ඔබ එකතු කරන සෑම සීනී හැන්දක් සමග මරණයට ඔබ අත වනන බව ඔබ දන්නවාද?

මේ අපි කියන්න යන්නේ ඔබට මෙතෙක් කල් අහන්න නොලැබුණු කතාවක්.මීට අවුරුදු කීපයකට කලින් මුළු ලෝකය පුරා පිරිස 1972 වර්ෂයේදී නිකුත් වූ පොතක් සොයමින් අන්තර්ජාලය පීරන්න වුණා.ඇතැම් අය මේ පොත වෙනුවෙන් ඉතා ඉහළ මුදලක් ගෙවීමට පවා කටයුතු කළා.මේ නිසාම සමහර පිරිස් මේ පොතේ ව්‍යාජ පිටපත් නිර්මාණය කරමින් ඉහළ ආදායමක් ලබා ගැනීමටත් කටයුතු කළා. මේ පොත තමයි Pure, White and Deadly, පොත ලියලා තිබ්බේ ජොන් යුඩ්කින් නම් මහාචාර්යවරයා.මේ මහාචාර්යවරයාගේ කථාව අපේ රටේ ඖෂධ මාෆියාවක් එක්ක සටන් වැදුණු ආචාර්ය සේනක බිබිලේගේ ජීවිත කතාවට සමානයි.ආචාර්ය බිබිලේව ඖෂධ මාෆියාව විසින් ඝාතනයට ලක් කළා.නමුත් සීනි මාෆියාව ආචාර්ය ජෝන් යුඩ්කින්ව නොමරා මැරුවා.අපි අද ඔබත් එක්ක බෙදා ගන්න යන්නේ ඔබේ ජීවිතයේ ආයුෂ දවසින් දවස කෙටි කරන ඔබේ නිවසේම ඉන්න මාරයෙක් ගැන සහ ඒ මාරයාට එරෙහිව සටන් වැදීම නිසා තමන්ගේ ජීවිතයේ හැමදේම අහිමි කර ගත්ත මිනිසෙක් පිළිබඳ කතාව.ඊට කලින් ඔබ මෙතෙක් විශ්වකර්ම යූ ටියුබ් නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරල නැත්තන් සබ්ස්ක්‍රයිබ් කරන්නත් අපේ වීඩියෝස් නිකුත්වූ සැනින් දැනගන්න පුංචි බෙල් සලකුණ ක්ලික් කරන්න අමතක කරන්න එපා කියන පණිවිඩයත් මතක් කරන්න කැමතියි.

මේ පොත ගැන අලුතෙන් උනන්දුවක් ඇති වෙන්න  හේතුව වෙන්නේ  රොබට් ලස්ටින්ග් කියන මහාචාර්යවරයා සීනි වල තියන සෞඛ්‍ය  තර්ජනය ගැන දේශනයක් පවත්වනවා. එහිදී ඔහු මේ පොත ගැන සඳහන් කරනවා. ඔහු කියන්නේ තමන්ට අවුරුදු හතලිහකට විතර කලින් මේ දෙයම යම් පුද්ගලයෙක් කියලා තිබ්බා කියලා.ඒ තමයි ජෝන් යුඩ්කින්.ඔහු තම දේශනයේදී ජෝන් යුඩ්කින්ව වර්ණනා කරන්නේ අනාවැකිකරුවෙක් විදිහට.දැන් අපි මහාචාර්ය ජෝන් යුඩ්කින්ට අත් වෙච්ච අවාසනාවන්ත ඉරණම පිළිබඳ කතාවට අවධානය යොමු කරමු.

1960 වගේ කාලයකදී බටහිර ලෝකය පුරා විශ්වවිද්‍යාල වල සහ විද්‍යාගාර වල පර්යේෂණ සඳහා ප්‍රධානම මාතෘකාවක් තිබ්බා.ඒ තමයි ලෝකය පුරා හරි හෘදය රෝග අසාමාන්‍ය විදිහට වැඩි වීම.එංගලන්තයේ සෑම මරණ දහදාකින්ම පන්සිය විස්සකට හේතුව හෘදයාබාධ වෙද්දි ඇමරිකා එක්සත් ජනපදයේ සෑම මරණ දහදාහකටම හත්සියයක් දක්වා ඒ අගය ඉහළ ගියා. නමුත් බොහෝ වෛද්‍යවිද්‍යාව සම්බන්ධ ප්‍රමුඛ පෙළේ  මහාචාර්යවරුන් මීට හේතුව විදිහට සැලකුණේ එම රටවල ජනතාව අධික වශයෙන් මේද පරිභෝජනය කිරීම.

මේ මතය ලොව පුරා ප්‍රචලිත කරන්න එක සුප්‍රකට පෝෂණවේදියකු දායක වුණා. ඔහු තමයි ඇන්සල් කී .ඒ වන විට ඔහු දෙවැනි ලෝක යුද්ධ සමයේදී හමුදා සඳහා අවශ්‍ය පෝෂණ අවශ්‍යතා වෙනුවෙන් පෝෂණ ගුණයෙන් වැඩි ආහාර නිෂ්පාදනයට දායක වීම නිසා අති මහත් කීර්තියක් ලබා තිබූ කෙනෙක්.ඔහු වැඩිදුරටත් කියා සිටියේ මේදය කියන්නේ ලෝක මානව වර්ගයාගේ සතුරෙක් කියලා. ඊට විකල්පයක් ලෙස සියලු දෙනාම මධ්‍යධරණී මුහුද ආශ්‍රිත රටවල් වල භාවිතා කරන සැහැල්ලු ආහාර සඳහා යොමුවිය යුතුයි කියලා ඔහු නිර්දේශ කළා.

ඇන්සල්ගෙ මේ ප්‍රකාශයත් එක්ක ආහාර නිෂ්පාදන සමාගම් අලුත් අවස්ථාවක් ගැන අදහසක් ලබා ගත්තා. ඒ අය අඩු මේද සහ මේද රහිත යෝගට්, අතුරු පස, බිස්කට්, ජෑම් වර්ග ආදිය නිෂ්පාදනය කරලා වෙළඳ පොලට නිකුත් නිකුත් කරන්න පටන් ගත්තා.

නමුත් එක්තරා පුද්ගලයෙක් ඇන්සෙල් කීගේ මේ මතයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරා.

ඔහු තමයි ජෝන් යුඩ්කින්.ඔහු ලන්ඩන් විශ්ව විද්‍යාලයට අනුබද්ධ ක්වීන්ස් එලිසබත් කොලේජ්හී පෝෂණවේදය පිළිබඳ දෙපාර්තමේන්තුවේ ආරම්භකයා.ඔහු විධිමත් පර්යේෂණයකින් අනතුරුව ප්‍රකාශ කරේ හෘදය සම්බන්ධ රෝග වැඩි වීමට ප්‍රධානම හේතුව වී ඇත්තේ මේද පරිභෝජනය නොව සීනි පරිභෝජනය බවයි.ඔහු සතුන්ගේ ආහාර වේල් වල අඩංගු සීනි පරිමාවේ වෙනස්කම් සහ සතුන්ට වැළඳෙන රෝග අධ්‍යයනය කිරීම තුළින් මේ නිගමනයට පැමිණිලා තිබ්බා.

ඔහු pure white and deadly කෘතිය නිකුත් කරමින් වැදගත් ප්‍රශ්නයක් මතු කළා. ඒ මේදය බහුල ආහාර අපි සියවස් ගණනාවක් පුරා ආහාරයට ගෙන තිබෙනවා.නමුත් මේ අයුරින් හර්දරෝග වල වැඩි වීමක් දකින්නට ලැබුණේ නැහැ. සුදු සීනි මිනිසාගේ ආහාර වේල් සඳහා වේල සඳහා එකතු වෙන්නේ වර්ෂ 1850 න් පසුවයි.එතැන් පටන් හෘද රෝග බහුල වීම දකින්නට ලැබෙනවා. ඔහු මේ කෘතිය මගින් ආහාර සඳහා සුදු සීනි භාවිතය තහනම් කළ යුතු බවටද යෝජනාවක් කළා.

ජෝන් යුඩ්කින්ගේ මේ යෝජනාව නිසා සමස්ථ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රය ම කැලඹීමට ලක් වුණා. ඔවුන් විසින් මේද අඩු සහ මේද රහිත ආහාර වල මෙදය අවම වීමෙන් ඇතිවන රසෙහි ඌනතාවය වලක්වා ගැනීමට එම ආහාර සඳහා අධික ලෙස සුදු සීනි භාවිතා කළ තිබුණා.මේ නිසා මෙම ආහාර නිෂ්පාදන සමාගම් ජෝන් යුඩ්කින්ව තමන්ගෙ සතුරෙක් බවට හඳුනා ගත්තා.

ඔවුන්ගේ සහායට ඇන්සල් කීද පැමිණියා.ආහාර සමාගම් වල ආශිර්වාදයෙන් ඇන්සල් කීට සුවිශාල ජනමාධ්‍ය අනුග්‍රහයක් ලැබුණා. ඒ වගේම බ්‍රිතාන්‍යයේ සීනි බියුරෝව සහ ලෝක සීනි පර්යේෂණ ආයතනය යුඩ්කින්ගේ මේ සොයා ගැනීම් පදනම් විරහිත නන් දෙඩවීම් බවට ප්‍රකාශයක් නිකුත් කළා. එතැන් පටන් කිසිදු අන්තර්ජාතික සැසිවාරයක් සඳහා යුඩ්කින්ට ආරාධනා ලැබුණේ නැහැ.ඔහුට ලැබුණු ආරාධනා සියල්ල අවසාන මොහොතේදී මොහොතේ දී අවලංගු කෙරුණා.එය සෑම සැසිවාරයකම පාහේ ඇන්සල් කී ආහාර නිෂ්පාදන සමාගම් වල සම්පූර්ණ වියදමින් සහභාගි වී ජෝන් යුඩ්කින්ව විහිලු කාරයෙක් ලෙස හඳුන්වා දුන්නා.

මේ තත්ත්වය කොතරම් දරුණු මට්ටමට පැමිණිය ද කියතොත් ඔහු සමග සේවය කළ පිරිස් වලට සහ ඔහුගේ ශිෂ්‍යයන්ට පවා මෙවැනි සැසි තහනම් බවට පත් වුණා.අවසානයේදී ජෝන් යුඩ්කින් විශ්‍රාම ගැනීමෙන් පසුව ලන්ඩන් විශ්ව විද්‍යාලයේ ඔහුම ආරම්භ කළ පෝෂණවේදී දෙපාර්තමේන්තුව  ඔහු සමඟ සබඳතා පැවැත්වීමෙන් වැළකී සිටියා.

ජෝන් යුඩ්කින්ට අත්වූ ඉරණම දුටු බොහෝ පිරිස් එතැන් පටන් සීනි පිළිබඳව කිසිදු ඍණාත්මක දෙයක් පැවසීමෙන් වැළකී සිටියා.

1995 දී ජෝන් යුඩ්කින් මිය ගියේ බිඳුනු හදවතක් සහිත මිනිසෙක් විදිහටයි.කෙසේ වෙතත් ඉන් පසුව සිදු කරන ලද පර්යේෂණ මගින් සුදු සීනි වල ඇති මරණීය ස්වභාවය ගැන පර්යේෂණාත්මක ව පර්යේෂණාත්මකව ඔප්පු වුණා රොබට් ලස්ටින්ග්ගේ දේශන මාලාවේ ප්‍රතිඵලයක් විදිහට ජෝන් යුඩ්කින් ගැන නැවතත් කතාබහක් ලොවපුරා ඇති වුණා.ඉන්පසුව පෙන්ගුයින් සමාගම විසින් ඔහුගේ Pure, Deadly and White කෘතිය නැවත ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළා.

දැන් ඔබටත් ප්‍රශ්නයක් තියෙනවා ඇති සුදු සීනි ඔය කියන තරම් භයානක දෙයක්ද කියන එක ගැන. මේ භයානක භයානක කම තේරුම් නොගැනීම නිසාම  බොහෝ දෙනෙක් වෛද්‍යවරු කිව්වට ඔන්න ඔය කමන්නෑ සීනි ටිකක් කෑවට කියන අදහස ඔලුවෙ තියාගෙන ඉන්නවා. අපි කලින් සදහන් කරා වගේම සුදු සීනි ආහාර වලට එකතු වෙන්න පටන් ගන්නේ එක 1850 ටත් පස්සේ.එතකොට අපේ මුතුන් මිත්තෝ සීනි කෑවෙ නැද්ද කියන ප්‍රශ්නය සමහර විට ඔයාලට ඇති වෙන්න ඇති.මේකට උත්තර දෙකක් තියනවා. එකක් තමයි ලංකාව වගේ ම පෙරදිග රටවල ආහාර රසකාරකයක් විදිහට සීනි වෙනුවට භාවිතා කරලා තියෙන්නේ පැණි.ඒ වගේම අද අපිට නැතුවම බැරි වෙලා තියන තේ සහ කෝපි පානයක්  අපිට පුරුදු වෙලා තියෙන්නේ බටහිර ජාතීන්ගෙන්.ඊට කලින් අපි පොරොන්දු වෙලා තිබ්බේ එක්කෝ උදේට කැඳ කෝප්පයක් පානය කරන්න හවසකට නම් බෙලිමල්, රණවරා වතුර වගේ දෙයක් බොන්න.ඒ හැම අවස්ථාවකදීම අපි  ළඟ තියා ගත්තේ කිතුල් හකුරු කෑල්ලක්.ඒ වගේ ම රස කැවිලි හදන්න අපි පාවිච්චි කරලා තියෙන්නේ පැණි වර්ග.මේ නිසා අපේ කැවුම් වර්ග ඉස්සර හඳුන්වලා තියෙන්නේ පැණි කැවුම් කියලා.

හැබැයි මේ කතාවලින් අපි කියන්න හදන්නේ සීනි නිෂ්පාදනය සිද්ධ වුණේ අපරදිග රටවල් වල කියන එක නම් නෙමෙයි.සීනි නිෂ්පාදනය සිද්ධ වුණේ පෙරදිග රටවල්වල.අපේ පැරණි පැරැණි සාහිත්‍ය පත පොත වල පවා සීනි නිෂ්පාදනය කිරීම ගැන සඳහන් වෙනවා.

උක් ගසේ සාරය අරන් තමයි සීනී නිෂ්පාදනය කරන්නේ. හැබැයි මෙහෙම නිෂ්පාදනය කරන කරාම ලැබෙන්නේ දුඹුරු පැහැති සීනි.එහෙනම් දැන් ඔබ කල්පනා කරනවා ඇති දුඹුරු පාට සීනි සුදු පාට  වුණේ කොහොමද කියලා. ඒ සඳහා රසායනික ද්‍රව්‍යයක් භාවිතා කෙරෙනවා.සාමාන්‍යයෙන් සීනි නිෂ්පාදනයේ දී මේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන වචනය තමයි සීනි පිරිපහදු කිරීම.මේ වචනය ඇහුණම ඔබට හිතෙනවා ඇති මේ ක්‍රියාවලියෙන් කරන්නේ සීනි පිරිසිදු කිරීම කියලා.නැහැ ඒ වචනය අපිට දෙන මානසික අල්ලසක්.මෙතනදි වෙන්නෙ සීනි සුදු පාට කරන එක විතරයි. මොකද මිනිස්සු දුඹුරු පාටට වඩා සුදු පාටට වැඩිපුර ආකර්ෂණය වන නිසා.ඔබ නිකම් කල්පනා කරල බලන්න දෙයක් දුඹුරු පාටට තියෙද්දිද ඔබ ඒ දෙයට ප්‍රිය කරන්නේ එහෙමත් නැත්තන් සුදු පාටින් තියෙද්දීද කියලා.

නමුත් පුදුමයකට වගේ කෙමිකල් අනන් මනන් දාලා සුදු පාට කරන සුදු සීනී ස්වභාවිකව නිෂ්පාදනය කරන දුඹුරු සීනි වලට වඩා මිලෙන් අඩුයි.මේකට හේතුව ඔබට හිතාගන්න පුළුවන්ද? ඔබට අපි කලින් සඳහන් කරපු ජෝන් යුඩ්කින් මහතාගේ කතාව ගැන ආපහු කල්පනා කළොත් උත්තරයක් ඔලුවට එයි.

ඒ වගේ ම සුදු සීනි නිෂ්පාදනය ආරම්භ වුණාට පස්සේ දුඹුරු සීනි කියන්නේ මිනිසාගේ සෞඛ්‍යයට බරපතළ තර්ජනයක් කියලා සුවිශාල ප්‍රචාරණ ව්‍යාපාරයක් අදාළ සමාගම් විසින් ගෙන ගියා.හරියටම මීට අවුරුදු ගානකට කලින් පොල් තෙල් කියන්නේ මිනිස් සෞඛ්‍යයට අහිතකර දෙයක් කියලා, ඒ වෙනුවට එළවළු තෙල් පාවිච්චි කරන්න කියලා අපිට බල කරපු ප්‍රචාරණ ව්‍යාපෘතිය වගේ. බොහෝ බහු ජාතික සීනි සමාගම්වල පාලනය යටතේ ම ඖෂධ සමාගමුත් තියෙනවා.මිනිසාට රෝග වැලඳෙන්නේ නැත්නම් මේ සමාගම් වල පැවැත්ම අනතුරේ වැටෙනවා කියන එක කියන්න දෙයක් නෙමෙයිනේ.

සුදු සීනි අපේ ගෙවල්වලින් ඉවත් කළ යුතුම දෙයක් කියන්න හේතු වෙන කාරණා රාශියක් තියෙනවා.පළවෙනිම දේ හේතුව තමයි සීනි කියන්නේ ඉතාමත් ඇබ්බැහි වෙන දෙයක්.කොකේන් ඇබ්බැහියයි සීනි ඇබ්බැහියයි අතර ලොකු වෙනසක් නැහැ.නිකන් කල්පනා කරල බලන්න හැමදාමත් ඔබ සීනි සහිතව ලැබෙන තේ කෝප්පයට සීනි නැහැයි කියලා දැනුනොත් ඔබේ ප්‍රතිචාරය මොනවගේ වෙයිද ? ඔබ නොදැනුවත්වම සීනි වලට ඔබ ඇබ්බැහි වෙලා ඉවරයි.

සීනි වලින් ඇති කරන නරකම ප්‍රතිඵලය තමයි අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කිරීම.ඔබ හොයලා බැලුවොත් එහෙම සමහර සාම්ප්‍රදායික වෙදකම වල දී සීනි භාවිතය සම්පූර්ණයෙන්ම නතර කරන්න කියලා උපදෙස් ලැබෙනවා.හේතුව තමයි ප්‍රතිශක්තිකරණය දුර්වල කරන අංක එකේ සාධකයක් බවට සීනි පත්වීම නිසා.

අනිත් එක තමයි සීනි  කියන්නේ ඔබේ සිනහා වත් එක්ක සංසාරගත හතුරෙක්. සීනි මගින් දත් දිරා යාම වේගවත් කරනවා.

ඊළඟ බරපතලම කාරණය තමයි සීනි භාවිතය නිසා ඔබටඒ නිසා ඔබට පිළිකා වැළඳීමේ අවදානම ඉහළ නංවනවා.වැඩිපුර සීනි පරිභෝජනය කිරීම නිසා අපේ ඇඟ තුළ ශරීරයට උවමනා ප්‍රමාණයටත් වඩා ඉන්සියුලින් නිෂ්පාදනය වෙනවා.මේ නිසා සෛල වර්ධනය වේගවත් වෙනවා. නමුත් ගැටලුවකට තියෙන්නේ මේ නිසා ශරීරයට හිතකර සෛල වගේම ශරීරයට අහිතකර පිළිකාකාරක සෛල නිෂ්පාදනය වීමත් වේගවත් වීම.

සීනි වල ප්‍රධාන සංඝටක දෙකක් අඩංගු වෙනවා ඒ ග්ලූකෝස් සහ ෆෘක්ටෝස්, ෆෘක්ටෝස් ශරීරයට අවශෝෂණය කර ගැනීමේ කටයුතු සිද්ධ වෙන්නේ අක්මාව තුළින්. ශරීරයට අධික ලෙස සීනි ඇතුලත් වීම නිසා අක්මාව සතු ෆෘක්ටෝස් අවශෝෂණය කිරීමේ ක්‍රියාවලිය කාර්යක්ෂමව සිදු කර ගැනීමේ හැකියාව කෙමෙන් කෙමෙන්  අඩු වෙනවා.මේ නිසා අවශෝෂණය නොවූ පෘක්ටෝස් තෙල් තට්ටුව විදිහට අක්මාව තුළ තැන්පත් වෙන්න පටන් ගන්නවා.ඊට පස්සේ මොකද වෙන්නෙ කියලා අමුතුවෙන් කියන්න ඕන නැහැ කියලා අපි හිතනවා.

අද වෙනකොට කුඩා දරුවන් අතර ශරීර ස්ථුලභාවය කියන දේ වසංගතයක් ඒ මට්ටමට පැතිරිලා යනවා.ඒ වගේම ළමා දියවැඩියා රෝගීන් කියන වචනය අපිට නිතර ඇහෙන වචනයක් බවට පත් වෙමින් තිබෙනවා.මේකටත් ඉතින් ප්‍රධානම හේතුව වෙන්නේ අධික ලෙස සීනි පරිභෝජනය කිරීම.

කොලජන් සහ ඉලාස්ටින් කියන්නේ ඔබේ සමේ ඇදෙන සුළු ගතිය වලක්වන්න කටයුතු කරන ප්‍රෝටීන් වර්ග දෙකක්.සරලවම කියනවා නම් මේ ප්‍රෝටීන් වර්ග දෙක සම රැලි වැටීම වළක්වලා වයසට යෑමේ ස්වභාවයෙන් ඔබේ ශරීරය ආරක්ෂණ කරනවා.නමුත් අධික ලෙස සීනි පරිභෝජනය මඟින් ශරීරය තුළ මේ ප්‍රෝටීන් නිෂ්පාදනය වීමේ ක්‍රියාවලිය අඩපණ කෙරෙන ඒ නිසා එහි ප්‍රතිඵලයක් විදිහට ශරීරයේ  රැලි වැටීම් ආදිය වේගවත් වෙනවා.

මේ වගේ සුදු සීනි නිසා ඔබේ සෞඛ්‍යයට ඇති වෙන්න පුළුවන් බලපෑම් ගැන තවම videos ගණනාවක් වුණත් කරන්න පුළුවන් .අපි ඔබෙන් ඉල්ලන්නේ හැකිතාක් දුරට සුදු සීනි වෙනුවට දුඹුරු සීනි පරිභෝජනයට යොමු වෙන්න.ඔබේ සෞඛ්ය ආරක්ෂා කර ගන්න.තවත් මේ වගේම නෙතුමානයෙන් ඔබ්බට ඔබව ගෙන යන වීඩියෝවකින් නැවතත් මුණ ගැහෙමු.