මට ඕන සුවඳ එන ලස්සන කෙල්ලෙක් – සචින් අනාගත ආදරවන්තිය ගැන කියයි

සචින් ලියනගේ කියන්නේ නව පරපුරේ අතිශයින්ම දක්ෂ රංගන ශිල්පියෙක් විදිහට බොහෝ දෙනෙක් අතර ආකර්ෂණය දිනා ගත්තු කලාකරුවෙක්

ඒ විදිහට බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙච්ච මේ සුන්දර චරිතය එක්තරා අවස්ථාවකදී ආදරේ ගැන කතා කරද්දි හරිම සංවේදී කතාවක් කිව්වා’ඒ තමයි ඔහුටත් කලින් ආදරවන්තියක් ඉඳලා තියෙනවා’නමුත් ඒ කාලේ සචින්ට අත මිට ගැවසෙන්න සල්ලි තිබ්ඛෙ නැති හින්දා ඒ තරු‚යගේ ගෙදරින් ඔහුට කැමති වෙලා නෑ ඇයව වෙන කෙනෙක්ට බන්දලා දෙන්න ඔවුන් තීරණය කරනවා’

ඉතින් ඒ සියල්ලම අත්දැකීම් සහ සිදුවීම් එක්ක ජීවිතයට මුහුණ දෙන ඔහු රංගන ශිල්පියෙක් වෙන්න කලින් සෙඩ් එහෙක තෙල් පවා ගහලා හැකියාව විදිහට කීයක් හරි හොයාගෙන තියෙනවා’ඉතින් ඒ තරම් දුෂ්කර ගමන් මගක් හරහා අද ඔහු ඇවිල්ලා තියෙන මේ ගමන පිළිබඳව හදවතින්ම ඔහුට සතුටු වෙන්න පුළුවන් කියලත් සඳහන් කළා’

ඉතින් මේ වන විටත් සචින් තනිකඩයි’ ඔහුට ආදරය කරන්න ගෑණු ළමයෙක් නැහැ’එනිසාම අනාගතයේදී මොන වගේ ගෑනු ළමයෙක් ද බලාපොරොත්තු වෙන්නේ කියලා අහපු අවස්ථාවකදී ඔහු පිළිතුරු දුන්නේ මේ විදිහටයි’

—එයා බොරු කියන්න හොඳ නෑ ගොඩක් පිරිසුදු වෙන්න ඕනේ’ලඟින් ඉස්මෙල් එකක් එනවනම් මම ආසයි’ පොඩ්ඩක් ලස්සන වෙන්නත් ඕනේ පිළිවෙළට ඉන්න ඕනේ ඒ වගේම හිනාවෙලා ඉන්න ඕනේ’ එ විතරක් නෙමෙයි ටිකක් ඉගෙන ගෙන තියෙන්න ඕනේ මට පොඩ්ඩක් පාඩුවේ ඉන්න දෙන කෙනෙක් වෙන්නත් ඕනි’˜