සතියේ පලාපල - 2018 ජුලි 15 සිට 21 දක්වා

මේෂ

සුබ පල ගෙන දෙයි. ක්‍රියාශීලීව කටයුතු කරයි. රැකියාවේ ගැටලු මතු කරයි. තරමක් අවිවේකී වේ. සමාජ සත්කාර කටයුතු කිරීමට අවස්ථාව උදාවේ. අධික කාමාශා ඇති කරයි. ආගමික කටයුතුවලට සහභාගි වේ. උදරාබාධ ඇතිවීමට බොහෝ ඉඩකඩ පවතී. මහත් ආඩම්බරයෙන් කාලය ගත කරයි. නිවසේ සමගියට සුළු බාධා පැමිණේ. විනෝද ගමන් හෝ දුර ගමනකට හේතු වේ. එක් ගතියකින් කල්ගත කිරීම අසීරු වෙයි. චංචල ගති ඇති වේ. කොටස්කාර ව්‍යාපාර තුළින් ලාභ ලැබේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා

සුබ වර්ණ – රතු සහ නිල්

සුබ අංක – 1, 2, 4, 5, 7, 9

සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ

මිශ්‍රපල ගෙනදෙයි. අලංකාර දේ සඳහා මිල මුදල් වැය කරයි. උසස් ගති වර්ධනය වේ. මව් පාර්ශ්වයේ හොඳ හිත දිනාගනී. ආගමානුකූලව කටයුතු කරයි. පපුවේ සෙම් රෝග සාදයි. පියාට අකීකරු වේ. සොහොයුරන්ට යහපත් වේ. සිහිකල්පනාවෙන් කටයුතු කරයි. අනාගත කටයුතු කෙරේ සැලසුම් සදයි. බෝවන රෝගවලින් ප්‍රවේශම් විය යුතුයි. සම්පත් භවභෝග යහමින් ලැබෙන සතියකි. දියුණුවට තිබූ බාධා මගහැරේ. තමන්ට වඩා පහත් ගතිගුණ ඇති අය ඇසුරට ලැබේ.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා

සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි

සුබ අංකය – 06

සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන

ශුභා’ශුභ මිශ්‍රපල උදාවෙයි. කතාව බහුල වෙයි. මඳක් උස් හ¾ඩින් කතා කරයි. නිවසේ අඬදබරවලට හේතුයි. සම්මුඛ පරීක්ෂණ හෝ එවැනි සාකච්ඡාවන්ට ඉඩකඩ පවතී. තම සැලසුම් ක්‍රියාත්මක කරයි. ආගමික උත්සව සංවිධානය කරයි. වස්තුව නිකරුණේ වියදම් කරයි. එයට හානි වේ. කොමිස් පිට භාණ්ඩ සැපයීමෙන් ලාභ ලැබේ. දුර ඥාතීන් වෙත යාමට සිත් වේ. පණ්ඩිත ගුණ වර්ධනය වේ. සහෝදර සහෝදරියන්ට සුබපල දේ. විනෝදජනක කටයුතු සඳහා මුදල් යහමින් වියදම් කරයි.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සුබ වර්ණ – කොළ, කහ

සුබ අංකය – 3, 5

සුබ මැණික් – පච්ච

කටක ලග්නය

සුබපල ගෙන දේ. උදේ‍යා්ගයෙන් පිබිදුණු ගතියෙන් කටයුතු කරයි. අන්‍යයන් අතර ප්‍රකට වේ. සුන්දර කතා ඇති වේ. අඩු වැඩි වුවද මුදල් යහමින් ලැබේ. හවුල් කටයුතුවලදී ගැටලු ඇතිකර ගනී. විවාහ දිවියට බලපෑම් මතු වේ. මහජන විරෝධයකට හේතු වේ. උෂ්ණාධික රෝග, පීනස් රෝග සාදයි. නිතර සිනාසීමට කැමතිය. කවට බස් කීමටත් ප්‍රිය වේ. ජීවිතය වැඩි කරදර නොමැතිව සැහැල්ලුවෙන් රැගෙන යයි. මිතුරන් පහසුවෙන් ලැබේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,

අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා

සුබ වර්ණ – සුදු, ක්‍රීම්

සුබ අංකය – 2, 7, 9

සුබ මැණික් – මුතු

සිංහ ලග්නය

සුබ අසුබ මිශ්‍රපල ගෙනදෙයි. වියදම් අධික වේ. ආදර සබඳතා ගොඩනැගේ. විදේශ ගමන් සඳහා සුබ කාලයකි. වම් ඇසට හානි සිදුවිය හැක. රූපය පිළිබඳ සැලකිලිමත් වේ. වෙනදාට වඩා වැඩි ප්‍රවේශම් ගතියක් ඇති වේ. ඥාතීන් වෙනුවෙන් යුතුකම් ඉටු කරයි. තම මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. ආගමික කටයුතු කෙරෙහි සිත් යොමු වේ. සතුරන් පරාජය කරයි. උදරයේ රෝගයක් සාදයි. ඇතැම් විට එහි සැත්කමකටද හේතු වේ. හිතට කරදර උපදවන දේට හේතු වේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා

සුබ වර්ණ – රතු

සුබ අංකය – 1, 4

සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය

සුබපල ගෙන දෙයි. උසස් අයගෙන් වැඩිහිටියන්ගෙන් උදව් උපකාර ලැබේ. ආගිය තැන පිළිගනී. ලෞකික දියුණුවට යහපති. තම අරමුණු ජය ගනී. ආගමික වතාවත් සඳහා යොමු වේ. ඇසුරුකරන්නන්ගෙන් ලාභ උපකාර ලැබේ. කලබලකාරී ගති ඉස්මතු වේ. රහස් අසනීපවලට හේතුයි. ප්‍රීති සහගත දේට වැඩිපුර වියදම් කරයි. මිතුරන්ට රැවටීමට ඉඩ ඇත. තර්කානුකූල ඥානාන්විතව කතා කරයි. අලංකාරය සඳහා වියදම් අධික වේ. ඇස් රෝග සාදයි. සූදු ක්‍රීඩාවට, මත්පැන් පානයට සිත් යොමු වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා

සුබ වර්ණ – කොළ

සුබ අංකය – 2, 3, 5, 7

සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය

සුබපල ගෙනදෙයි. සියලු සැප, ලෞකික සම්පත් නම්බුනාම ලැබේ. බොහෝ මිතුරන් ලැබේ. එහෙත් සියලු දෙනාම අවංක නොවේ. වැඩිහිටියන්ගෙන් ලාභ උපකාර ලැබේ. ස්වකීය ඥාතීන් සමග ගැටලු ඇතිකර ගනී. තද මුරණ්ඩු සිත් ඇති වේ. සිහිකල්පනාව වාග් ශක්තිය ඇති වේ. ස්ථානෝචිත ප්‍රඥාව ඇති වේ. සියලු අකල් විපත් මග හැරෙයි. විශ්වාසය කඩ නොකරයි. සතුරන් නසා ජය ලබයි. පිට පළාත්වල සංචාරයට යහපති. මව්පියන්ට අපල වේ. පපුවේ රෝග සාදයි.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි

සුබ අංකය – 06

සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය

ශුභ අශුභ මිශ්‍රපල ගෙනදේ. රාජකාරි ස්ථානයේ පැවති බාධා මගහැරේ. මනෝහර භාවයෙන් කාලය ගත කරයි. ඇවිදීම් බහුල වේ. දෙමාපියන්ට හිතවත් වේ. සතුරන් පරාජය වේ. පියාට භක්තිවන්ත වේ. ආගමික කටයුතු සඳහා සිත් යොමු වේ. අන්‍යයන්ද ඒ සඳහා සහභාගි කර ගනී. විනෝදජනක දේට සිත් යොමුවේ. රෝගීන්ට ඇප උපස්ථාන කරයි. උසස් අයගෙන් උදව් උපකාර ලැබේ. මුදල් විනාශ වීමට හේතුවක් ඇතිවේ. කට නිසා බොහෝ මිතුරන් අමනාප කරගනී. සහෝදරයන්ට හිතවත්කම මඳ වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සුබ වර්ණ – රතු

සුබ අංකය – 1, 2, 4, 5, 7

සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය

මිශ්‍රපල සහිතයි. වැඩිහිටියන්ට යහපත් වේ. විදේශ සංචාර පමුණුවයි. අන්‍යයන්ගෙන් ගරුසරු ලබයි. කෙසේ හෝ මුදල් උපයයි. වියදම් කිරීමේදී ලෝබ නොවේ. වචන ඉතා බලවත් වේ. හිත් කරදර සහිත වේ. නැටුම් ගැයුම්වලට සිත් යොමු වේ. වෘත්තිය සතුටින් ඉටු කරයි. ධාර්මික භාවය මර්දනය වේ. වැඩිහිටියන්ට ගරු කරයි. පියාගේ ධනය වර්ධනය වේ. සියුම් කර්මාන්ත කිරීමට ආශා වේ. අමුත්තන් තබා ගැනීමට ආශා නොවෙයි. ආත්මාර්ථකාමී වේ. උෂ්ණ රෝග සාදයි. ඇතැම් විට හිසේ තුවාල සෑදීමට ඉඩකඩ වැඩිය.

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ – කහ

සුබ අංකය – 3, 5, 6, 8

සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය

ශුභ අශුභ මිශ්‍රපල සහිත වේ. ආගමික කටයුතු කෙරෙහි වැඩිපුර සිත් යොමුවේ. තම ඥාතීන් මුණගැසෙයි. වැඩිහිටියන්ට ගරුසරු වේ. ක්‍රියාශීලී වේ. මත ප්‍රකාශ කිරීමේදී ගැටලු ඇති වේ. ධනය රැස් කිරීමේ ආශාවෙන් කටයුතු කරයි. අනතුරුවලට හේතු වේ. ලිංගාශ්‍රිත, උෂ්ණ රෝග සාදයි. රැකියා ස්ථානයේ උසස්වීම් ලැබේ. රහසේ සතුරන් ඇතිවේ. ඇවිදීම් බහුල වේ. භාර්යාවට අපල ගෙන දේ. පිත් රෝග පපුවේ දැවිල්ල ඇතිවේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ – නිල්

සුබ අංකය – 6, 8, 9

සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය

මිශ්‍රපල ගෙන දේ. සතුරන් මර්දනය වේ. නිරෝගී ජීවිත කාලයකි. කලත්‍රයාව සැක කරයි. සහයෝගයෙන් කටයුතු කිරීමට අසීරු වේ. ආගමික කටයුතු කෙරේ සිත් යොමු කෙරේ. සිත කය සැපවත් කිරීමට කිසියම් මුදලක් වැය කිරීමට සිදුවේ. දුෂ්ට ක්‍රියාවන්ට සිත් වේ. සතුරන්ගෙන් හෝ සතුන්ගෙන් පීඩා ඇතිවිය හැක. පවතින රෝග පීඩා වර්ධනය වේ. නෑදෑ මිත්‍රාදීන් සමග කලහ ඇති කරගනී. අධික කාමාශා ඇති වේ. මුදල් ලැබිම් හීන වේ. මිතුරන්ගේ රැවටීමට නතු වේ. වියදම් අඩු වේ. රෝගීන්ට උපස්ථාන කරයි.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා

සුබ වර්ණ – රතු, නිල්

සුබ අංකය – 3, 8, 9

සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය

ශුභ අශුභ මිශ්‍රපල ඇති වේ. ප්‍රිය උපදවන යහපත් ශරීරය වේ. මිතුරන් අඩු වේ. මිතුරන්ව තමන්ට විශ්වාස නොවේ. අන් අය සමග ගනුදෙනුවේදී කල්පනාකාරී වන්න. දෙමව්පිය ආදරයට පාත්‍ර වේ. විනෝදකාමී කටයුතුවලට සිත් යොමුවේ. බෝවන රෝගවලට පහසුවෙන් ගොදුරු වේ. ආහාර තෝරා ගැනීමේදී ප්‍රවේශම් වන්න. උදරාබාධයන්ට ලක්වීමට හේතුයි. දරුණු වූ කාරණාවන්ට පාත්‍ර වීමට හේතුයි. පපුවේ, බඩේ දැවිල්ල ඇති කරයි. දරුවන්ට එතරම් සුබපල නොමැත. දූ කෙළියට සිත් යොමුවේ. නපුරු සිත් සහිත වේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා

සුබ වර්ණ – රතු, කහ

සුබ අංකය – 3, 9

සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

ජ්‍යොතීර්වේදී අයිරාංගනී එදිරිසිංහ



සතියේ ලග්න පලාපල සවිස්තරාත්මකව - 2018 ජුලි 15 සිට 21 දක්වා