සියට දාහක් ශුවර් සතුටින් ඉන්න අයට මම ඉරිසියා කරලත් නෑ,කරන්නෙත් නෑ – චන්දිමාල් ජයසිංහ

අපේ රටේ නම ගියපු රූ රැජින තරගාවලින් වලින් ජාත්‍යන්තර තලයකට රැගෙන යන තරග අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන චන්දිමාල් ජයසිංහ මහතා සැලෝන් චන්දිමාල් හී නිර්මාතෘද වෙනවා.ඔහු අපේ ගොඩාක් අය අතර ජනප්‍රියත්වය ට පත්වුනෙ ඔහුගේ උපන්දිනයන් සදහා වාර්ෂිකව පවත්වන රෝයල් බර්ත්ඩේ පාටි නිසයි.ඒ වගේම ඔහු අපේ පියුමි හංසමාලි ගේ හොදම මිතුරාද වෙනවා.

ඒ වගේම චන්දිමාල් නිරන්තරයෙන් තම ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ ඉතාමත් ධනාත්මක සටහන් එකතු කරමින් අන් අයහට හොද බලපෑමක් සිදුකිරීමට උත්සාහ කරනවා.පසුගිය දිනෙකද ඔහු එවන් අපූරු සටහනක් පල කල තිබුනා.

එය මෙලෙසිනි …

“මං හරි ආසයි යමක් පැරදුන මනුස්සයෙක් ඒක කිහිපවාරයක් හරි උත්සාහ කරලා ජයග්‍රහණය කරනවා බලන්න.

මොකද මං හරි ආසයි දුක් විඳපු , කටු කාපු, මහන්සි උන, පැරදුන , වේදනාවට ලක්වෙවී ජීවිතේ ඇදන් ගියත් , පරාජය බාර නොගත්ත ඒ ධෛර්යවන්ත මිනිස්සුන්ට හරියනවට.

මං හරි ආසයි එහෙම මිනිස්සු පොඩි හරි දෙයක් ලබාගෙන සතුටු වෙනවා බලන්න !

සීයට දාහක් ශුවර් කිසිම දවසක මට සතුටින් ඉන්න මනුස්සයෙක් දැකලා ඉරිසියාවක් නම්  ඇතිවෙන්නේ නෑ ! මොකද මට ඒ කා එක්කවත් තරඟයක් නෑ … මට ඕන මිනිස්සු  හැමෝම දිනන්න..

මට ඕන හැමෝටම ආදරෙන් සතුටින් ඉන්න !”