“මම ලොකු වුනාම කසාද බදින්නෙ නෑ අම්මවත් බලාගෙන ඉන්නවා”

ලංකාව තුළ සිටින නිරූපන ශිල්පිනියන් අතරින් වැඩිපුර කතා බහට ලක් වෙන කෙනෙක් තමයි පියුමි හංසමාලී කියන්නේ. . ඇය කියන විදියට ඇය ජීවිතේ කිසිම දවසක බොරුවක් කියන්නැති ඇත්ත කතා කරන ආදරණීය මවක්.

”මම හිතනවා මම හොද අම්මා කෙනෙක් කියලා. අපේ තාත්තා කිව්වේ බොරු කියන්න එපා කියලා. ඉතින් මම මගේ පුතාට කියන්නේ විහිළුවටවත් කිසි කෙනෙක්ට බොරුවක් කියන්න එපා කියලා. මම හිතන්නේ මවක් විදියට මම මගේ ජීවිතේ දිනලා ඉවරයි කියලා. කවුරු මොනවා කිව්වත්. සමහරක් කට්ටිය ඉන්නවා දරුවෙක් ඉන්නවා කියලා හංගනවා. මමනම් හරි ආඩම්බරයෙන් කියනවා මට පුතෙක් ඉන්නවා කියලා.

මම කියන්නේ මට මිනිස්සු බනිනවනම් මගේ වැරැද්දක් දැකලා මගේ හොද දේ විතරක් ගන්න. මගේ පුතා සෙල්ලම් කරන්න යනවා ළග ගෙදරකට.එයාගෙන් අහපුවාම ලොකු වෙලා බදිනවද කියලා එයා කියනවලු මම ලොකු වුනාම කසාද බදින්නෙ නෑ අම්මවත් බලාගෙන ඉන්නවා කියලා.

’’ මේ විදියටයි පියුමි හංසමාලී ඇගේ ආදරණීය පුතා ගැන අදහස් දක්වලා තිබුණේ.