ඔබට නොගැලපෙන පෙම්වතාගෙන් ඈත් වෙන්න බැරි හේතු

නොගැලපෙන සහකරුවෙකුව ඔබේ මුළු ජිවිතයම බෙදා ගැනීම වෙනුවෙන් තෝරා ගැනීම හරිම අවදානම් සහගත වැඩක්. ඔබේ ජිවිතයේ ඉදිරි වසර ගණනාවම ඔබ අනතුරේ හෙලා ගන්නටයි එයින් සැරසෙන්නේ. ගොදල් කාන්තාවන් තමාගේ පෙම්වතා තමාට නොගැලපෙන බව දැන දැනම ඔහු මත්තෙම එල්ලී සිටිනවා. එය අර්ථ විරහිත සහ හානිකර ක්‍රියාවක්.

පෙම්වතාගේ විශේෂ ලක්ෂණ වලට ඔබ ඇලුම් කිරීම

ඔබට මුලින්ම ඔබේ පෙම්වතාට හිත යන්නට ඇත්තේ ඔහුගේ විශේෂ ලක්ෂණ නිසායි. ඉතින් ඔහු ඔබට මොන තරම් නපුරු විදිහට සැලකුවත්, ඔබට ඒ ලක්ෂණ මතක් වෙනකොට ඔහුව අත හරින්නට ඇති ශක්තිය හීන වී යනවා. නමුත් ඔබ හොඳින් නිරීක්ෂණය කල යුතු දෙයක් තිබෙනවා. ඒ ඔබ මුලින් ඔහු තල දුටු විශේෂ ලක්ෂණ තවමත් ඔහු තුල තිබෙනවාද යන්නයි. ඇතැම් විට ඔහු ඔහු තුල නොමැති විශේෂ ලක්ෂණ ඔබට පෙන්නුම් කරන්නට ඇත්තේ ඔබේ සිත දිනා ගැනීමේ අරමුණින් විය හැකියි.

උදා : ඔබට මුලදී ඉතා කරුණාවෙන් සැලකුවත්, දැන් කරුණාවන්ත නොවීම

අපහාස කිරීම සහ විහිලු කිරීම අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි වීම

ඇතැම් පෙම්වතුන් පුරුදු වී සිටිනවා තමාගේ පෙම්වතියට අපහාස කරන්නට. නමුත් එය ඔහු කරන්නේ විහිළුවක් ආකාරයෙනුයි. මෙවන් පෙම්වතුන් තමන්ගේ පෙම්වතියව රිදවීමට හරි කැමතියි. ඔවුන් තම පෙම්වතියව තෝරා ගන්නේ අපහාසාත්මක විහිලුයි. පෙම්වතිය කෝප ගැන්වුණු විට “ඔයාට විහිලුවක්වත් තේරෙන්නේ නෑනේ” කියා තත්වය සමනය කිරීම මෙවන් පෙම්වතුන්ගේ ලක්ෂණයයි. ඔහු කරන විහිලු තහළු ගැන හොඳින් සිතා බැලුවොත්, ඔබට එය අපහාස කිරීමක් බව වැටහේවි.

තනි වීමට ඇති බිය

තනි වීමට බිය වන පෙම්වතියන් කවදාවත්, තමාට නොගැලපෙන පෙම්වතෙකු අත හැර දමන්නේ නැහැ. නමුත් ඔබ වටහා ගත යුත්තේ නොගැලපෙන සබඳතාවයකට සාපේක්ෂව තනිකම දහස් වාරයක් හොඳ බවයි. ඒ වගේම තමයි ඔබ තනි වූ විට ඔබට නව සබඳතාවයක් ඇති කර ගැනීමේ මාර්ගයත් හෙළි පෙහෙළි වෙනවා. ඔබ පෙම්වතියක්ව සිටින තාක් කල්, ඔබට නව සබඳතාවයක් ඇති කර ගැනීමට ලැබෙන්නේ නැහැ.

සබඳතාවය දිගු කලක් පැවතීම සහ මතකයන්ගෙන් පිරුණු එකක් වීම

ඔබේ සබඳතාවය අවුරුදු ගණනාවක් පැවති එකක් නම්, ඔබට ඇති මතකයන් ප්‍රමාණයත් වැඩියි. එවැනි අවස්ථාවකදී වෙන් වීම ඇත්තටම වේදනාකාරී විය හැකියි. නමුත් ඔබ වෙන් වීමට අදහස් නොකර, ඔබට නොගැලපෙන අයෙකු විවාහ කර ගත්තොත් ඔබට එකතු වන්නේ වේදනාකාරී මතකයන් පමණක් විය හැකියි.