බබා වැන්ගා 2021 ගැන කියූ අනාවැකි

2021 අවුරුද්ද උදාවෙලා සැලකිය යුතු දින ගණනක් ගත වෙලා තියෙන්නෙ. සාමන්‍යයෙන් වෙනදා අලුත් අවුරුද්දක් පටන් ගන්නකොට මිනිස්සුන්ගෙ හිත් වල අලුත් බලාපොරොත්තු, ඉලක්ක, ප්‍රාර්ථනා රාශියක් තිබුණට මේ 2021 අවුරුද්ද පටන් ගන්නකොට ගොඩක් දෙනෙක් ඒ වගෙ අනාගත  සැලසුම් සකස් කරන්න කළින් එක පාරක් දෙපාරක් නෙවෙයි කිහිප වතාවක් හිතුවා. ඒකට ප්‍රදානම හේතුව වුණේ 2020 අවුරුද්දෙ අපි කවුරුත් බලාපොරොත්තු නැති විදියට ලෝකයටම තර්ජනයක් එල්ල කරපු කොවිඩ් 19 වෛරසය. අපිට 2020ට සමුදීලා 2001 ට එන්න සිද්දවුණේ මේ කොවිඩ් 19 භීතිකාව මැදින්. කොහොමහරි කොවිඩ් 19 විතරක් නෙවෙයි ලෝකෙ පහුගිය කාල වකවාණුවෙ කිසිම කෙනෙක් බලාපොරොත්තු නොවුණු අතිශය අනපේක්ෂිත සිද්ධි ගනණාවක් වුනා. හැබැයි මීට අවුරුදු ගණනාවකට කලින් ඉදිරි ලෝකය ගැන අනාවැකි කිව්ව ලෝක ප්‍රසිද්ධ අනාවැකි කරුවන්ගෙ අනාවැකි අනාගත වාක්‍ය ඇතුලෙ ඒ සිද්ධි සමහරක් ගැන බොහොම පැහැදිලිව කියලා තිබුණා. ඒ දවස් වල ඒ කථා අහලා විහිලුවක් වගේ බැහැර කරාට, ඒ අනාවැකි වල යම් ඇත්තක් තිබුණා කියලා ලෝකයේම අවධානය යොමුවුණා. මේ වගේ ඉදිරි ලෝකය ගැන අනාවැකි කියපු කෙනෙක් තමයි බබා වැන්ගා කියලා කියන්නෙ ලෝකයේ මෙතෙක් පහල වුණු ප්‍රභලම අනාවැකි කාරිණිය විදියටත් වැන්ගව හදුන්වනවා. ඒකට හේතුව බබා වැන්ගා ප්‍රකාශ කරලා තියෙන අනාවැකි වලින් 98%ක්ම සත්‍යවුණු එහෙම නැත්තම් නිවැරදි වුණු අනාවැකි වීම. අද මේ වීඩියෝ එකෙන් අපි ඔබව දැනුම්වත් කරන්න යන්නෙ 2021 සහ ඉන් ඉදිරිය ගැන බබා වැන්ගා කියපු අනාවැකි මොනවද කියලා වීඩියෝ එක බලන්න කළින් ඔබ තවමත් අපේ විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්තම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න අපි දැන් යමු බබා වැන්ගා 2021 ගැන කියපු අනාවැකි මොනවද කියලා බලන්න .මුලින්ම අපි බලමු මේ බබා වැන්ග කියන්නෙ කවුද කියලා ලෝකය පුරාම මේ ප්‍රභල අනාවැකි කාරියව බබා වැන්ගා කියලා හදින්වුවට වැන්ගාගෙ ඇත්ත නම එහෙම නැත්තම් උප්පැන්න සහතිකයෙ සදහන් වෙන නම වෙන්නෙ වන්ජේලියා පන්ඩේවා ගුෂ්ටේවා 1911 දි තමයි වන්ජේලියා උපදින්නෙ. වන්ජේලියාගෙ මව් රට වෙන්නෙ බල්ගේරියාව වයස අවුරුදු 12 වෙනකන්ම මෙ වන්ජේලියා සාමාන්‍ය ගැහැණු ළමයෙක්

වයස අවුරුදු 12 දි ටොනාඩෝ කුණාටුවකට අහුවෙලා මේ කුණාටුව මගින් ඉහලට එසවිලා වන්ජේලියාව වගා බිමකට වැටෙනවා. මේසිද්දියෙදි මේ ගැහැණු ළමයාගෙ ඇස් මඩ සහ වැලි වලින් වැහිලා හගිහිල්ලා සම්පූර්ණයෙන්ම ඇස් පෙනීම නැතිවෙලා අන්ධ භාවයට පත්වෙනවා. ඒ විතරක් නෙවෙයි 1939 දි පෙනහලු ආශ්‍රිත රෝගී තත්වයක් නිසා අතිශය මරනාසන්න තත්වයට පත්වෙනවා වෛද්‍යවරු පවා කිව්වෙ මේ තත්වය නිසා පන්ජේලියා මියයයි කියලා. නමුත් හරි විශ්මිත විදියට රෝගය සුවපත්වෙලා ඇය සම්පූර්ණයෙන්ම යහපත් අතට හැරෙනවා. මේ විදියට තමන්ගෙ ජීවිතයෙ කිහිප වරක්ම මරණයට අභියෝග කරපු කාන්තාවක් තමයි වන්ජේලියා කියලා කියන්නෙ. වන්ජේලියාට බබා වැන්ගා කියන නම ලැබෙන්නෙ ඇය අනාවැකි කියන්න පටන් ගැනීමත් එක්ක. බබා වැන්ගා කියලා කියන්නෙ බල්ගේරියානු භාෂාවෙන් අනාවැකි කියන ආච්චි කියන එක කොහොමහරි 1996 දි පියයුරු පිළිකාවකින් වන්ගා මිය යනවා හැබැයි විශ්වයේ අවස්සනය දක්වාම සිදුවෙන්න පුලුවන් කියන අනාවැකි රාශියක් වන්ගා විසින් ඉදිරිපත් කරලා තියෙනවා

බබා වැන්ගා කියපු නිවැරදි වුණු අනාවැකි දිහාවට අවදානය යොමු කරද්දි අමරිකාවෙ ලෝක වෙළද මධ්‍යස්ථානයට ඔසාමා බිල්ලාඩන් එල්ල කළ ප්‍රහාරය පිළිබදව වන්ගා 1988දි අනාවැකියක් පල කරලා තියෙනවා ඒ විටරක් නෙවෙයි මේ ප්‍රහාරය එල්ලවෙද්දි අමෙරිකාව පාලනය කරන රාජ්‍ය නායකයාගෙ නම පදුරකට ඉන්ග්‍රීසි භාෂාවෙන් කියන වචනයට සමාන බවත් කියලා තියෙනවා. මේ විදියට වන්ගා පල කල අනාවැකි අතර 2004 සුනාම් ව්‍යසනය, කලු ජාතිකයකු අමෙරිකාවේ ජනාධිපති බවට පත්වීම, සෝවියට් ආණ්ඩුකාර ජෝසප් ස්ටාලින්ගෙ මරණය වැනි ප්‍රභල සිද්ධි තියෙනවා.

මේ හැම දෙයක් ගැනම අමතක කරලා අපි බොහොම හොදින් දන්න අපිට බොහොම ළග වර්ථමානයට ආවොත් මේ වෙද්දිත් අපි පීඩ විදින කොරෝනා වෛරසය ගැනත් වන්ගා  අනවැකි පල කරලා තියෙනවා. මේ අනාවැකියෙ අතිශය පුදුම සහගත කාරනාව වෙන්නෙ කොරෝනා කියන නම වචනය පවා භාවිතා කරලා තිබීම. වන්ගාගෙ අනාවැකියෙ කියවෙන විදියට 2020දි ලෝකය පුරාම භයානක වෛරසයක් පැතිර යන බවත් එය චීනයෙන් ආරම්භ වන බවත් ලෝකය පුරාම මරන විශාල සංඛ්‍යාවක් සිදුවන බවත් මේ වෛරසයට නිශ්චිත ප්‍රතිකර්ම සෙවීමට වසර ගණනාවක් කාලයක් ගටවෙන බවත් වන්ගාගෙ අනාවැකියෙ සදහන් වෙලා තියෙනවා. ඉතින් මේ අනාවැකිය වන්ගා ප්‍රකාශ කරපු අපේ ඇස් පනාපිටම සත්‍යවුණු ප්‍රභලම අනාවැකියක් විදියට නම් කරන්න පුලුවන්. ඒ විතරක් නෙවෙයි 2020දි යුරෝපීය ආර්ථිකය දරුණු අගාධයකට වැටෙනවා කියලා පල කල  අනාවැකියත් අපේ ඇස් පනාපිටම සත්‍ය වෙලා තියෙනවා.

මේ විදියට අපේ ඇස් පනාපිටම සත්‍යවුණු අනාවැකි ගණනාවක් පල කරපු බබා වැන්ගා 2021 ගැන ප්‍රකාශකලේ මොනවද? 2021  ගැන වන්ගාගෙ අනාවැකි මොනවද? මීලට ඔබට මත්වෙන ප්‍රශ්නය තමයි ඒ. ඔව් වන්ගා 2021 ගැනත් අනාවැකි කිහිපයක්ම ප්‍රකාශ කරලා තියෙනවා. ඉතාමත් භයානක ඇග කිලිපොලා යන අනාවැකි වගේම අපේ හිතට යම් සහනයක් ගෙන දෙන අනාවැකිත් ඒ  අතර තියෙනවා. අපි මුලින්ම යමු වන්ගා 2021 ගැන කියපු ටිකක් බයානක අනාවැකි පැත්තට. වන්ගා කියන විදියට එහෙම නැත්ත්ම වන්ගා අනාවැකි පල කරන විදියට 2021දී විශාල උල්කාපාතයක් නිසා  පෘතුවියට බලපෑමක් එල්ල වෙනවා. මේ අනාවැකිය ගැන ටිකක් විද්‍යාත්මක පැත්තෙන් කරුණු හොයලා බලද්දි නාසා ආයතනය පහුගිය දවසක විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කියලා තියෙනවා ඇපෝෆීස්ට් කියන ග්‍රාහක වස්තුව පෘතුවි කක්ෂයට ආසන්න මාර්ගයක ගමන් කිරීම නිසා මේ වසරේ යම් කාල සීමාවක දි මේ ඇපෝෆීස්ට් ග්‍රාහකය පෘතුවිය සමග ගැටෙන්න ඉඩ තියෙනවා කියලා මේ ග්‍රාහකය පෘතුවියේ ගනීම සිදුවුණොත් විශාල විනාශයක්, හානියක් වෙන්න පුලුවන් කියලා නාසා ආයතනය අනතුරු අගවනවා. ඒ වගේම 2009කේ එෆ් 01 කියන ග්‍රාහකයත් පෘතුවියට ආසන්න මගක ගමන් කරන බවත් එයත් පෘතුවිය හා ගැටීමේ යම් අවධානමක් තියෙන බවත් නසා ආයතනය සදහන් කරනවා. නමුත් ඇපෝෆීස්ට් තරම් බලපෑමක් මේ හරහා වෙන්න හැකියාවක් නැති බවත් ඔවුන් කියනවා කොහොම වුණත් නාසා ආයතනයේ මේ විද්‍යාත්මක පැහැදිලි කිරීම සහ බබා වැන්ගාගේ  අනාවැකිය අතර යම් සමාන කමක් තියෙන බව  අපට අවබෝධ කර ගන්න පුලුවන්.  ඒ වගේම බබා වැන්ගා 2021 ගැන කියන තවත් අනාවැකියක් තමයි පෘතුවියේ විශාල කාලගුණික වෙනස් වීමක් සිදුවෙනවා කියන එක විශාල වශයෙන් උෂ්ණත්වය ඉහළ යාමත් ලෝකය පුරා සෘතු විපර්‍යාස නොසිතූ විරූ ලෙස වෙනස් වීමත් මේ හරහා වෙන්න පුලුවන් බව බබා වන්ගාගෙ අනාවැකි අතර තියෙනවා. ඒ වගේම 2021 දි ආසියාවට සහ යුරෝපයට නිරන්තරයෙන් කුණටු තත්ව ඇතිවෙන්න පුලුවන් බවත්  වන්ගාගෙ අනාවැකි අතර කියවෙනවා. ඒ වගේම ලෝකය පුරා ජනතාවට විශාල ආහාර හිගයකට මුහුණ දෙන්න සිද්ධවෙන්න පුලුවන් බවත් 2021 ගැන බබා වැන්ගා ප්‍රකාශ කල අනාවැකි අතර තියෙනවා. මේ කාරණාවත් විද්‍යාත්මකව සත්‍ය බව ඔප්පු කරන්න පුලුවන් කම තියෙනවා. මොකද මේ කොරෝනා තත්වයත් එක්ක 2019 ට සාපේක්ෂව 2020 දි  ලෝක ආහාර නිශ්පාදනය 27% කින් අඩුවෙලා තියෙනවා.

මේ නිසා 2021 දි ලෝකය ආහාර අර්බුධයකට මුහුණ දෙයි කියන අනාවැකිය පෝෂණ විශ්ලේෂකයින් පවා පවසනවා දැන් මේ අනාවැකි ගැන ඇහෙද්දි ඔබට හිතෙනවා ඇති ඉදිරි කාලයේ ලෝකයට වෙන්නෙ විපත් විතරද?  විපත් ගැනම විතරද වන්ගා  අනාවැකි පල කරලා තියෙන්නෙ කියලා. නැහැ 2021 ගැන බබා වන්ගා ඉතාම සුබවාදී අනාවකියකුත් පල කරලා තියෙනවා ඒ තමයි 2021 දී පිළිකාවට එරෙහිව එන්නතක් සොයා ගන්නවා කියන අනාවැකිය. වන්ගා කියන විදියට මේ එන්නත නිසා වසර කිහිපයක් ඇතුලත පිලිකාව කියන මාරයා ලෝකයෙන් තුරන් වෙනවා. මේ අනාවැකිය එක්ක 2021 වසර ගැන අපිට සුබවාදී බලාපොරොත්තුවක් තියන්න පුලුවන් කමකුත් තියෙනවා.

මේ අනාවකි සියල්ලම අතරෙ 2021 වසරෙ ලෝක ආර්ථිකය ගැන බබා වන්ගා ප්‍රකාශ කරපු අනාවැකි කිහිපයකුත් තියෙනවා ඒ තමයි අමෙරිකාවෙ ආර්ථිකය ඉතාම දරුණු විදියට කඩා වැටිලා චීනය බලවත් වීම ප්‍රභලව දකින්න ලැබෙනවා කියන එක ඒ වගේම ලෝකය ධනවාදයෙන් සමාජ වාදයට පරිවර්ථනය වීමේ මූලික අඩිතාලම මේ වසර ආසන්න කාල සීමාවේ ආරම්භ වෙනවා කියන අනාවැකිය. මීට අමතරව නැවත් සෝවියට් රුසියාවෙ සෝවියට් සමූහාණ්ඩුව ඇතිවන බවත් විසි එක් වන සියවසේ පළමු භාගය තුල මේ දේශපාලන වෙනස්කම ඇතිවන බවත් වන්ගා අනාවැකි පල කරලා තියෙනවා. 2021න් තවත් ටිකක් ඉදිරිටර ලෝකය දිහා බලද්දි අනාගත ලෝකයේ බලවතා චීනය වන බවත් ඉන්දියාව රැසියාව චීනය සමග කරට කර සිට ගන්නා බවත් වන්ගාගේ අනාවකි අතර තියෙනවා. ඒ වගේම අපි කළින් කිව්ව පිළිකාවට එරෙහිව ඖෂධය සොයා ගැනීම වගේම දුම්‍රිය ගමනා ගමනයට හිරු එළිය භාවිතා කරන බවත් එමගින් පෙට්‍රල් නිශ්පාදනයට තිත තැබී මහපොළවට විවේකයක් ලැබෙන බවත් වන්ගා ප්‍රකාශ කරපු අනාවැකි අතර තියෙනවා. මේ අකාරයටම ලෝකයේ හොද සහ නරක දෙපාර්ශවයටම ගත හැකි අනාවැකි රැසක් බබා වැන්ගා ඉදිරිපත් කරලා තියෙනවා. මේ අනාවැකි 3797 දී මානව ශිෂ්ථාචාරය අවසන් වී පෘතුවිය කලකට මිනිසාගෙන් ශුන්‍ය කලාපයක් බවට පත්වීම දක්වාම  ඈතට දිව යනවා. කොහොම වුණට්ත් බබා වැන්ගා ප්‍රකාශ කරලා තියෙන ඉදිරි ලෝකය ගැන අනාගත වාක්‍ය ටිකක් වර්ශ අනුව පෙළගස්වලා අපි කෙටියෙන් අවධානය යොමු කරලා බලමු

වන්ගා කියන විදියට 2021දී අපට අභ්‍යවකාශ වස්තුවක් පෘතුවියේ ගැටීමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්. ඊට පස්සෙ 2023දි පෘතුවි කක්ෂය වෙනස් වෙනවා කියලා අනාවැකියක් වන්ගා කියන්වා. මේ ගැන නම් විද්‍යාත්මක වශයෙන් පැහැදිලි කරන්න කිසිම කෙනෙක් සමත්වෙලා නැහැ 2025 දි වන්ගා  අනාවැකි පලකරන විදියට යුරෝපයේ ජන ගහනය ශූන්‍ය වෙනවා 2028 දී මානව වර්ගයා නව ශක්ති ප්‍රභවයක් සොයාගෙන සිකුරු ග්‍රහයා වෙත පිටත් වෙනවා. 2033 දී ඩ්‍රැව ආසන්න ප්‍රදේශවල අයිස් දිය වීම නිසා පෘතුවියේ ජල මට්ටම ඉහළ යනවා. 2043දි යුරෝපය සම්පූර්නයෙන්ම මුස්ලිම් රාජ්‍යක් බවට පත්වෙනවා. රෝමය අග නුවර බවට නම කරලා ලෝක ආර්ථිකය මුස්ලිම් වරුන් අතට පත්කර ගන්නවා. 2066දි රෝමය නැවත අත්පත් කර ගන්නා  අදහසින් සහ නැවත ක්‍රිස්තියානිකරණය කරන අදහසින් යුක්තව ඇමරිකානු භූමියෙන් ප්‍රථම වරට දේශගුණය පාලනය කල හැකි අවියක් භාවිතා කරනවා. 2076 දි කොමියුනිස්ට් දේශපාලනය යුරෝපය ඇතුලු ලෝකය පුරා නැවත ව්‍යාප්ත වෙනවා 2100 දි කෘතීම සූර්‍යයකු විසින් පෘතුවියේ අදුරු කොටස ආලෝකමත් කරනු ලබනවා. 2130 දී පිටසක්වල ජීවීන්ගේ උපකාරයෙන් සාගර පත්ලේ මිනිස් වාසභූමි ඉදිවෙනවා. 2170 දී ඉතා දැවැන්ත ගෝලීය නියගයක් ඇතිවෙනවා. 2187 දි දැවැන්ත ගිණි කදු දෙකක පිපිරීමක් මිනිසාගේ මැදිහත් වීමෙන් සාර්ථකව වළක්වනවා 2121 දි සූර්‍යයාගේ තාප න්‍යෂ්ටික ක්‍රියාවලිය මන්දගාමී වීම නිසා පෘතුවි උෂ්ණත්වය පහළ වැටෙනවා. 2262 දි ග්‍රහලෝක වල ද්‍රැව වෙනස්වෙලා අගහරු ග්‍රහයා අභ්‍යවකාශ වස්තුවක ගැටෙනවා 2354 දී කෘතීම  සූර්‍යයාගේ සිදුවන අනතුරක් නිසා පෘතුවි උනුසුම තවත් පහල වැටෙනවා. 2480 දී කෘතීම  සූර්යන් දෙදෙනෙකුගේ ගැටීම නිසා පෘතුවියේ අදුරු කලාපය නැවතත් බිහිවෙනවා. 3005දී අගහරු ග්‍රහයාගේ යුද්ධයක් නිසා අගහරුවල ගමන් මග වෙනස් වෙනවා 3010 දි ආකාශ වස්තුවක් සදෙහි ගැටීම නිසා පෘතුවි ග්‍රාහකය අලු වලල්ලකින් වට වී යනවා. වර්ෂ 3797 දී මානව ශිෂ්ථාචාරය පෘතුවිය හැරදමා වෙනත් පෘතුවියක් සොයා යාමට තරම් දියුණුව පවතිනවා. මේ කාලය වන විට ලෝකයේ සියලුදෙනා මිය ගොස් පෘතුවිය යම් කාලයකට මිනිසාගෙන් ශුන්‍ය ස්ථානයක් බවට පත්වෙනවා. මේ ආකාරයට බබා වැන්ගා ඉදිරි සියවස් 18 ක් දක්වා ඉදිරියට අනාගටහ වාක්‍ය පෙළගස්වලා තියෙනවා. හැබැයි බබා වන්ගා කියන විදියට ලෝක විනාශ වෙන්නෙ වර්ශ 5079 දීයි.

කොහොම වුණත් මේ හැමදෙයක් එක්කම අපි මතක තබා ගතයුතු කාරණාවක් තියෙනවා ඒ තමයි මේ සියල්ල අනාවැකි කියන එක. ඒවා නිවැරදි වීමේ වගේම වැරදි වීමේ යම් සම්භාවිතාවයකුත් තියෙනවා. වන්ගාගේ  අනාවැකි එක්ක බලද්දි අපට කෘතීම සූර්‍යයා ලෝකය එලිය කරන කාලය දක්වා ජීවත්වෙන්න පුලුවන්ද කියන කාරනාවත් ප්‍රශ්නයක් මොකද දැනට උපරිම මානව ආයු කාලය වසර 100ක් විතර ගනන් බලලා තියෙන නිසා. වන්ගා කිව්ව මේ අනාවැකි කොයිතරම් දුරට සඵල වෙයිද, ඒවායින් කොයි තරම් ප්‍රමාණයක් අපිට අද්දකින්න ලැබෙයිද කියන කාරණාව දැනගන්න අපිට කාලයට ඉඩ දෙන්න සිද්ධ වෙනවා. ඒ වගේම බබා වැන්ගා ලෝකය ගැන අනාවැකි කිව්වට අපට අපේ ජීවිතය ගැන අනාවැකි පලකරන්න බැ‍රි නිසා ජීවත්වෙන කාලය ඇතුලත ආගම දහමට, සොබා දහමට අනුකූලව යහපත් ජීවිත ගත කිරීම ඉතාම වටිනවා. වන්ගාගෙ අනාවැකි වලට අනුව 2021දි අපට මුහුණ දෙන්න වෙන අභියෝග බොහෝමයක් ස්වභාවධර්මයෙන් පරිසරයෙන් එල්ලවෙන අභියෝග නිසා අපි ජීවත්වෙන පරිසර‍ය ගැන තවදුරටත් අවදානය යොමු කිරීම ඉතාම වටිනවා. එහෙම නම් 2021 වසරෙ ඔබේ සියලුම යහපත් බලාපොරොත්තු ඉටුවේවා කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා ඒ වගේම  මේ පවතින වසංගත තත්වය ඉක්මනින් දුරුවෙලා නැවතත් සුපුරුදු ජීවන රටවට ඉක්මණින්ම එන්න පුලුවන් වෙන්න කියලත් අපි හැමෝම ප්‍රාර්ථනා කර්මු. නැවතත් මේ වගේම වීඩියෝවකින් නැවතත් මුණ ගැහෙමු. තවමත් විශ්වකර්ම යූටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරනලා බෙල් සලකුණ ක්ලික් කරන්න. ඔබට සුබ දවසක් වේවා.