දවසින් සුදු වෙන්න අරුම පුදුම බෙහෙත මෙන්න

තලෙළු සමකට උරුමකම් කියන ආසියාතික කලාපයේ කාන්තාවන බහුතරය නිතර උත්සහ දරන්නේ පවතින සමේ පැහැය වෙනස් කරගැනීමට. කොටින්ම කිව්වොත් ටිකක් සුදු වෙන්න. නමුත් සුදු වීම සහ පැහැපත් වීම කියන්නේ ආකාර දෙකක් බව ඔබ මතක තබා ගත යුතුය. එසේ සමේ වර්ණය කෙරෙහි බලපාන අපුරු ඖෂධයක් තමයි කුංකුම.

ලංකාවේදී අප කුංකුම ලෙසින් හැඳින්වුවද එහි සැබෑ නාමය Crocus Sativus හෙවත් සෆ්රෝන්ය. රුපලාවන්‍ය ආලේප නිෂ්පාදනයේදී කුංකුම භාවිතා වන බව අප දන්නවා. නමුත් එම බොහෝ නිෂ්පාදන තුල ප්‍රමිතිගත කුංකුම අඩංගු වෙනවාද යන්න සැක සහිතයි. ඊට හේතුව තමයි කුංකුම හෙවත් සෆ්රෝන් තරමක් දුර්ලභ මෙන්ම මිල අධික වීම. එම නිසා එවැනි නිෂ්පාදන භාවිතයේදී ඔබ වඩාත් සලකිලිවිම අවශ්‍යයි.

රතු රත්තරන් යනුවෙන් අන්වර්ථ නාමයෙන් ලොව පුරා හඳුන්වන්නේත්, ග්‍රෑම් 1 ක් ඩොලර් 24ක් එනම් ලංකා රුපියල් වලින් 3500 ක් වැනි මිලකට අලෙවි වන්නේත් එහි ඇති වටිනාකම නිසාමයි. කහ පැහැයෙන් සහ ලා දම් පැහැයෙන් යුත් සෆ්රෝන් මල් දෙවර්ගයක් ඇති අතර තද රත් පැහැයෙන් යුත් රේණු තමයි රුපලාවන්‍ය කටයුතු සඳහා භාවිතා කරන්නේ. වසරකට දෙවරක් පමණක් මල් පිපෙන අතර චීනයේ වැඩි වශයෙන් වගා කරනවා. ඉතාලිය, ප්‍රංශය, සහ ඉන්දියාව වැනි රටවලද දැකිය හැකියි.

සම පැහැපත් කිරීමට හැකි අපුරු හැකියාව නිසාම මැදපෙරදිග කලාපයේ රටවල කාන්තාවන් අතරත් සෆ්රෝන් ඉතා ජනප්‍රියයි. රුපලාවන්‍ය සත්කාරයක් ලෙස සෆ්රෝන් කිරි සමග මිශ්‍ර කර පානය කිරීම සිදු කෙරෙනවා. නමුත් උෂ්ණාධික බැවින් වැඩි නිසා ප්‍රමාණය ඉක්මවා ගැනීමද හානිදායක බව අමතක කරන්න එපා.

අනුපමා හේරත්



සුදු වෙන්න කවුරුත් කැමතියිනේ. ඉතින් ඉක්මනින් සුදු වෙන්න ඉතා දුර්ලභ ඖෂධයක් ගැන තමයි මේ කියන්න යන්නේ.