අපේ තාත්තා බබා හම්බවෙන්න කලින්ම හිල තියෙන පොල් කට්ටක් තෑගි දුන්නා – දිනක්ෂි ප්‍රියසාද්

චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් විදියට අපේ කලා ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න ජ්‍යෙෂ්ඨ කලා ශිල්පියෙක් තමයි දිනේෂ් ප්‍රියසාද් කියන්නේ. දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ මේ කලා පවුලේ වැඩි මහල් දියණියයි. ඇයව මේ දිනවල පුංචි තිරය හරහා අපිට දැක ගන්න පුලුවන්.

මේ වන විට ඇය ආදරණීය මවක්. කලා ලෝකයේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් ඒ වගේම නිවේදකයෙක් වන කවුරුත් දන්න ජනප්‍රිය සාරංග දිසාසේකර සමගින් විවාහ වෙලා ඉන්න දිනක්ෂි සහ සාරංග මේ වන විට උතුම් මව්පිය පදවිය ලබලයි ඉන්නේ.

පුංචි සාරන්‍යාගේ පැමිණීමත් එක්ක මේ පුංචි කැදැල්ල තව තවත් සතුටින් පිරුණා. ඔවුන් පුංචි සාරන්‍යාගේ මුහුණ ප්‍රේක්ෂකයන්ට පෙන්වූයේ නැති නිසා ප්‍රේක්ෂක චෝදනාවන්ද ඔවුන්ට අහන්නට ලැබුණා. නමුත් දියණියගේ මුහුණ ගීතයක් එලිදක්වමින් හරි අපූරුවට සමාජ මාධ්‍යයට මුදා හැරීමත් එක්ක හැමෝම කතා වෙන්න පටන් ගත්තේ දිනක්ෂිගෙයි සාරංගගෙයි පුංචි සුරංගනාවි ගැනයි.

”බබා ලැබුණම අපිට වගකීම් ගොඩක් ඔලුවෙ තියෙනවා කියලා දැනුනා. අපේ බබා හමබ්වෙන්න කලින්ම තාත්ති මට ගිෆ්ට් පැක් එකක් දුන්නා. ඒකේ තිබුණා හිලක් තියෙන පොල් කට්ටක් එහෙම. මම ඒකෙනුත් බබාව නෑව්වා. නිකම් ශවර් එකට අල්ලලත් නෑව්වා. මොකද හරිම තියරි එකට හැම දේම මම කරන්න ගියේ නෑ.”