මට වංචා කරලා මගෙ ගල උස්සන්න හැදුවේ – මංජුලා කුමාරි

අපේ රටේ අතිශයින්ම ජනප්‍රිය ප්‍රවීණ කලා තරුවක් තමයි මංජුලා කුමාරි කියන්නේ.ඇයව මුළු රටක්ම දන්න හඳුනන චරිතයක් බවට පත් වන්නේ ස්වර්ණවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වුන ඕලු ටෙලි නාට්‍ය හරහායි.

මේ වන විට ඒ පිළිබඳව සමාජ මාධ්‍ය වගේම මුළු රටක්ම කතා කරන්නට අරගෙන තිබෙන්නේ මංජුලා කුමාරි සිදු වුණු එක්තරා වංචාමය ක්‍රියාවක් නිසායි.

නිලි මංජුලා තවත් එක්තරා කාන්තාවක් සමග හවුලේ පවත්වා ගෙන ගිය ලද පතලකින් හමුවුණ මැණිකක්, ව්‍යාජ පොලිස් අධ්‍යක්ෂකවරයෙක් ලෙස පෙනී සිටී පුද්ගලයකු විසින් වංචනික ලෙස රැගෙන යාමට උත්සාහ කර තිබෙනවා.පසුගිය විසි දෙවැනි දා දිනයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙන අතර එහිදී නිල් මැණික සහ තවත් සුඛෝපභෝගී රථයක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.ඒ වගේම පොලිස් පර්යේෂණවලින් අනාවරණය වුන තවත් කරුණක් බවට පත්වී ඇත්තේ ඔහු ටෙලි නාට්‍යය කිහිපයකටම සහය නළුවකු ලෙස රංගනයෙන් දායක වී තිබෙන බවයි.

මංජුලා සමග පතල හවුලේ පවත්වාගෙන ගිය අනිත් කාන්තාව විසින් පොලිසිය වෙත තොරතුරු පවසා ඇත්තේ සැකකරු විසින් ඉතාමත් වංචනික ලෙස නිල් මැණික රැගෙන යාමට උත්සාහ කළ බවයි.