චිරන්ත එනකම් අපෙ අම්මා කාමරයෙ ඇතුලෙමයි හිටියෙ – කාවින්ද්‍යා අධිකාරි

කාවින්ද්‍යා අධිකාරි කියන්නෙ ප්‍රවීන සංගීත ශිල්පීන් වන සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරිගෙ දියණියයි.තම දෙමව්පියන් ගෙ අඩිපාරෙ යමින් ඇයද දැනට සංගීත ක්ෂේත්‍රයෙ දැනට නිරත වෙනවා.

දැනට තම මව , මවගෙ පෙම්වතා වන චිරන්ත සහ මල්ලි සමග ජීවත් වන ඇය ලගදි තිබුණ යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් තම මව ගැන අදහස් පල කරමින් මෙලෙස පවසා ඇත.

” චිරන්ත ගැන මට කියන්න තියන්න ලොකුම දේ තමයි එයා අපෙ ගෙදරට ආවට පස්සෙ අපෙ අම්මා එයාගෙ කාමරයෙන් එළියට ආවා.එයා එහෙම නොවුණා නම් තාම කාමරෙ. හරියට නිකම් දළඹුවෙක් සමනලයෙක් වෙනකම් පෙට්ටියක් ඇතුලෙ දාලා ඉන්නෙ.අන්න ඒ විදියටමයි කාමරයට වෙලා හිටියෙ.එළියට එන්නෙම නැහැ. කාමරෙ ඇතුලෙමයි ජීවත් වුනෙ. චිරන්ත නිසා තමයි කාමරයෙන් ටිකක් එලියට ඇවිත් ටිකක් ඇක්ටිව් වෙලා සාලයට වෙලා ඉන්නෙ.චිරන්ත ආවාට පස්සෙ ටික ටික ඇක්ටිව් වෙලා ආවා. එයා ආව නිසා මට අම්මවයි මල්ලිවයි බලාගන්න තිබුණ බර ගොඩාක් දුරට අඩු වුනා.” 

ඉතින් මේ විදියට කියා සිටි කාවින්ද්‍යා පවසන්නෙ තම මව දැන් ගෙවන දිවිය පිළිබඳව ඇය ඉතාමත් සතුටු වන බවයි.