අපි දෙන්නා බඳින්නේ අපි දෙන්නා වගේම දෙන්නෙක්ව – අනුයි කනුයි

දෙරණෙහි විකාශය වන ජනප්‍රිය ටෙලිනාට්‍යයක් වන ‘මල් පිපෙන කාලේ’ ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වුණු ඒ නිවුන්නු දෙන්නා තමයි අනුෂ්මි සහ කනුෂ්කි කියන්නේ.

පාසල් යන කාලේ පටන් රංගනයට දස්කම් දක්වපු අනුයි කනුයි දක්ෂ නර්තන ශිල්පිනියන්. නමුත් ඔවුන් රංගනයටත් දක්ෂතා දක්වලා තිබුණා. තාත්තත් නැතිව ඔවුන්ගේ අම්මා ඔවුන් දෙදෙනාගේ පසු පස ඉදලා දිගු ගමනක් යන්න ලොකු වෙහෙසක් දරලා තියෙනවා.

අක්කලා හතර දෙනෙක් එක්ක හුරතලයට හැදෙන අනුයි කනුයි ආදරය ගැන පුවත්පතකට කියලා තිබුණේ මේ වගේ අදහසක්.

” ඇත්තටම ආදරය කියන්නේ හරි සුන්දර හැගීමක්. අපි හිතනවා අපිට අවුරුදු 24 වගේ පැන්නම සාර්ථක ගමනක් යන පිරිමියෙක්ව ගෙදරින් හොයලා දෙයි කියලා. ගෙදරින් කැමති අපි දෙන්නව අපි වගේම දෙන්නෙකුට බන්දන්න. එකම දවසෙ විවාහය කරමු කියලා අම්මලා කියන්නේ. තාම අපි දෙන්නා සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්න නිසා ඕවා ගැන හිතන්නෑ. අපි කැමති උත්සහයෙන් දියුණු වෙන කෙනෙක්ට.

2012 දෙරණ ලිට්ල් ස්ටාර් තරගාවලියට අපේ අම්මා අපි දෙන්නව යොමු කලා. අම්මා කියන්නේ අපේ තාත්ති අපි දිහා බලාගෙන ඇති කියලා. අපේ තාත්ති ඒ කාලේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරලත් තියෙනවා. අපි දෙන්නා අද ඉන්න තැන ගැන තාත්ති හිටියනම් ගොඩක් සතුටු වෙයි. ”