අබිරහස් ලෙස දැරියගේ කන කුඹි ගුලක් වූ හැටි

බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ ඩිෂා නගරයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුල මහත් කලබැගෑනියක් ඇති කිරීමට සමත් පුවතක් වාර්තා විය. ඒ 12 හැවිරිදි දැරියකගේ කන තම වාසස්ථානය කරගත් කුඹි රැලක් පිලිබඳවය.ශ්‍රේයා ඩාර්ජි දැරිය මුහුණ පා ඇති මෙම තත්වය කිසිසේත් ඇදහිය නොහැකි එකක් නොවන්නේය. පසුගිය වසරේ අගෝස්තු මාසයේ දිනක ඇය ගුජරාට් රෝහලට ඇතුලත් කරනු ලැබුවේ ඇයගේ කන තුල යම් අපහසුතාවයක් පරික්ෂා කරගනු සඳහාය. එහෙත් ඇගේ කන පරික්ෂා කල වෛද්‍යවරුන්ට දැකගත හැකි වුයේ ඇයගේ කන තුල කුඹි ගුලක් පවතින බවයි.

කන තුල සිටින කුඹින් නිසා ඇයට වේදනාවක් නොදැනුනත් එය ඇයට මහත් අපහසුතාවයක් ඇති කරවීමට සමත් විය. එහෙත් පාසැලේ මෙන්ම ඇය වෙනත් දරුවන් සමග සෙල්ලම් කරනවිට ඇගේ කන තුලින් කුඹි දහ පහළොස් දෙනෙක් ඉවතර ඒම ඇයට මහත් කරදරයක් බවට පත් වී තිබිණ.

රුපවාහිනි අලුත් වැඩියා කරනු ලබන කුඩා වැඩපොළක් පවත්වාගෙන යන ඇගේ පිටා පවසන්නේ "ශ්‍රේයා ඉගෙනීමට දක්ෂයි. එහෙත් ඇගේ කන තුලින් හිටි හැටියේම කුඹි පිටතට ඇවිත් මුහුණ පුරා යන විය ඇය අසරණ තත්වයට පත් වෙනවා" යනුවෙනි. ගුජරාට් රෝහලේ කන, නාසය හා උගුර පිලිබඳ විශේෂඥ ජවහර් විසින් MRI හා CT ස්කෑන් පරීක්ෂණ අවත්වනු ලැබූ නමුත් ඇයගේ කන තුල හානි සිදුවී නැති අතර සියල්ල හොඳින් පවතින බව හෙළි කරගන්නා ලදී. එහෙත් සියළුම වෛද්‍යවරුන් පුදුමයට පත් වන්නේ කුඹින් ඇයගේ ජන තුල අදින්චි වී සිටින ආකාරය පිලිබඳවය.

ඇගේ කන තුලට යොමු කරන ලද විශේෂ කැමරාව මගින් එම කුඹින් කන තුල බිත්තර දැමීමක් සිදු අර නොමැති අතර කුඹින්ගේ රැජින එහි නොසිටි බවත් හෙළි කරගනු ලැබිණ.

එසේම මධ්‍යම පාන්තික පවුලක් වූ ඩර්ජි යුවල ඉතාම පිරිසිදු ලෙස ජිවත් වූ බව ප්‍රකාශ කල වෛද්‍යවරුන්ට මේ අයුරින් කුඹි කෙසේ ශ්‍රේයා ගේ කන පදිංචියට සිදිසි ස්ථානයක් ලෙස තෝරා ගැනීම පුදුම සහගත බව ප්‍රකාශ කරන ලදී.

"මේ වගේ තත්වයක් මුළු වෛද්‍ය ඉතිහාසයේම දකින්නට අසන්නට නැතිව ඇති" යැයි තල්සේනියා වෛද්‍යවරයා පැවසිය. මේ තත්වය අද්භූත සිද්ධියක් අපලයක් ලෙස සැලකු ඩාර්ජි දෙමහල්ලෝ නොයෙක් පුද පුජා ස්ත්‍රෝත ගායනා සිදු කරන ලදී. ඒවායින් කිසිදු සහනයක් ලබා ගත නොහැකි විය. වෛද්‍යවරුන් ශ්‍රේයාගේ කන තුලින් දිනපතාම උපකරණයක් මගින් කුඹින් එක එකා ඉවත් කරනු ලැබූ නමුත් අවසානයක් දැකගත නොහැකි විය.

මේ අයුරින් නොයෙක් වැඩ හිංසා මධ්‍යයේ දිවි ගෙවූ ශ්‍රේයා මුහුණපා සිටි මෙම කුඹි උවදුර හිටි හැටියේම ඇනහිටීමද පුදුම සහගත එකක් ලෙස සැලකේ. ඇයගේ මව්පියන් හා නෑදෑ හිතවතුන් පැවසුවේ එය දෙවියන්ගේ ක්‍රියාවත් ලෙසටයි. එය හටගත් ලෙසටම අවසන් වීමෙන් ඇය මහත් වූ සහනයක් ලැබූ නමුත් මේ අයුරින් කනක් තුල කුඹින් ඇතිවීමත් ඒ අයුරින්ම නැති වීමත් වෛද්‍ය ක්ෂේත්‍රයේ මහත් වූ අබිරහසක් ලෙසට කිසිදු විද්‍යාත්මක පැහැදිලි කිරීමක් කල නොහැකි සංසිද්ධියක් ලෙසත් දැක්විය හැකිය.

රෝහණ ආරියරත්න



බටහිර ඉන්දියාවේ ගුජරාට් ප්‍රදේශයේ ඩිෂා නගරයෙන් වෛද්‍ය ක්ෂේත්‍රය තුල මහත් කලබැගෑනියක් ඇති කිරීමට සමත් පුවතක් වාර්තා විය. ඒ 12 හැවිරිදි දැරියකගේ කන තම වාසස්ථානය කරගත් කුඹි රැලක් පිලිබඳවය