම් රංගනය කරන්න තිබ්බා. ආදරේ කරද්දි ලංවෙලා හිතට දැනෙන්න කරන්න ඕනනේ.

සමහරක් අය ඒ දර්ශන දැකලා මට කියලා තිබුණා මගේ හස්බන්ඩ් සහ විශ්ව අයියගේ වයිෆ් කොහොම ඉන්නවද කියලා. ඒ ගොල්ලො දන්නවා අපි කැමරාව ඉදිරියේ කරන රගපෑමක් විතරයි කියලා.