ඇමසන් වනාන්තරයෙන් හමූ වූ ලොවක් මවිත කල උසම ගස

ඇමසන් වනාන්තරයේ ඇති උසම ගස ඔබේ නගරයේ බොහෝ ගොඩනැගිලිවලට වඩා උසයි. ගොඩක් උසයි.

පර්යේෂකයන් විසින් උතුරු බ්‍රසීලයේ Iratapuru ගංගා ස්වභාව රක්ෂිතයෙන් මෙම උසම ගස සොයා ගන්නා ලදී. මෙම ගස, angelim vermelho (විද්‍යාත්මක නාමය: Dinizia excelsa), තට්ටු 25 ක ගොඩනැගිල්ලක් තරම් උසයි. එහි උස මීටර් 88.5 ක් සහ මීටර් 9.9 ක් පමණ වන බව පර්යේෂකයන් පැවසීය.

අමාපා ෆෙඩරල් විශ්ව විද්‍යාලයේ වන ඉංජිනේරු ඩියාගෝ ආමන්ඩෝ සිල්වා ගවේෂණය සංවිධානය කිරීමට උදව් කළ අතර එය අවසානයේ මෙම ගස සොයා ගැනීමට හේතු විය. ව්‍යාපෘතිය 2019 දී ආරම්භ වූයේ කණ්ඩායමට ගසේ චන්ද්‍රිකා ඡායාරූප හමු වීමත් සමගය.

“ඒක මම දැකපු ලස්සනම දේවල්වලින් එකක්. හුදෙක් එය දිව්‍යමය ගසක්,” ඔහු පැවසීය. “ඔබ සිටින්නේ මින් පෙර කිසිදා මනුෂ්‍ය වර්ගයා පය නොතැබූ මේ වනාන්තරය මැද, අතිශයින්ම උද්‍යෝගිමත් ස්වභාවයකින් යුතුවය.” තව දුරටත් පැවසීය.

පර්යේෂණ කණ්ඩායමේ සිටින සෑම සාමාජිකයෙකුටම ඔවුන්ගේ අත්දැකීම ලබා ගැනීමට සිදු විය. අවසාන ගවේෂණ සඳහා සැප්තැම්බර් මැද දින 13 ක් ගත වූ අතර, ගඟ දිගේ කිලෝමීටර් 250 ක් සහ තවත් කිලෝමීටර් 20 ක් නොඉඳුල් කඳුකර වනාන්තරය හරහා පයින් ගමන් කළේය.

නියැදිය වෙත ළඟා වීමේ පළමු ගවේෂණයෙන් ගස වෙත ලඟා වීමට නොහැකි විය. යටි රෝපණවල ඝණත්වය සහ කණ්ඩායමට විවිධ ලෙඩ රෝග සෑදුන නිසා ආපසු හැරී ඇවිත් ඇත. මෙම වසරේ පවා, එක් ගවේෂණ සාමාජිකයෙකුට විෂ සහිත මකුළුවෙකු දෂ්ඨ කර ඇතැයි වාර්තා විය.

කණ්ඩායම වනාන්තර යෝධයා වෙත ළඟා වූ පසු, එය වටා කඳවුරු බැඳ එහි වයස තක්සේරු කිරීම සඳහා සාම්පල එකතු කිරීමට පටන් ගත්තේය. සිල්වා සිතන්නේ එය වසර 400ක් 600ක් පැරණි බවයි. අනෙකුත් ආකර්ෂණීය ගස් එකම යායක වැඩෙන අතර මෙම ගස් වර්ගය පමණක් උසට වැඩෙන්නේ ඇයිද යන්න සහ ඒවා කොපමණ කාබන් ප්‍රමාණයක් ගබඩා කරන්නේද යන්න පර්‍යේෂණ කර ඇත.

මෙයට එක් වූ ගවේෂිකාවක් වූ ජැක්ලින් පෙරේරා මෙසේ සඳහන් කර ඇත. නීති විරෝධී රන් පතල්කරුවන් ප්‍රදේශයේ ගස්වලටද හානි කළ හැකි බවත්, ගස් කපන්නන්ගෙන් මේ ස්වභාවික පරිසරය දිනෙන් දින විනාසයට පත් වන බවද ඇය පවසයි.

“මෙම සොයා ගැනීම ගැන අපි ඉතා සතුටු වුණා,” ඇය පැවසුවාය. “ඇමේසන් වනාන්තරය මෙතරම් භයානක වන විනාශයකට මුහුණ දෙන මොහොතක එය ඉතා වැදගත් වේ.”

ලොව උසම සජීවී ගස වන්නේ කැලිෆෝනියා රෙඩ්වුඩ්ස් හි මීටර් 115 ක් උස හයිපීරියන් ය. එක්සත් ජනපද ජාතික වනෝද්‍යාන සේවය මෑතකදී එය නැරඹීම අපරාධයක් බව ප්‍රකාෂයට පත් කළේය. දන්නා පැරණිතම ගස වන චිලියේ ඇලර්ස් මිලේනාරියෝ පෘථිවියේ පැරණිතම ජීවියා විය හැකිය.