මේ වගෙ දුවලා තුන්දෙනෙක් ඉන්නවා කියන්නෙ ඉතින් ටිකක් සැරවෙන්නත් ඕන නේ – ශ්‍රියානි ප්‍රියසාද්
දිනක්ෂි ප්‍රියසාදි, ශේෂාද්‍රි ප්‍රියසාද් සහ ශනුද්‍රි ප්‍රියසාද් කියන නම් තුන වර්තමාන රංගන ක්ෂේත්රය ගැන දන්නා ඕනෑම කෙනෙක්ට නුහුරු නුපුරුදු නැහැ. මේ එකම පවුලේ සහෝදරියන් තිදෙනා තමන්ගේ අනන්‍යතාව මෙරට කලා ක්ෂේත්රය තුළ මේ වනවිට ගොඩනඟාගෙන හමාරයි.
ඔවුන් තිදෙනාගේ පියා සිනමා අධ්යක්ෂ දිනේෂ් ප්‍රියසාද් බව ඔබ දන්නවා ඇති.දිනේෂ්ගෙ බිරිඳ ශ්‍රියානි ප්‍රියසාද්.
මෝස්තර නිර්මාණ ශිල්පිනියක් වන ඇය දිනේෂ්ගේ චිත්‍රපටවල ඇඳුම් නිර්මාණ කටයුතු සිදුකරලා තියෙනවා. තම දියණියන්ගේ ඇඳුම් පැලඳුම් තමන් අතින්ම හදලා දෙන්නත් ඇය අමතක කරන්නේ නැහැලු. දුවලා තුන්දෙනෙක් ඉන්න අම්මා කෙනෙක් කියන්නේ ටිකක් සැර වෙන්නත් ඕනේනේ.
මේ පවුලේ දෙවැනි දියණිය ශේෂාද්‍රි ප්‍රියසාද් වරෙක මාධ්‍ය සාකච්ඡාවකදී පැවසුවේ අම්මාගෙන් සහ තාත්තාගෙන් වැඩියෙන්ම ඔවුන්ට සැර වන්නේ ඔවුන්ගේ අම්මා බවයි.
ශ්‍රියානි ප්‍රියසාද් වියපත් වුණත් තවමත් සුන්දර කාන්තාවක්. බොහෝ දෙනාගේ මතය වන්නේ මේ දියනියන් තිදෙනා මේ තරම් රූ සපුවෙන් අනූන වී ඇත්තේ ශ්‍රියානි නිසා බවයි.