ඉස්ලාම් ආක්‍රමණ නිසා අපිට අහිමි විය ගිය ශ්‍රේෂ්ඨ බෞද්ධ විශ්වවිද්‍යාල දහයක්

බෞද්ධ දර්ශනය තුළ කුරා කූඹියෙකුට වත් හිංසාවක් පීඩාවක කරන්න අනුබල දෙන්නේ නෑ. නමුත් බුද්ධාගමේ මේ අවිහිංසාවාදී ස්වභාවය,  බුදුහාමුදුරුවෝ  ඉපදුණු ඉන්දියාවෙන් බුද්ධාගම සම්පූර්ණයෙන්ම නැති වෙලා යන්නත් හේතුවක් වුණා.ලංකාවේ අපි බුද්ධාගම රැක ගැනීම වෙනුවෙන් ආක්‍රමණිකයන් සමග සටන් කරලා අපේ මව්බිම වගේම බුද්ධ ශාසනයත් ආරක්ෂා කරගත්තා.ඉන්දියාවෙන් බුද්ධාගම අතුගෑවිලා යන්න ප්‍රධාන හේතු දෙකක් බලපෑවා.එකක් හින්දු ආගමේ හැඟීමත් එක්ක ඇතිවුණු තර්ජන. බෞද්ධ භික්ෂූන්වහන්සේලාව විවිධ වාද හරහා පරාජය කරලා උන්වහන්සේලාට හින්දු ආගම වැළඳගන්න බල කෙරුනා. හැබැයි ඊටත් වඩා බලපෑවේ උමතු ඉස්ලාම් අන්තවාදීන්ගේ ඉන්දියානු ආක්‍රමණවලදී බෞද්ධ වෙහෙර විහාරස්ථාන හිතක් පපුවක් නැතුව කොල්ල කලා විනාශ කිරීමත්, බෞද්ධ භික්ෂූන් වහන්සේලාව දුටු තැනදි මරා දැමීමත්, බෞද්ධයන් සංහාරය කිරීමත්. අවසානයේදී බොහෝ බෞද්ධයන්ට ජීවිතය බේරාගන්න ඉස්ලාම් ආගම වැළඳගන්න වුණා.ඉස්ලාම් භක්තිකයන්ගේ මේ උමතු වැඩ නිසා බෞද්ධයන්ට වගේම මුළු ලෝකයටම බොහෝ දේ අහිමි වෙලා ගියා.අපි අද කතා කරන්න  බලාපොරොත්තු වෙන්නේ ඉස්ලාම් අන්තවාදීන් අතින් විනාශ වෙලා ගිය බෞද්ධ විශ්වවිද්‍යාලය දහයක් ගැන. මේ අතරින් විශ්ව විද්‍යාල දෙකක් ගැන සිංහලෙන් අන්තර්ජාලය හරහා පළමු වරට අනාවරණය වෙන්නේ විශ්ව කර්ම මේ වීඩියෝවෙන් කියලත් කියන්න කැමැතියි.ඊට කලින් ඔබෙන් එක කාරුණික ඉල්ලීමක් කරන්න ඕන. ඒ තමයි මෙතෙක් ඔබ විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ්  කරන්නත් අපේ වීඩියෝස් නිකුත් වූ සැණින් එසැනින් දැනගන්න බෙල් සලකුණ ක්ලික් කරන්න කියන ඉල්ලීම.

1. වික්‍රමශීලා විශ්වවිද්‍යාලය

වික්‍රමශිලා විශ්වවිද්‍යාලය ආරම්භ වන්නේ ක්‍රිස්තු වර්ෂ 730 දී පමණ කාලයේදී. ඒ සඳහා අනුග්‍රාහකත්වය දක්වන්නේ පාල රාජවංශයේ ධර්මපාල නම් රජතුමා. වර්තමාන ඉන්දියාවේ බෙදීම් වලට අනුව වික්‍රමශීලා විශ්වවිද්‍යාලය අයත් වන්නේ බිහාර ප්‍රාන්තයට.ලෝ පුරා විවිධ රටවලින් වික්‍රමශීලා විශ්වවිද්‍යාලයට ශිල්ප හැදෑරීම සඳහා සිසුන් පැමිණි අතර නාලන්දා විශ්වවිද්‍යාලය සමඟ තරඟයක වික්‍රමශීලා විශ්වවිද්‍යාලය යෙදුනු බව සඳහන් වෙනවා.

මහායාන බුද්ධාගමේ ශ්‍රේෂ්ඨ දාර්ශනිකයෙකු ලෙස සැලකෙන අසිත දීපංකර නම් භික්ෂුව මෙම  විශ්වවිද්‍යාලයේ ආචාර්ය වරයෙක් ලෙස කටයුතු කළ බව කියවෙනවා. ඒ වගේම මෙම විශ්වවිද්‍යාලය තුළ තන්ත්‍ර සහ යන්ත්‍ර, මන්ත්‍ර ඉගැන්වීමද සිදු කළා. දොලොස්වන සියවසේදී මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් නොකඩවා එල්ල කරන ලද එල්ලකරන ලද ප්‍රහාර නිසා පාල රාජවංශය බලය බිඳී ගිය අතර අවසානයේදී ආගමික අමුතුවෙන් පිස්සු වැටුණු භක්තියාර් කිල්ජි නම් පාපතරයා අක්කර සියයක් පුරා පැවති මෙම විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම ගිනි ගිණිබත් කලා. ඊට පෙර විශ්වවිද්‍යාලයේ වැඩ වාසය කළ සියලුම භික්ෂුන් වහන්සේලා සහ ශිෂ්‍යයන් ඝාතනය කිරීමටත් ඔහු වග බලා ගත්තා.

2. සෝමපුර විශ්ව විද්‍යාලය

මෙම  විශ්වවිද්‍යාලය ආරම්භ කිරීම සඳහාත් අනුග්‍රහය ලබාදී ඇත්තේ ධර්මපාල රජතුමාමයි. මෙය බටහිර බෙංගාල ප්‍රදේශයේ පිහිටා තිබෙනවා.පුරා විද්‍යාත්මක කැණීම් වලට අනුව මෙම විශ්වවිද්‍යාලයේ ප්‍රධාන ගොඩනැගිල්ල අක්කර 21 ක් පුරා පැතිරී තිබූ අතර ඒ වටා තවත් අක්කර 27 ක ප්‍රමාණයක විවිධ ගොඩනැගිලි තිබී තිබෙනවා.මෙම  විශ්ව විද්‍යාලය තුළ බුද්ධාගම මෙන්ම හින්දු ආගම සහ ජෛනාගම ද උගන්වා තිබෙනවා. ටිබෙටය, බුරුමය වැනි පෙරදිග රටවල සිසුන් සෝමපුර විශ්වවිද්‍යාලය කෙරෙහි වැඩි වශයෙන් ආකර්ෂණය වුණේ එම විශ්වවිද්‍යාලය තුළ වජ්‍රයාන බුද්ධාගම ඉගැන්වීම පිළිබඳව ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත් වූ නිසයි.සෝමපුර විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන් පලමු වතාවේදී මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් විනාශ කළ අතර ඉන් පසුව එකොළොස් වන සියවසේ දී විපුලශ්‍රීමිත්‍ර බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැවත විශ්වවිද්‍යාලය විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට උත්සාහ  කරත් නැවත වතාවක් එම විශ්වවිද්‍යාලය මුස්ලිම් ආක්‍රමණිකයන් විසින් සම්පූර්ණයෙන් විනාශ කරනු ලැබුවා.

3. ඕදන්තපූරී විශ්වවිද්‍යාලය

මෙම  විශ්වවිද්‍යාලය අටවන සියවසේ දී ගොඩනඟන්නේ පාල රාජවංශයේම තවත් රජකෙනෙකු වන ගෝපාල විසින්. බිහාරයේම කොටසක පිහිටා තිබුණු මෙම විශ්වවිද්‍යාලය පැතිර පැවති ප්‍රදේශය හිරණ්‍ය පර්වත ලෙස හඳුන්වා තිබෙනවා.නාලන්දා විශ්ව විද්‍යාලයට පසුව පැරණිතම විශ්වවිද්‍යාලය ලෙස සැලකෙන්නේ මෙම  විශ්ව විද්‍යාලයයි. දොළොස් දහසක් සිසුන්ට නේවාසිකව ඉගෙනුම ලැබිය හැකි ආකාරයට සකස් කර තිබූ මෙම විශ්ව විශ්ව විද්‍යාලය තුළින් ලෝකප්‍රකට බෞද්ධ දාර්ශනිකයින් රැසක් බිහි වුණා.අද පවා මහායානික බෞද්ධයන්ගේ ගෞරවාදරයට ලක් ශ්‍රි ගංග ඒ අතරින් එක් අයෙක්.වික්‍රමශීලා විශ්වවිද්‍යාලය සහ නාලන්දා විශ්විද්‍යාලය විනාශ කළ භක්තියාර් කිල්ජි නම් සිත්පිත් නැති ආක්‍රමණිකයා විසින් මෙම විශ්වවිද්‍යාලය ද සම්පූර්ණයෙන්ම ගිනිබත් කොට සියලුම ශිෂ්‍යයන් සහ ආචාර්ය වරයන් වහන්සේලා ඝාතනය කරනු ලැබුවා.

4. ජගද්දලා විශ්වවිද්‍යාලය

වර්තමාන බංග්ලාදේශයේ පිහිටා ඇති මෙම විශ්වවිද්‍යාලය ගොඩනැගීම සඳහා මූල්‍ය දායකත්වය ලබාදී ඇත්තේ පාල රාජවංශයේම තවත් එක් රජකෙනෙකු වන රාම පාල රජු විසින්. ඒ දහ වෙනි සියවසයේ දී.වජ්‍රයාන බුද්ධාගම සහ සංස්කෘත භාෂා අධ්‍යනය පිළිබදව ප්‍රසිද්ධියක් ඉසිලූ  මෙම විශ්ව විද්‍යාලය තුළ විවිධ සංස්කෘත බෞද්ධ ග්‍රන්ථ නිර්මාණය වූ බව සැලකෙනවා.කෙසේ වෙතත් අනෙකුත් විශ්වවිද්‍යාල වලට සිදු වූ අවාසනාවන්ත ඉරණමට මෙම විශ්ව විද්‍යාලයටත් ගොදුරු වීමට සිදු වුණා. ඉස්ලාම් අන්තවාදීන් ගේ ප්‍රහාර වලින් යන්තම් දිවි ගලවා ගැනීමට සමත් වුණ ජගද්දලා විශ්වවිද්‍යාලයේ ඇතැම් හිමිවරු අතට අසු වූ පතපොත රැගෙන ටිබෙටය වැනි ප්‍රදේශවලට පලා ගියා.

5. නාලන්දා විශ්ව විද්‍යාලය

ලෝකයේ එතෙක් මෙතෙක් බිහිවූ බිහිවූ විශිෂ්ටතම විශ්වවිද්‍යාලය ලෙස අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ නාලන්දා විශ්වවිද්‍යාලය. පස්වන සියවසේ ගුප්ත රාජවංශයේ රජවරුන්ගේ අනුග්‍රහය යටතේ ආරම්භවුනු මෙම  විශ්ව විද්‍යාලය කෙටි කාලයක් තුළ ලෝකයේ විශිෂ්ටතම අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් විදිහට ප්‍රසිද්ධියට පත් වුණා.මෙම විහාරාරාම  සංකීර්ණය පුරාතන ඉන්දියාවේ ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම ඉදිකිරීමක් විදිහට සැලකෙනවා. මෙම විශ්වවිද්‍යාලය තුළ ඉගෙනුම ලැබීම ගොඩනැගිලි සංකීර්ණ අටක් සහ විහාරාරාම දහයක් පිහිටා තිබුණා.බුද්ධාගමට පමණක් සීමා නොවුණු මෙම  විශ්වවිද්‍යාලය තුළ  ආයුර්වේදය, ගණිතය ගෘහ නිර්මාණ ශිල්පය තාරකා ශාස්ත්‍රය වැනි ලෞකික අංශයට බර විෂයන් රැසක් උගන්වනු ලැබුණා.නාලන්දා විශ්ව විශ්ව විද්‍යාලය සතු වටිනාම වස්තුව වූයේ විශ්වවිද්‍යාල පුස්තකාලයයි.ඇත්ත වශයෙන් මෙය රත්නසාගර, රත්නජංක, රත්නනිධි  යන මහල් නමය  බැගින් වුය් පුස්තකාල සංකීර්ණ තුනක එකතුවක්. බෞද්ධයන්ගේ පමණක් නොව මුළු මහත් ලෝකයේම උරුමයක් වුණු මෙම පුස්තකාලය සමගින් මුළු නාලන්දාවම ගිනි තබා විනාශ කිරීමට භක්තියාර් කිල්ජි කටයුතු කළා.මෙම පුස්තකාලය තුළ තුළ කොතරම් පොත්පත් අඩංගු වුණාද කිව්වොත් කිවහොත් මාස ගණනාවක් පුරා එම පුස්තකාලය දැවෙමින් තිබුණ බව පැවසෙනවා.

6. තක්ෂිලා විශ්වවිද්‍යාලය

පුරාණ සොළොස් මහ ජනපද අතරින් ගාන්ධාර දේශයේ අගනුවර වුණු තක්ෂිලාව මේ වනවිට අයත්වන්නේ පාකිස්තානයට.මෙම විශ්වවිද්‍යාලයේ ආරම්භය ක්‍රිස්තු  පූර්ව පස්වන සියවස දක්වා අතීතයට දිව යන බව සඳහන් වෙනවා.නමුත් බෞද්ධ සාහිත්‍යයේ එන ඇතැම් පුවත්වලට වලට අනුව එම විශ්වවිද්‍යාලයේ ආරම්භය ඊටත් පැරණි බවට මතයක් පවතිනවා.වේදය ඉගැන්වූ විශ්වවිද්‍යාලයක් ලෙස ආරම්භ වූ මෙම සරසවිය බෞද්ධ දර්ශනය ප්‍රචලිත වීමත් සම බෞද්ධ දර්ශනය උගන්වන කේන්ද්‍රස්ථානයක් බවට පත් වුණා.නමුත් විශේෂත්වය වුණේ වෛදික දර්ශනය සහ ඒ හා සම්බන්ධ ලෞකික විෂයයන් සඳහා මෙම විශ්වවිද්‍යාලය තුළ ඉඩකඩ ලැබීම. උදාහරණයක් ලෙස දුනු හී වලින් විදීම, යුද්ධ ශිල්පය වැනි විද්‍යාවන්ද මෙම විශ්වවිද්‍යාලය  තුළ උගන්වනු ලැබුවා. පර්සියානු හමුදාවක් විසින් ගාන්ධාරය ආක්‍රමණය කිරීමෙන් පසුව මෙම විශ්වවිද්‍යාලය සතුව සතු ධනය කොල්ලකා විශ්වවිද්‍යාලය විනාශ කිරීමට කටයුතු කළා.නමුත් පර්සියානු හමුදාව පසු බැසීමෙන් පසුව නැවතත් මෙම විශ්වවිද්‍යාලය පණ ගැන්වීමට එරට වැසියන් සහ විශ්වවිද්‍යාලයේ ගුරුවරු කටයුතු කළා.නමුත් ඉන් පසුව එළඹුණු ඉන්දියාව මුස්ලිම් ආක්‍රමණිකයන්ට යටත් වුණු යුගයේදී ඔවුන් කිසි ලෙසක හින්දු හා බෞද්ධ ආගමික ප්‍රබෝධයකට ඉඩ ලබා දුන්නේ නැහැ. ඔවුන්ගේ ප්‍රහාරවලින් තක්ෂිලා  විශ්වවිද්‍යාලය යළි නොනැගිටින ලෙසට විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ සහ ආචාර්යවරුන්ගේ මළකඳන් සමගින්  ගින්නෙන් සදහටම දැවී ගියා.

7. පුෂ්පගිරි විශ්වවිද්‍යාලය

ජනප්‍රවාද වල සඳහන් වෙන ආකාරයට මෙම සුවිශේෂී විශ්වවිද්‍යාලය නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දෙන්නේ  අශෝක අධිරාජයා විසින්, නමුත් පුරාවිද්‍යාඥයන් නම් එම මතයට එකඟ වෙන්නේ නැහැ ඔවුන් පවසන්නේ දෙවන සියවසේදී සුංග රාජවංශයේ අනුග්‍රහය යටතේ මෙම විශ්ව විශ්වවිද්‍යාලය ආරම්භ වූ බවයි.වර්තමාන ඔරිස්සාවේ පිහිටා ඇති මෙම විශ්වවිද්‍යාලය ලලිත ගිරි, රත්නගිරි සහ උදයගිරි යන පර්වත තුන ආශ්‍රිතව පිහිටා තිබෙනවා. වසර 7ක පමණ කාලයක් කැණීම් කිරීමෙන් අනතුරුව මෙම විශ්වවිද්‍යාලයෙන් සොයා ගැනීමට හැකිව තිබෙන්නේ කොටසක් පමණයි

එසේම පුරාවිද්‍යාඥයන් විසින් බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියන ලද විවිධ ලෝහ පත්තිරු මත සටහන් කරන ලද ග්‍රන්ථ විශාල ප්‍රමාණයක් මෙම විශ්වවිද්‍යාල භූමිය තුළින් සොයාගෙන තිබෙනවා.ඉන් ලබන ලැබෙන සාධක අනුව කුශාන  රාජ වංශයත් මෙම විශ්වවිද්‍යාලය සඳහා අනුග්‍රහය  දක්වා තිබෙනවා. බුද්ධාගම පමණක් නොව වෛදික දර්ශනය සඳහාත් මෙම විශ්වවිද්‍යාලය විවෘත පැවති බවට එක සාධකයක් වී ඇත්තේ මෙම විශ්ව විද්‍යාලයෙන් බුදු පිළිමවලට අමතරව හමුවී ඇති විවිධ දේව රූපයි.කෙසේ වෙතත් දාහතර වැනි සියවස වන විට වනවිට පුෂ්පගිරි විශ්වවිද්‍යාලය මතකයක් බවට පත් කිරීමට ඉස්ලාම් ආක්‍රමණිකයන් සමත් වුණා.

8. වලභි විශ්ව විද්‍යාලය

වර්තමාන ගුජරාට ප්‍රදේශයේ පිහිටා තිබුණු මෙම  විශ්වවිද්‍යාලය නාලන්දා විශ්වවිද්‍යාලය සමඟ නොනවතින තරගයක යෙදී තිබුණු විශ්වවිද්‍යාලයක්. ඊට එක හේතුවක් වූයේ නාලන්දා  විශ්වවිද්‍යාලය තුළ මහායාන බුද්ධාගමට ප්‍රමුඛස්ථානය ලැබෙද්දී වලභි විශ්වවිද්‍යාලය එවකට පැවති එකම ථේරවාදී දර්ශනය උගන්වන විශ්වවිද්‍යාලය වීමයි.සාමාන්‍යයෙන් ථේරවාදී දර්ශනය තුළ ලෞකික ඉගැන්වීම් වලට එතරම් ප්‍රමුඛස්ථානයක් ලබා නොදුන්නත් වලභි විශ්ව විද්‍යාලය තුළ ආර්ථික විද්‍යාව සහ දේශපාලන විද්‍යාව වැනි විෂයන් උගන්වා තිබෙනවා.නාලන්දා  විශ්වවිද්‍යාලයේ ඇතැම් සිසුන් පවා වලභි විශ්ව විද්‍යාලයේ විශිෂ්ටත්වය නිසා එම විෂයන් ඉගෙන ගැනීමට එම විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට උත්සාහ දරා තිබෙනවා. ගුජරාටය එල්ල වූ විනාශකාරී මුස්ලිම් ආක්‍රමණයක් නිසා වලභි විශ්වවිද්‍යාලය සම්පූර්ණයෙන්ම විනාශ වුවත් එම විශ්වවිද්‍යාලයෙන් ඉගෙන ගත් විවිධ රාජ වංශ වල ප්‍රභූවරුන් සහ දානපතින් විසින් නැවතත් විශ්වවිද්‍යාලය ගොඩනැඟීමට කටයුතු කළා.යළිත් පෙර පැවති සමෘදිමත් තත්ත්වයට පත් වුණු මෙම විශ්ව විද්‍යාලයට එකොළොස් වැනි සියවසේ දී නැවතත් මුස්ලිම් ආක්‍රමණිකයන් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කරනවා.

ඉන්පසුව ඔවුන් එම ප්‍රදේශවල බලය තහවුරු කරගැනීමට සමත් වුණු නිසා නැවතත් වලභි විශ්වවිද්‍යාලයට හිස වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ.

9. බික්‍රම්පූර් විශ්වවිද්‍යාලය

වර්තමාන බංග්ලාදේශය පිහිටා ඇති මෙම මෙම විශ්ව විද්‍යාල පරිශ්‍රය ගොඩනගන ලද්දේ පාල රාජ වංශයේ ධර්මපාල රජු විසින්.මෙය එම අධිරාජයා විසින් ගොඩනඟන ලද බෞද්ධ විහාරාරාම තිහ අතරින් එකක් ලෙස සැලකෙනවා. දීර්ඝ කාලයක් පස් යට සැඟවී පැවැත්වුණු මෙම විශ්ව විශ්වවිද්‍යාලය නැවතත් පාදා ගැනීමට හැකියාව ලැබුනේ ඉතාමත් මෑතකදී එනම් 2013 වර්ෂයේදී.දැනට සිදුකරන සිදු කරන ලද කැණීම් වලට මම අනුව ශිෂ්‍යයන් 8000 ක පමණ ප්‍රමාණයක් මෙම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා තිබෙනවා.

ඒ වගේම චීනය, ටිබෙටය, තායිලන්තය වැනි රටවලින් පවා මෙම විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා ගැනීමට සිසුන් පැමිණ ඇති බවට සාධක හමු වී තිබෙනවා.

10. ටෙල්හාරා විශ්වවිද්‍යාලය

2014 වර්ෂයේ වර්ෂයේදී මෙම විශ්වවිද්‍යාලයේ කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබුබා. මෙම විශ්වවිද්‍යාලය පිළිබඳව හියූසාං වැනි චීන දේශ ගවේශකයන්ගේ වාර්තාවල කරුණු ඇතුළත්ව පවතින අතර බොහෝදෙනා විශ්වාස කරන ලද්දේ මෙම විශ්වවිද්‍යාලය ගුප්ත රාජවංශය සමයේදී ආරම්භ වූ බවයි නමුත් පුරාවිද්‍යාත්මක කැණීම් මගින් තහවුරු වී ඇති පරිදි මෙම විශ්වවිද්‍යාලයේ ආරම්භය කුෂාණ  රාජවංශය දක්වා දිවෙන බවය.එම සාධක අනුව මෙම  විශ්වවිද්‍යාලය නාලන්දා විශ්වවිද්‍යාලයටත් වඩා පැරණි බවට නිගමනය කරන්න පුළුවන් .හියුන්සාන් සඳහන් කර ඇති ආකාරයකට මහල් තුනකින් යුතු ප්‍රධාන ශාලාවකින් සහ දහසකට අධික ශිෂ්‍යයන් පිරිසකින් මෙම විශ්ව විද්‍යාලය සමන්විත වී තිබෙනවා. මහායාන බුද්ධාගම ඉගැන්වීම කෙරෙහි මෙම  විශ්වවිද්‍යාලය ප්‍රමුඛත්වයක් ලබා දී තිබෙනවා.පුරා විද්‍යාත්මක කැණීම් වලින් ටෙල්හාරා විශ්වවිද්‍යාලයට අත්වී ඇත්තේ ද නාලන්ද හා නාලන්ද හා විශ්වවිද්‍යාලයට අත්වූ ඉරණමම තහවුරු කර කර ගැනීමට පුරා විද්‍යාඥයන් සමත් වුණා. ඒ අඩි එකහමාරක් පමණ ඝනකමින් යුතු අලු තට්ටුවකින් විශ්වවිද්‍යාල නටබුන් වැසී පැවති තිබීම නිසා.මින් පැහැදිලි වන්නේ සම්පූර්ණ විශ්වවිද්‍යාලයම ගින්නෙන් දැවී ගිය බවයි.

මේ විශ්ව විද්‍යාල ඉස්ලිම් ආක්‍රමණිකයන් අතින් විනාශ නොවුණා නම් මේ දැනුම නිසා ලෝකය කොයිතරම් දුරට වෙනස් වෙන්න තිබ්බද? තවත් මේ වගේම දැනුම ගෙන එන වීඩියෝවකින් නැවතත් මුණ ගැහෙමු.