වසර 47කට පසු ග්‍රහ ලොව සෙන්පති රජ වෙයි ලග්න 4ට සුබම සුබයි

ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්‌ඩියා නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළඹෙන 2018 මැයි මස 02 වැනි බදාදා ප.ව. 04.20 ට මෙතෙක්‌ කල් රැඳී සිටි ගුරු හිමි ධනු රාශියේ සිට ශනි හිමි මකර රැසට පිවිසෙනු ඇත. උත්‍රසල නැකතේ 2 වැනි පාදයට පැමිණෙන අඟහරු ග්‍රහයාට මකරය සිය උච්ච රාශිය වන අතර ඒ අනුව කුජ ග්‍රහයා එතැන් සිට එළැඹෙන 2018 නොවැම්බර් 06 වැනිදා පෙ.ව 8.41 දක්‌වා වක්‍ර හා නිවෘත වීම් සමඟින් මාස 6 කට වැඩි කාලයක්‌ මකර රාශිය තුළ සිය උච්ඡ ග්‍රහ චලිතය පවත්වා ගනු ඇත. මෙම කුජ මාරුව අතිශයින් වැදගත් වන ග්‍රහ මාරුවකි. එනම් මේ ආකාරයට මාස 6 කට ආසන්න කාලයක්‌ කුජ මකරයේ උච්ඡ වන්නේ වසර  47 කට පසුවීම සුවිශේෂී තත්ත්වයකි. මීට පෙර මෙවැනි තත්ත්වයක්‌ උදා වූයේ මීට වසර 47 කට පෙර එනම් 1971 වසරේදීය.

මේ අනුව මකරයේ අඟහරු උච්ඡ වීමත් සමඟින් මේෂ, කටක, තුලා හා මකර යන ලග්න 4 ට පංච මහා පුරුෂ යෝග අතරින් සුබ යෝගයක්‌ වන රුචක නම් මහා පුරුෂ යෝගය උදා වෙයි. මකර ලග්නයේ දී ලග්න ගතවන කුජ, මේෂයේ ලග්නයෙන් 10 වැන්නටත්, කටකයේ 7 වැන්නටත් තුලාවේ 4 වැන්නටත් ගෝචර වනු ඇත. ඒ අනුව එම ලග්න හිමියන්ගේ මෙතෙක්‌ කාලයක්‌ නොවිසඳී පැවති බොහෝ ප්‍රශ්න හා ගැටලු මෙම ග්‍රහ මාරුවත් සමඟින් විසඳී යනු ඇත. එම ලග්න හිමියන්ට සුබදායක වන අතර මිථුන හා කුම්භ යන ලග්න හිමියන්ට මෙම ග්‍රහ මාරුව බෙහෙවින් අසුබ දායක වන අතර ඔවුන්ට නොසිතු ගැටලුවලට හා බාධා මෙන්ම හදිසි අනතුරුවලටද මුහුණදීමට සිදුවන අවස්‌ථා උදාවනු ඇත. වෘෂභ, සිංහ, කන්‍යා, වෘශ්චික, ධනු , මීන යන ලග්න හිමියනට මෙම ග්‍රහ මාරුව විශේෂ සිදුවීම් සමඟින් මධ්‍යම සුබඵල උදාවන කාලසීමාවක්‌ වන්නේය. 

මෙම අඟහරු මාරුවත් සමඟින් කුම්භ ලග්න ලංකා කේන්දරය තුළ ග්‍රහ පිහිටීම යම් පමණක අසුබවාදී බවක්‌ පෙන්නුම් කරනු ඇත. ලංකා කේන්දරය හිමි කුම්භයේ 12 වැන්න හෙවත් වැය ස්‌ථානයේ කුජ බලවත් වීම අප රටට නම් එතරම් යහපත් නොවනු ඇත. එසේම ධනු වේ සෙනසුරුගේ ගමනද තවදුරටත් අපට යහපත් නොවන්නේය. විශේෂයෙන් භූමිය සම්බන්ධයෙන් දැනෙන විපත්කාරී අසුබ තත්ත්වයන් ඇතිවනු ඇත. තරුණ නැඟිටීම් ඇතිවන අතර විවිධාකාරයේ උද්වේගකාරී අමුතු සිදුවීම් ඇතිවන කාලයක්‌ වනු ඇත. එසේම වැසි තත්ත්වයේ කැපී පෙනෙන වර්ධනයක්‌ සමඟින් තද වැසි සමඟින් ප්‍රබල ගංවතුර තත්ත්වයක්‌ මෙන්ම කඳුකරය ආශ්‍රිතව කැපී පෙනෙන නායයැම් තත්ත්වයක්‌, භූමි කම්පා තත්ත්වයක්‌ මෙන්ම කැපී පෙනෙන ගිනි ගැනීම් හා පිපිරීම් තත්ත්වයන් ද ඇති විය හැකිය. එමෙන්ම අප රට ආශ්‍රිතව විශේෂයෙන්ම කාම අපරාධ යම් පමණකින් ඉහළ යන කාලයක්‌ වනු ඇත. එම නිසාවෙන් මෙම කාලයේ තරුණ ගැහැණු දරුවන් ගැන දෙමාපියන් විශේෂයෙන් අවධානය යොමු කළ යුතුය. කුඩා දරුවන් ඉතාමත් පරිස්‌සම් කරගත යුතු කාලයකි. විශේෂයෙන් තරුණ තරුණියන් තම තමන්ගේ චරිතය මෙම කාලසීමාව තුළ ආරක්‌ෂා කර ගැනීමට වගබලා ගත යුතුය. තරුණ ආවේගයන් ඉස්‌මතු වන කාලසීමාවකි. එසේම ජනතාව අතර නොසන්සුන්තා, උද්ඝෝෂණ, පෙළපාලි ඇතිවන කාලයකි. කාලගුණ විපර්යාස, ප්‍රබල රිය අනතුරු හා ගුවන් යානා අනතුරු ද ඇතිවන කාලයකි. හදිසිs අනතුරු නිසාවෙන් ලේ ගැලීම් ඇතිවන කාලසීමාවක්‌ නිසා ඒ පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වනු ඇත. බුධ සිය නීච රාශිය වන මීනයේ ගෝචර වීමත්, ගුරු 9 වැන්නේත් රාහු 6 වැන්නේ වීමත් හේතුවෙන් අධ්‍යාපනයේ හා විශ්ව විද්‍යාල හා පාසල් ආශ්‍රිතවද කැපී පෙනෙන ගැටලු ඇති විය හැකිය. විපත් බහුල අසුබ කාලයක්‌ උදාවී ඇති නිසාවෙන් ඔබ අප පරිස්‌සම් විය යුතු කාලය එළඹ ඇත. මේ වන විට ශනි ග්‍රහයාද වක්‍ර ග්‍රහ චලිතයක නිරත වීමත් හේතුවෙන් මෙරට ප්‍රසිද්ධ දේශපාලනඥයන්ට අපල දායක වනු ඇත.

කෙසේ වෙතත් මෙම අඟහරු මාරුවත් සමඟින් භූමිය ආශ්‍රිත නව නිෂ්පාදන කටයුතු වර්ධනය වනු ඇත. එසේම ක්‍රීඩා අංශවල උෙද්‍යාaගිමත් ප්‍රගතියක්‌ ඇතිවන අතර තරුණයන් අතර කැපී පෙනෙන උෙද්‍යාaගයක්‌ ඇති වේ. නීති අංශවල ආන්දෝලනාත්මක නඩු තීන්දු මෙන්ම කැපී පෙනෙන වර්ධනයක්‌ ඇති වන කාලයකි. 

අඟහරු මාරුවේ ලග්න පලාපල

 මේෂ - 

මෙම කාලය තුළ ඔබට යම් යම් මුදල් හා ධන ලාභ ලැබීමේ කාලයකි. මෙම කාලය ශරීර සනීපයට හේතුවන කාලයකි. එසේම සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. දේපළ ලාභද ලැබෙන කාලයකි. අසනීපවලින් සුවය ලබන කාලයකි. උත්සව වලට හා සමිති සමාගම් වලට ආරාධනා ලැබෙන කාලයකි. ඔබගේ සමාජ තත්ත්වය මෙම අඟහරු මාරුවෙන් පසුව යම් ප්‍රමාණයකට ඉහළ යනු ඇත. අවිවාහක අයට මංගල යෝග උදාවේ. ඉඩම් හා ගෙවල් මිලදී ගැනීමට මෙම කාලය ඉතාම සුබදායක වනු ඇත. විශේෂයෙන්ම පවුලේ දියුණුව ඇතිවන කාලයකි. තම හිත මිතුරන් හා නෑදෑයන්ගේ ප්‍රීති උත්සව හෝ මංගල උත්සව වලට සහභාගී වීමට අවස්‌ථාව උදාවනු ඇත.

වෘෂභ - 

නිතරම ගමන් බිමන් ඇති වීම නිසා කරගෙන යන වැඩ කටයුතුවලට බාධා හා ප්‍රමාදයන් ඇති වෙයි. විවාහකයන්ගේ පවුල් සංස්‌ථා තුළ ගැටලු ඇති වීමට කරුණු යෙදෙනු ඇත. ඒ පිළිබඳ විමසිලිමත් වන්න. නඩු හබ හෝ තමාට විරුද්ධව කරන පැමිණිලි ඇතිවීමට හැකිය. වියදම් අධික වෙයි. මහජනයා සමග කරන කටයුතුවලදී අවුල් වියවුල් ඇති වීමට හැකි තත්ත්වයක්‌ පෙන්නුම් කරයි. කරගෙන යන රැකීරක්‌ෂා වලට අවහිර බාධා මතුවීමට ඉඩ ඇත. අසනීප වශයෙන් ලිංගාශ්‍රිත රෝගාබාධ, වාතා රෝගාබාධ, හිරිවාත, අජීර්ණ රෝග වැනි අසනීප ඇති වීමට ඉඩ ඇත. විවාහ අපේක්‍ෂිත අයගේ බලාපොරොත්තු ඉටු වීම ප්‍රමාද වෙයි. 

මිථුන 

මෙම කාලයේ අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට එතරම් සුභඵල උදාකරන කාලයක්‌ නොවනු ඇත. දරුඵල බලාපොරොත්තු වන ඔබටද මෙම කාලය තුළ එතරම් සුභදායක ප්‍රතිඵල නොලැබෙනු ඇත. අධික වියදම් සහිත කාලයක්‌ වෙයි. ප්‍රේම සම්බන්ධතා පවත්වන්නන්ගේ එම සම්බන්ධතා බිඳී යැමට ඉඩ ඇත. වසංගත රෝග හට ගැනීමට ඉඩ ඇත. වැඩිමහල් දරුවන්ට හෝ ශිෂ්‍යයන්ට මෙම කාලය තුළ විවිධ අන්දමේ බාධා කරදර ඇති වෙයි. නම්බුනාම ලැබේ. අනාගත බලාපොරොත්තුවකින් සිටි යම් කාරණයක්‌ පිළිබඳ අවසන් මොහොතේදී එය බිඳී යැමට හැකිය.

කටක - 

සතුරන්ගෙන් ජය ලැබෙන කාලයකි. සතුරන් පරාජය කළ හැකි කාලයකි. දේපළ දියුණු වන අතර සාමාන්‍යයෙන් ධන ලාභ ලැබෙන කාලයකි. ණය ගණුදෙනුවලින් නිදහස්‌ වීමට හැකියාව ලැබේවිs. විවිධ වර්ගයේ ආහාරපාන ලැබෙන කාලයකි. සුව පහසු භාණ්‌ඩ ගැනීමේ අවස්‌ථා උදාවෙයි. අධ්‍යාපන කටයුතු වලට සුභ ඵල ගෙන දෙන අතර ප්‍රමාද වී පවතින රැකියා ස්‌ථාන මාරු වීම් හෝ උසස්‌ වීම් සඳහා සුබ ඵල උදා කරනු ඇත. නිතර හිතවතුන් සමග ගමන් බිමන් යැමට අවස්‌ථාව සැලසේ. මෙම කාලයේ සමාජයේ ප්‍රසිද්ධ වීමට කාලය උදාවනු ඇත. සමස්‌තයක්‌ වශයෙන් බැලූ කල සුබ ඵල ඇති කිරීමේ ප්‍රවනතාවක්‌ දක්‌නට ලැෙ€. 

සිංහ - 

වෙහෙස වන දුර ගමන් යෙදෙන කාලයකි. තම මවට වාත වේදනා ඇති විය හැකිය. මව් පාර්ශ්වයේ නෑදෑ කෙනෙකුට යම් අපලදායක තත්ත්වයක්‌ ඇති විය හැකිය. මෙම කාලයේ ව්‍යාපාරවලින් පාඩු සිදු විය හැකිය. පරණ විශාල ගෙවල් හා පරණ වාහන ලැබීමේ ප්‍රවනතාවක්‌ පවතී. ඔබට වැඩිහිටි නෑදෑයන්ගෙන් දේපළ හා යාන වාහන ලැබීමේ අවස්‌ථා උදාවනු ඇත. රැකීරක්‌ෂා කටයුතුවල යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. රැකියා අපේක්‌ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක්‌ ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනීමේ අවදානමක්‌ පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. 

කන්‍යා

වියදම් පක්‌ෂය අධික වන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වන්නේ නම් ඒ සඳහා බාධා හා කරදර විටින් විට ඇතිවිය හැකිය. යාන වාහන පැදවීමේදී සැලකිලිමත් වන්න. රැකියාවල නිරත අය තම රැකියා ස්‌ථානයේ බුද්ධිමත්ව කටයුතු කිරීම තුළින් එම ස්‌ථාන බාධා බොහෝ දුරට සමනය කරගත හැකිය. රැකියා අපේක්‍ෂිත අයගේ ඒ පිළිබඳ බලාපොරොත්තු තරමක්‌ ප්‍රමාද වන අතර ශරීර සෞඛ්‍ය කෙරෙහි අවධානය යොමු කරන කල්හි කොන්දේ අමාරු, මුත්‍රා අමාරු වැනි රෝග පීඩා හටගැනිමේ අවධානමක්‌ පවතී. ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. 

තුලා-

ඔබට මෙම කාලය සුබඵල දායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදාවේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. රැකියා අංශ තුළ කළකිරීම් ඇතිවන අතර හදිසි වෙනස්‌ වීම්වලට හේතු වේ. සෞඛ්‍ය අතින් දණහිස සම්බන්ධ ආබාධ ඇතිවිය හැකිය. ගේදොර කටයුතු සම්බන්ධයෙන් දැඩි කැපකිරීම් කළ යුතු වෙයි. රැකියාවේ උසස්‌ වීම් බලාපොරොත්තු විය හැකිය. නමුත් බාධා පවතී. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ. ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. දරු උපත් මගින් පවුල වර්ධනය වීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ්‍රඵලදායක වෙයි. ධනය අතින් යහපත්ය. උසස්‌ අධ්‍යාපන අවස්‌ථා උදා වේ. ව්‍යාපාර අංශවලට සුභදායක වේ. 

වෘශ්චික

බලාපොරොත්තු රහිත අධික වියදම් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරී වන්න. ඔබගේ පවුලේ කෙනකුට හෝ හිතවතෙකුට කරදරයක්‌ හෝ විපතක්‌ ඇති වීමට හැකිය. මෙම කාලයේ නඩු හබවලට යැමෙන් ඒවායින් ජයගත නොහැකි අතර එය තමාට ඉතාම අවාසි සහගත වනු ඇත. රැකියා ස්‌ථානයේ විවිධ කරදර බාධක ඇතිවන කාලයකි. ඔබ විවාහක නම් තම පවුල් ජීවිතය තුළ ප්‍රශ්න හා ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. ඒ පිළිබඳව සැලකිලිමත් වන්න. ඔබට තම දරුවන්ගේ කටයුතු වෙනුවෙන් වෙනදාට වඩා වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුවනු ඇත. සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව අවධානය යොමු කිරීමේදී හිසේ ආබාධ මානසික පීඩා තත්ත්වයන් ඇති විය හැකිය. තම සහෝදර සහෝදරියන් සමග මත ගැටුම් ඇති විය හැකි බැවින් ඒ පිළිබඳව සිය අවධානය යොමු කිරීම තුළින් එම තත්ත්වයන් අවම කර ගැනීමට හැකියාව ලැබෙයි. 

ධනු 

ඔබගේ වැය පක්‌ෂය ඉහළ යන අතර නමුත් අතේ මුදල් රැඳෙන කාලයකි. රැකියා බලාපොරොත්තුවෙන් සිටින ඔබට එම බලාපොරොත්තු ඉටු වීමේ ප්‍රමාදයක්‌ ඇතිවන අතර රැකියාවල නිරත අයගේ එම රැකියා ස්‌ථානවල යම් යම් ගැටලු ඇති වීමට හැකියාව පවතී. ඔලුවේ කැක්‌කුම්, ස්‌නායු ආබාධ මුත්‍රා ආබාධ, වාත රෝග වැනි රෝග පීඩාවන්ගෙන් ආරක්‌ෂා විය යුතුය. විදේශ ගත වීමට බලාපොරොත්තුවෙන් සිටිනවා නම් එම කාරණා සම්බන්ධයෙන් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් ඇති විය හැකිය. වැටීම්, තැලීම්, සීරීම් මෙන්ම මානසික පීඩා හා දිගු කාලීන රෝගාබාධ හට ගැනීමේ ප්‍රවනතාවක්‌ පවතින බැවින් ඒ පිළිබඳව කල්පනාකාරි වන්න. ඔබගේ පවුලේ කෙනෙකුට හෝ හිතවතෙකුට කරදරයක්‌ හෝ පතකිපතක්‌ ඇති වීමට හැකිය. අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් මෙම කාලය ඔබට එතරම් සුබ දායක නැත. ස්‌ත්‍රීන් නිසා කරදර ඇති විය හැකිය.

මකර

ඔබට සුබපල ගෙන දෙන පිහිටීමකි. මෙම කාලය ශරීර සනීපය ඇති කරන කාලයකි. ලිපිලේඛන හා නිර්මානාත්මක කටයුතු සඳහා හොදයි. කාන්තා පක්‌ෂයෙන් විශේෂ උදවු උපකාර හිමිවේ. දරු ඵල අපේක්‌ෂිත අයට දරු ඵල උදාවනු ඇත. අචිවාහක අයට මංගල යෝජනා උදා ෙච්. රැකියා අංශවල විසිතුරු භාණ්‌ඩ අලවිය වැනි අංශවලින් ආර්ථික වාසි හිමිය. අධ්‍යාපනයට සම්බන්ධ අයට ඒ කටයුතුවලින් දක්‌ෂතා ගෙන දෙයි. සේවක ගැටලු හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලු පැන නැඟීමට හැකිය. ස්‌වයං රැකියා වල නිරතවන්නන්ට සුබ දායකය. රෝගවලට හරියට ප්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය. රැකියාවේ උසස්‌ වීම් වගේම වෙනස්‌වීම්ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සෞඛ්‍ය තත්ත්වය යහපත්ය. 

කුම්භ

හදිසි අනතුරු හා යම් යම් බාධා ඇතිවන කාලයකි. ධන හානි ඇති වේ. ශරීරයේ ඇති ලස්‌සන අඩු වන අතර ශරීර ශක්‌තිය හීන වීමට කාරණා යෙදේ. මුදල් අතේ නොරැඳෙන අධික වියදම් ඇතිවන කාලයකි. මෙම කාලය තුළ ඔබට මිල මුදල් අතින් තදබල අගහිඟතා ඇති වීමට හැකිය. ඔබ විවාහක නම් තම පවුල තුළ යම් යම් ගැටලු හා ප්‍රශ්න ඇති වීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ සැලකිලිමත් වන්න. පහසුවෙන් දත් දිරායැමකට හෝ දත් සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. විශේෂයෙන්ම උගුරේ ආසාදන ඇති වීමට හැකියාවක්‌ පවතී. මුහුණේ ලප කැළැල් ඇති විය හැකිය.

මීන

ඔබට මධ්‍යම සුබ ඵල දායකයි. අචිවාහක අයට මංගල යෝජනා උදාෙච්. නමුත් බාධා ඇතිෙච්. ධන ලාභ, රැකියා වාසනා, තනතුරු, ලොතරැයි වාසනා බොහෝ විට උදාවේ. රැකියා අංශවල රාජ්‍ය අනුග්‍රහය හා උසස්‌ අයගේ කීර්ති ප්‍රශංසාද ලැබේ. මහන්සියේ තරමට ප්‍රතිඵල නැතිවිය හැකිය. ඥාතීන් සමග මත බේදවලට හේතු වනු ඇත. පිරිමි දරු ලාභ ඇතිවන අතර සියලු අංශවලින් සාමාන්‍ය සුබයි. ඔබගේ අධ්‍යාපනයට ඉතාම හොඳයි. ඒ වගේම රැකියා ස්‌ථානයෙන් උසස්‌ වීමක්‌ද හිමි වීමට ඉඩ තියනවා. ඒ වගේම අලුතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. මුදල් ඉතිරි වන කාලයකි. නව මිතුරන් ඇසුරට ලැබේ. කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය හා සමාජ පිළිගැනීම හිමිවනවා ඇත. ව්‍යාපාරවලින් ආදායම්ද හිමිය. මෙම අඟහරු මාරුවත් සමගින් අසුබදායක වන වෘෂභ, මිථුන, සිංහ හා ධනු යන ලග්න හිමියන් පහත සඳහන් ග්‍රහ ශාන්ති කර්ම අනුගමනය කරන්න.

පුර පක්‌ෂයේ අඟහරුවාදා දින 09 ක බෝධි පූජාවක්‌ පැවැත්වීමත්, තමාගේ උසට මල් මාලාවක්‌ අමුණා ඊට තමාගේ වයසට අදාළව නිල්මල්, රතුමල්, කහමල්, සුදුමල් එකතු කිරීමත්, බෙහෙත් ඖෂධ වර්ග 09 ක්‌ පූජා කිරීමත් කිරිකොළ 09 ක තබා එළඟිතෙල් පහන් 09 ක්‌ දැල්වීම තුළින් කුජ ග්‍රහයන්ගේ අපල තත්ත්වයන් දුරු කර ගැනීමේ හැකියාව ඇත.

ඉහත සඳහන් අදාළ ග්‍රහ ශාන්ති කර්ම හා කුජ අපල වෙනුවෙන් අඟහරුවාදා දිනවල බෝධි පූජා පවත්වා එම ලබා ගත්තා වූ පින් කතරගම දෙවියන්, ඊශ්වර දෙවියන් හා පත්තිනි මෑණියන් උදෙසා අනුමොAදන් කිරීම තුළින් ඔබටත් මෙම ග්‍රහ අපල තුළින් සිදු වන්නා වූ අපල හා පීඩාවලින් යම් සහනයක්‌ ලබාගත හැකි වනු ඇත. 

වැඩිදුර විස්‌තර සදහා 0382293771 / 0772753100

ජ්‍යෙතිෂවේදී, බණ්‌ඩාරගම, සම්පත් එස්‌. කල්පගේ

"තසුණි" සෙත්කවි හා ජ්‍යෙතිෂ සේවය

නො. 53/ඒ 1, විහාර මාවත, ගම්මන්පිල, බණ්‌ඩාරගම.

දිවයින ඇසුරිණි




ග්‍රහලොව සෙන්පති හෙවත් චණ්‌ඩියා නැතහොත් සහෝදර කාරක, පුරුෂ කාරක ග්‍රහ තාරකාව වන කුජ හෙවත් අඟහරු ග්‍රහයා එළඹෙන 2018 මැයි මස 02 වැනි බදාදා ප.ව. 04.20 ට මෙතෙක්‌ කල් රැඳී සිටි ගුරු හිමි ධනු රාශියේ සිට ශනි හිමි මකර රැසට පිවිසෙනු ඇත.