අවුරුදු 15දී 16දී මට ඕන වුනේ විවාහ වෙලා දරුවෙක් හදන්න – උදාරි පෙරේරා 

ප්‍රවේගය සිනමාපටය හරහා හැමෝගෙම සිහින කුමරිය වුන උදාරි පෙරේරා සමගයි අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ, උදාරි අපිට දකින්න ලැබුනේ සිනමා රංගනය හරහා විතරයි, දැන් උදාරි රඟපාන්නේ නැද්ද ”කලින් මට නිර්මාණ කිහිපයකටම ආරාධනා ආවා හැබැයි පහුගිය කාලේ තිබ්බ තත්වය එක්ක ඒ නිර්මාණ රූගත කෙරුනේ නෑ,

ලංකාවේ ඉන්න නිළියන්ගෙන් වැඩිම මුදලක් අය කරන නිලියන් අතර කෙනෙක් ඉන්න ඔබ නේද..? දැන් ලැබෙන චරිත වලටනම් මුල් කාලයේ ගෙවපු තරම් ගෙවන්නේ නෑ, හැබැයි අඩු මුදලට වැඩ කරන්න මම කැමති නෑ, මම මගේ වටිනාකම ගැන හොඳට දන්නවා,

උදාරි වසර ගණනාවක්ම ගුවන්සේවිකාවක් විදියට රැකියාවේ නිරත වුනා නේද..? ”ඔව් මම කාලයක් ගුවන් සේවිකාවක් විදියට කටයුතු කළා, ඒ එක්කම තමයි මම රංගනයට සම්බන්ද වුනේ, හැබැයි මම ගුවන්සේවිකාවක් කියන රැකියාවෙන් ඉවත් වුනා, මොකද මට අවුරුදු 15 ක් 16 වගේ තේරුම් තියෙන කාලෙ ඉඳලම ඕන වුනේ විවාහ වෙලා දරුවෙක් හදන්න, ඉතින් මම විවාහ වෙනවත් එක්කම ඒ රැකියාවෙන් සමුගත්තා”

සැමියා ඔබට නීති දාලා තියෙනවද..? ‘අනේ කවදාවත් එයා මට කිසිම නීතියක් දාලා නෑ, ඒ වගේම එයා මට ගොඩක් ආදරෙයි,