මේ සතිය ඔබට කොහොමද - ජූලි මස 05 සිට ජූලි මස 11 දක්වා

මේෂ

වෘත්තීමය වෙනසක්

වෘත්තීය වශයෙන් හදිසි වෙනස්කම් කිනම් මොහොතක හෝ සිදුවිය හැක. නිවාස මාරුවීම් සිදුවේ. ගිවිසුම් අස්සන් කිරීම්වලට සුදුසු කාලයකි. පාසල් අධ්‍යාපනයට හිතකරය. අපේක්ෂිත විදේශ ගමන් කල්යයි. ව්‍යාපාර කටයුතුවලට සාර්ථක සතියකි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලැබීම් ප්‍රමාදයට ලක්විය හැකිය. ළය පීනස ඇතිවේ.

‍වෘෂභ

පෙම්වතුන්ට සුබයි

දර්ශනවාදී අදහස් ඇතිවේ. දුර බැහැර වන්දනා ගමන් යෙදේ. පාසල් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. උසස් අධ්‍යාපනයට බාධා ගෙන දෙයි. කලා ක්ෂේත්‍රයට සුබ කාලයකි. විශේෂයෙන් සංගීත අංශයට වාසනාව ගෙන දේ. හදිසි ගමන් බහුල වේ. ආදායම් සමතුලිත කරගැනීමට අපහසු වෙයි. හදිසි ආයෝජන යොදයි. පෙම්වතුන්ට සුබ කාලයකි. සිදුවිය හැකි දේ ගැන පැවසීමට හැකි ඉඩක් ඇතිවෙයි. රුධිර පීඩනය ඉස්මතු වේ.

මිථුන

යාපාරවලින් ලාභ

බහුවිධ ආදායම් කරා යා හැක. සෑම දෙනාට ම ගුරු උපදේශ දෙයි. නායකත්වය ලබා දේ. හවුල් ව්‍යාපාරවලින් ලාභ ලබයි. යුග දිවියේ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වේ. පැරණි කෝන්තර මතුවෙයි. පාසල් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. උසස් අධ්‍යාපනයට බාධා අවහිරතා ඇත. පුවත්පත්, ග්‍රන්ථ ආදී ක්ෂේත්‍රවල නිරතවූවන්ට හිතකර කාලයකි. රුධිර දෝෂ ඇතිවේ.

කටක

කලාවට කැපවේ

විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට ප්‍රගතියක් පෙන්වයි. සියලුම වර්ගයේ කලා ක්ෂේත්‍රවල නිරතවූවන්ට දැඩි කැපවීමෙන් වැඩ කිරීමට සිදුවේ. හවුල් ව්‍යාපාරිකයන්ට බාධා මධ්‍යයේ වැඩ කටයුතු කරගෙන යෑමට කටයුතු යෙදේ. වාසස්ථාන ගැටලු ඇතිවිය හැක. අධ්‍යාපනයට කැපවී වැඩකිරීමට සිදුවේ. ආයෝජන යෙදීමෙන් වාසිදායක තත්ත්වයක් ඇතිවෙයි. අත් පා උරහිස් ආබාධ ඉස්මතු විය හැක.

කන්‍යා

ප්‍රධානීන්ගෙන් උදව්

අප පක්ෂය සාර්ථකය. බහුවිධ ආදායම් මාර්ගවලින් වාසිදායක වේ. ව්‍යාපාර කටයුතු සඳහා සුබ සතියකි. පාසල් අධ්‍යාපනයට දුෂ්කර වාතාවරණයක් උදාවේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇත. ඉඩම්, වතුපිටි ගැටලු ඇතිවිය හැක. වෘත්තීමය කටයුතු සාර්ථකව ගෙන යයි. ආයතන ප්‍රධානීන්ගෙන් උදව් ලබයි. ගුප්ත රෝග ඇතිවේ.

තුලා

විදෙස් ගමන් යෙදේ

ස්වඋත්සාහයෙන් බොහෝ දෑ කරගැනීමට හැකිවේ. පෙම්වතුන්ගේ රැවටිලිවලට භාජනය විය හැක. උසස් අධ්‍යාපන කටයුතුවලට හිතකර සතියකි. අපේක්ෂිත විදේශ ගමන් යෑමේ අවස්ථා යෙදේ. ඉඩකඩම්, වතුපිටි නීති ප්‍රශ්න ඇතිවුවත් එයින් තමාට අවාසි වන්නේ නැත. වෘත්තීය මාරුවීම්, වෙනස්කම් ආදිය සිදුවිය හැක. කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට වාසිදායකය. සෙම් රෝගවලින් පීඩා ගෙනදේ.

වෘශ්චික

යුගදිවියට බාධා

දුර බැහැර ගමන්, විදේශීය ගමන් යෙදේ. පාසල් ක්ෂේත්‍රයේ අධ්‍යාපනයට අවහිරතා ඇතිවේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. ආගමික කටයුතු සඳහා වියදම් දරයි. කට ප්‍රවේසම් කරගත යුතුය. යුග දිවියට බාධා ඇතිවේ. කලාවට සුබ සතියකි. විශේෂයෙන්ම පුවත්පත්, ග්‍රන්ථ කටයුතු කෙරෙහි නිරතවූවන්ට හිතකර කාලයකි. තුවාල ආදිය ඇතිවිය හැක.

ධනු

ගුප්ත විද්‍යාවෙන් පිහිට

බහුවිධ ආදායම් මාර්ග කරා යා හැක. මගුල් තුලා කටයුතුවලට අවහිරතා ඇතිවේ. කලාවට හිතකර සතියකි. දරාගැනීමේ ශක්තිය පිහිටයි. හදිසි මුදල් වියදම් ඇත. ගුප්ත විද්‍යාවෙන් පිහිට ලැබීම සඳහා ද වියදම් වේ. පූජ්‍ය, නීතිවේදීන්, ආචාර්යවරුන්ගෙන් උදව් උපකාර ලබයි. සමේ රෝග ඇතිවෙයි. ප්‍රවේසම් වන්න.

මකර

ඉඩම් ගැටලු

දැඩි විවේචනවලට මුහුණදීමට සිදුවේ. වරින්වර වෙනස්වන ගතිසොබා ඇතිවිය හැක. අධ්‍යාපනයට හිතකර කාලයකි. විශේෂයෙන් උසස් අධ්‍යාපනයේ සුබදායක බවක් පෙන්වයි. ඉඩකඩම් ගැටලු ඇතිවේ. ගුප්ත මූලාශ්‍රවලින් ආදායම් ලබයි. ආදායම් කටයුතුවලදී අවංකභාවය ගිලිහී යයි. ළය පීනස ඉස්මතු වේ.

කුම්භ

දරුවන්ගේ ප්‍රගතියක්

යෙදූ ආයෝජනවලින් ප්‍රතිලාභ ලබයි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට ද ප්‍රගතියක් ඇත. හදිසි රෝහල්ගතවීමක් පෙන්වයි. අධ්‍යාපනයට සුබ කාලයකි. හිමිවිය යුතු ආදායම් ප්‍රමාදයට භාජනය වේ. ප්‍රභූවරුන්ගෙන්, දේශපාලනඥයන්ගෙන් සහයෝගය ලබයි. දරුවන්ගේ අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. ස්නායු ආබාධ ඉස්මතු වේ.

මීන

පෙම්වතුන්ට අපවාද

අවාසි සහගත තත්ත්වයක් උදාවිය හැක. අධ්‍යාපනයට හිතකර කාලයකි. සහෝදරයන්ගෙන් උදව් ලබයි. සමස්තයක් වශයෙන් අය පක්ෂය හොඳය. පෙම්වතුන්ට අපවාදවලට ලක්වීමට ඉඩ ඇත. මගුල් තුලා කටයුතුවලට හිතකර සතියකි. ප්‍රභූන්ගෙන් උදව් ලබයි. කැපවීමෙන් උසස්වීම් ලද හැක. ළය පීනස ඉස්මතු වේ.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී

පානදුරේ රෝහන් වීරරත්න



මේ සතිය ඔබට කොහොමද - ජූලි මස 05 සිට ජූලි මස 11 දක්වා