ඊජිප්තුවෙන් සොයාගත් නවතම මමිය ලෝකයක් පුදුම කරවයි

අපි දන්නවා ලෝකයේ විවිද ශිෂ්ඨචාර තියෙනවා. ඔය අතරින් ඊජිප්තුව කියලා කියන්නෙම කතා කරලා ඉවර කරන්න බැරි ලොකු ඉතිහාසයක් තියෙන ශිෂ්ඨචාරයක්. ඊජිප්තුව ගැන කියද්දී අපිට අමතක කරන්නට බැරිම දෙයක් තමයි පාරාවෝ සහා මමී කියලා කියන්නේ. අද අපි ඔයලට ගෙන එන්න සුදානම් වන්නේ හරිම අරුම පුදුම සිදුවිමක් ගැන මේ මමී සමග බැදුන. එහෙනම් එකතු වෙන්නකෝ අපිත් එක්ක.

පළවෙනියට කිවා වගේ මේ කතා කරන්න හදන්නේ හැමදාම අපිට අහන්නට ලැබෙන සුලබ මමී ගැන නම් නෙවෙයි. මේ ලොව ප්‍රථම වරට ඊජිප්තුවෙන් හමු වූ ග්ර්බනි මමීයයි. විශ්මිතයි නේද එහෙනම් යමු මේ ගැන වැඩි විස්තර දැන ගන්නට., ඔක්කොටොම කලින් මොකක්ද මේ මමියක් කියලා කියන්නේ දන්වද සරලව කියන්නම්කො. අතීතයේ මියගිය පුද්ගල ශරීර සංරක්ෂණය කරන ක්‍රම වේදය තමයි මමීකරණය කියලා කිවේ …

ඉතින් මේ ඊජිප්තුවෙන් හමු වූ මමියේ වයස කොයි තරම් කියලද හිතන්නේ. වසර 2000කටත් වඩා වැඩි … ඉතින් පර්යේෂකයින් අනවරණය කරගත්ත තොරතුරු වලට අනුව මේ ග්ර්බනි මව මියගොස් තිබුනේ ඇගේ කුසට සති 28 හෝ 30 ක් වැනි කාල පරාසයක් තුලයි. මේ ම්මියේ වැඩිදුර පර්යේෂන කටයුතු සදහා පෝලන්තයේ ව්ර්සෝ විශ්විද්යාලයට රැගෙන යනවා.ඒවගේම ඇය මිය ගිහින් තියන්නේ ඇයට වයස අවුරුදු 30 දී කියලයි ඔවුන් අන්වර්ණය කලේ…

මේ මමිය හා බැදුන තවත් විශ්මිත දෙයක් සිදුවෙනවා. ඒ මොකක්ද දන්නවද 2022වසරේදී මෙම මමියේ සිටි කාන්තාවගේ සැබෑ මුහුණ ප්‍ර්තින්ර්මනය කරන්නට විද්යන්න්යින් හැකි වීමයි. ,මෙය විශාල තාක්ෂණික ජයග්‍රහනයක් විදියටයි සැලකෙන්නේ .,නිකමට ඔයාලත් හිතලා බලන්නකෝ ඒ ගැන ..

මේ විදියට මමියක සැබෑ රුපය කොයි වගේද කියලා ලෝකයට අනවරණය කලෙත් ප්‍රතමවරටයි ..එහිදී පෝලන්ත පර්යේෂකයින් පියවර ගෙන තිබෙන්නේ මමී කරණයේදී සංරක්ෂණය වූ පටක සහා හිස්කබලේ ශේෂ වූ කොටස් උපයෝගී කරගනිමින් මේ දැවැන්ත සොයාගනීම කරන්නටයි ..

ඒ විතරක්ද මේ මිමිය ස්කෑන් පර්යේෂණ සදහා යොමු කිරිම්දී අයගේ අප්‍රාණික ශරීරයේ අවයව වල ස්ව්රුපයත් ප්‍රාණයක් නොමැති දරු කුසත් හොදින් දර්ශනය වෙලා තියෙනවා. එත් ඇයගේ ශරීරයේ ආම්ලික වූ රුදිරය නිසා දරු ගැබේහි අඩක් විනාශයටද පත්වෙලා තිබුනා. බලන්න ඉතින් වසර 2000ක් පමණ පරණ මමියක සැබෑ රුපය ලෝකයට හදුන්වා දෙන්නට තරම් අද තක්ෂණය කොයි තරම් නම් දියුණුද ..

ඉතින් මේ වගේ ලෝකයේ විශ්මිත වූ සිදුවීම් ඔයලට සමීප කරන්නට අපි බලාගෙන ඉන්නවා. එහෙනම් අදට සමුගන්නවා