අන් අයට වඩා ඔබ අතිශය බුද්ධිමත් බව අඟවන ලක්ෂණ 5ක්

අද අපි කියන්න යන්නේ සමාජයේ සිටින බුද්ධිමත් පුද්ගලයින් හඳුනා ගැනීමට නම් ඔවුන් සතුව තිබෙන ලක්‍ෂණ කිහිපයක් පිළිබදවයි.

1.අත් අකුරුවල ඇති අපැහැදිලි බව​

බුද්ධිමතුන්ගේ අකුරු අපැහැදිලි වීමට හේතුව වන්නේ ඔවුන්ගේ මොළයෙන් පණිවුඩ ලැබෙන වේගයට ඔවුන්ට සිය අත්අකුරු පැහැදිලිව ලියන්න අමාරු වීමයි. එමෙන්ම  බුද්ධිමතුන් සිය අත්අකුරු පිළිබඳව සැලකිල්ලක් දක්වන්නේත් නැහැ. මොකද ඔවුන් සැලකිල්ලක් දක්වන්නෙ එයින් ලැබෙන අදහසටයි.

2.තමන්ගේ වැරදි වලට අන් අයට චෝදනා නොකිරීම

බුද්ධිමතුන් ගෙවුනු අතීතය ගැන දුක් වන්නේ නැහැ. ඔවුන්ට ජීවිතයේ යම් ගැටලුවක් ඇති වූවොත් ඒවාට ඉක්මනින්ම පිළිතුරු සොයා ගැනීමට උත්සහ කරනවා. යම් ප්‍රශ්නයක් ඇති වුණාම ඔවුන් එය වෙන කෙනෙකුගේ පිටින් දමා ඒකෙන් පළායන්නේ නම් නැහැ.

3.ඕනම දෙයක් පහසුවෙන් පාලනය කර ගැනීමට ඇති හැකියාව​

මිනිසා අනෙක් සතුන්ගෙන් වෙන්වන ප්‍රධාන සාධකයක් ලෙස හැඟීම් දැනීම් පාලනය කිරීමේ හැකියාව සලකන්න පුළුවන්. නමුත් වඩාත් හොදින් තම හැඟීම් පාලනය කර ගන්නා පුද්ගලයින් ඔවුන් විසින්ම තමන් තුළ ස්වයං පාලනයක් ඇති කර ගන්නවා. මේ නිසා ජීවිතයේ තම අරමුණු ළඟාකර ගැනීමේදී ඇතිවන බාධාවන්ට නොසැලී මුහුණදීමට එවැනි පුද්ගලයන්ට හැකියාව ලැබෙනවා.

4.ඇඳුම් පැළඳුම් ගැන වැඩි සැලකිල්ලක් නොදැක්වීම​

බොහෝ බුද්ධිමතුන් ඔවුන්ගේ ඇඳුම් පැළඳුම් වලට වැඩි අවධානයක් ලබා දෙන්නේ නැහැ. ඒ සඳහා වැය කරන කාලය වෙනත් වැදගත් කටයුත්තකට යොදවන්න පුළුවන් කියලා එයාලා විශ්වාස කරනවා. උදාහරණයක් විදියට කියනවා නම් Facebook නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් නිතරම අදින්නේ අළු පැහැති එකම වර්ගයේ ඇඳුමක් වීම දක්වන්න පුළුවන්.

5.සිඳුවෙන හැමදෙයක් ගැනම හොඳ අවබෝධයකින් සිටීම 

සාමාන්‍යයෙන් බුද්ධිමත් පුද්ගලයෙක් තමන් දන්නේ මොනවද සහ නොදන්නේ මොනවාද කියන දේ හරියාකාරව අවබෝධ කරගෙන ඉන්නවා. ඔවුන් සෑම දෙයක්ම දන්නවා කියලා අන්අය ඉදිරියේ උදම් අනන්නේ නැහැ. නොදන්නා දෙයක් ඉගෙන ගැනීමට උනන්දු වෙනවා. යමක් පිළිබඳව නොදන්නේ නම් එය නොදන්නා බව සෘජුවම ප්‍රකාශ කරනවා.