පෙම්වතියට පෙම්වතාව එපා වෙන්න බලපාන හේතු 5ක්

1.විශ්වාසය ඇතිකර ගන්න. කිසිවක් සගවන්නේ නැතිව නිතරම දෙදෙනාගේ අදහස් හුවමාරු කරගන්න. ඇය අගය කරන්න. ඇතැම් විට ඔබ ඇයට ආදරේ නොකරනවා යැයි හැඟෙන්නට පුළුවන්.  ඔබට ඇයගේ හොඳ ගතිගුණ අගය කරන්න බැරිනම්  එයින් කියවෙන්නේ ටිකෙන් ටික ඇය ඔබෙන් ඈත් වන බවයි.

2.ඔබ ඇයත් එක්ක ඉන්නකොට හැමවෙලේම ඇය ගැන අවධානය යොමු කරන්න.  ඔබ ඇයත් එක්ක ඉන්න වෙලාවට ෆේස්බුක් වගේ සමාජ ජාලා වෙබ් අඩවි වල කාලය ගත කරන්න එපා. එහෙම වුනොත් ඔබටත් නොදැනීම ඇය ඔබෙන් ඈත් වෙන්න පුළුවන්. 

3.ගැහැණු ළමයි තේරුම් ගැනීම ඇත්තටම අමාරු වැඩක්. නමුත් අසුබවාදී වැරදි වැටහීම් ඇතිකර ගැනීම වහාම නවත්වන්න. සුබවාදී විදිහට  හිතලා හොඳ සම්බන්ධතාවයක් ඇති කර ගන්න. 

4.ඇයගෙන් නිතරම ගොඩක් ප්‍රශ්න අහන්න යන්න එපා. ඔබට ඇයව හරියටම හඳුනා ගන්න ප්‍රශ්න ඇසිය යුතු වුණත් ඒක එකපාරටම කරන්නේ නැතිව ටික කාලයක් අරන් ප්‍රශ්න අහන්න.

5.ප්‍රමාද වෙන්න එපා. ප්‍රමාද වුණොත් වෙන්නේ ඇයව ඔබට ළං කර ගන්න තියෙන අවස්ථාව නැති වෙන එකයි.