කෙටි කාලයක් ඇතුලත ශරීරයේ බර අඩු කර ගැනීමට කෙටි ක්‍රම කිහිපයක්

සිරුරේ බර අඩු කර ගනිමින් නීරෝගීමත් සිහින් සිරුරක හිමිකාරියක් වීමට අප සැවොම කැමතියි. නමුත් අප බොහෝ වේලාවට ආහාර ගන්නේ බඩගිනි නිසාම නොවේ. අප ආහාර ලබා ගන්නේ නොයෙකුත් ආසාවකට, විවිධ කාලගුණ හෝ දේශගුණික වෙනස් වීම් හෝ මානසික ආතතිය වැනි හේතු නිසා විය හැකිය. ඒත් ඉතින් අද බොහෝ පිරිසකට ගැටලුවක් වී තිබෙන්නේ දිව පිනවීමට පමණක් යාමෙනි. මෙයට හොඳම විසඳුම නම් අපිවම පාලනය කර ගැනීමයි. කෙටි කාලයක් ඇතුලත සිරුරේ බර අඩු කර ගැනීමට කැමති සියලු දෙනා හට මෙම ලිපිය වැදගත් වේවී.

01) පළමුව සිත පාලනය කර ගන්න.

බොහෝ පිරිසක් විසින් ආහාර පාලනය කර ගැනීම පළමු සතිය හෝ දෙක හොඳින් කරනවා. නමුත් යම් අවස්ථාවක තමන් හිත කැමති ආහාරයක් ලබා ගැනීමට රස විඳීමට ආශාව ඇති වෙනවා. ඒ නිසා තමන් පාලනය කර ගෙන ආ ආහාර පුරුදු නැවතත් මග නවතිනවා. මෙය ඔබට පමණක් නොව සාමාන්‍ය ජීවිතයේදී අප සැමට මුහුණ දීමට සිදුවන කාරණයක්. එවැනි සිදු වීමකදී ඔබ සිතින් බය වී කලබල වෙන්න එපා. සන්සුන් මනසකින් යුතුව ලස්සන සිරුර ගැන සිතින් මවා ගෙන කන්න හදපු රසවත් කෑම ගැන අමතක කරන්න. පසුව ඔබ සුපුරුදු පරිදි එළවලු හා පළතුරු පමණක් ආහාරයට එක් කර ගැනීමට පුරුදු වන්න. කිසිදු අවස්ථාවක සිතින් අධෛරයමත් වෙලා ඔබගේ නිවැරදි ආහාර රටාව නැවැත්වීමට කටයුතු කරන්න එපා.

02) සෑම ආහාර වේලකදීම ආහාර වර්ග දෙකක් ලබා ගන්න.

සිරුර සිහින් කර ගැනීමට හෝ හැඩ කර ගැනීමට කියා තමන් අකමැති ආහාර ලබා ගැනීම ප්‍රායෝගික නොවේ. මොකද කිව්වොත් තමන් අකමැති කෑම දිනපතා ආහාරයට ගැනීමට සිදු වුවහොත් එය ඔබට එපා විය හැකිය. ඒ වගේම නිතිපතා ඔබ එකම වර්ගයේ කෑම ලබා ගැනීමෙන්ද ඔබට ආහාර පාලනය කළ නොහැක. ඒ නිසා මාළු හා සලාද, එළවලු හා මාළු හෝ මස් හා සලාද ආදී වශයෙන් නිතරම ආහාර වර්ග දෙකක් ඔබගේ ආහාර වේලට එක් කර ගැනීමෙන් ඔබට වෙනස් විය හැකිය.

03) දෙවරක් ආහාර ලබා ගැනීමෙන් වැළකෙන්න.

කිසිම මොහතක කුස්සියට වී ආහාර ලබා ගන්න එපා. මොකද එතකොට ඔබේ ඇස යොමු වෙන්නේ ආහාර දෙසටය. එවිට එක් වරකදී ඔබටම ආහාර මදි වුවහොත් නැවත ආහාර බෙදා ගැනීමට ඔබ යොමු විය හැකිය. එයට හොඳම කරුණ කුස්සිය වෙනුවට ඔබ නිවසේ සාලය, කාමරය හෝ වෙනත් සුදුසු ස්ථානයක් කරා යාමය. ඒ හේතුවෙන් ඔබට නැවතත් ආහාර බෙදා ගැනීමට කුස්සියට යාමට කම්මැලි සිතීමෙන් ඔබට දෙවරක් ආහාර ලබා ගැනීමෙන් වැළකී සිටීමට හැකිය.

04) කිසිඳු මොහොතක ඔබ හොරෙන් කාපු දේවල් වල සාක්ෂි ඔබටම පෙනෙන්න ඉඩ හරින්න.

ඔබ ආහාර පාලනය කරන්න කැමති කෙනෙක් නම් කෑම ආහාරයට ගත් විගසම ඒවා අස්පස් කරන්න එපා. ඔබ නිතර ආහාරයට ගන්නා දේවල් වල සළකුණු ඔබටම පෙනෙන්නට ඉඩ හරින්න. උදාහරණයක් ලෙස ඉතා තෙල් අධික ආහාරයක් ඔබ ලබා ගෙන පසුදා එය දැකීමෙන් ඔබටම හිතේවී මම කෑවේ අපරාදේ කියලා. ඒ නිසා ඔබ ආහාරයට ගත්තේ මොනවද කියලා ඔබටම පෙනෙන්න තියෙනකොට වැරදි ආහාර ලබා ගැනීමෙන් ඔබ වළකිනවා. ඒ නිසා ඔබ ආහාරයට ගත් දේවල් වල වල සාක්ෂි ඉතුරු කරන්න.

05) පිඟාන හිස් වන තෙක් කවදාවත් කන්න එපා.

අද බොහෝ දෙනෙක්ගේ පුරුද්දක් තමයි තමන්ගේ බඩගින්නට වඩා තමන් බෙදා ගන්න කෑම පිඟාන ඉවර වෙනකත් කන එක. ඒ නිසා සෑම විටම ඔබ ප්‍රමාණය ඉක්මවීමකින් තොරව කෑම ටිකක් බෙදා ගැනීමට වග බලා ගන්න. ඒ දෙය තුලින් ඔබගේ සිරුරට වැඩිපුර ආහාර එකතු නොවීමක් වගේම වැඩිපුර ආහාර ගැනීමෙනුත් වැළකෙනවා.

06) කිහිප දෙනෙක් සමඟ අහාර ගැනීම සුදුසුද?

අප බොහෝ විට කිහිප දෙනෙක් සමඟ එකතු වී ආහාර ගැනීමේදී නොදැනුවත්කමට විශාල ලෙස ආහාර ලබා ගන්නවා. ඒ වගේම නවතම සමීක්ෂණ වලට අනුව තීරණය වී ඇත්තේ තනිව ආහාර ගන්නවාට වඩා හවුලේ ආහාර ගැනීමේදී 30% ක් පමණ වැඩිපුර ආහාර ගන්නා බවයි. ඒ නිසා සෑම අවස්ථාවකදීම වෙනත් අය සමඟ ආහාර ගන්නවාට වඩා තනිව ආහාර ගැනීමට පුරුදු වන්න. එවිට ඔබ විසින් ආහාර පාලනය කර ගැනීම සිදු වේවි.

07) ආහාර පාන ලැයිස්තුවක් සකසා ගන්න.

ඔබගේ ශරීරයට අවශ්‍ය කැලරි ප්‍රමාණයට අනුව ඒ පිළිබඳව හොඳින් දන්නා පුද්ගලයෙකු මාර්ගයෙන් ඔබට අවශ්‍ය ආහාර පාන ලැයිස්තුවක් සකසා ගන්න. එයට අත්‍යවශ්‍ය ආහාර පාන පමණක් එක් කර ගන්න. එවිට ඔබ වෙළෙඳ පොලෙන් එම ලැයිස්තුවට අදාල ආහාර පමණක් ලබා ගැනීමට යොමු වන්න. කිසිම අවස්ථාවක අනවශ්‍ය දේ මිලදී ගන්න එපා. ඔබ ආහාර පාලනය කරන කෙනෙක් නම් මේ කරුණට අදාලව කටයුතු කිරීමෙන් ඔබට අනවශ්‍ය ආහාර ලබා ගැනීමෙන් වැලකී සිටීමට හැකි වන බව නිසැකය.

08) රසවත් දෙයින් ඉවත් වෙන්න.

රසවත් කෑම බීම වලට අප කවුරුත් ආස කරයි. විශේෂයෙන් පැණි රස කෑම වලට ඔබ එවැනි ආහාර නිවසට රැගෙන ආවත් ඒවා නිතර ඔබට පෙනෙන ස්ථාන වල රඳවන්න එපා. ඔබගේ ඇස එයට යොමු නොවීමෙන් එම ආහාර ගැනීම තරමක් ඔබ අඩු කරාවී. සමහර විට ඔබට හිතෙන්න පුලුවන් පැණි රස ආහාර නිවසට ගෙන ඒම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුයි කියලා. නමුත් කිසිම විටක එය කරන්න එපා. සමීක්ෂණ වාර්තා වලට අනුව තහවුරු වන්නේ නිවසේදී ලබා නොගන්නවා යැයි සිතා පිටතදී එම ආහාර වැඩිපුර ලබා ගන්නා බවයි. ඒ නිසා සුදුසුම ක්‍රමය වනුයේ නිතර භාවිතයට නොගන්නා ස්ථානයක එම ආහාර ඇසුරුම් කර තැබීමය.

09) ආහාර හොඳින් හපන්න

හොඳින් සැපීමකින් යුතුව ආහාර ගැනීම අපගේ ශරීර සෞඛ්‍යයට හිතකර වේ. එමගින් ආහාර ජීරණ ක්‍රියාවලියද පහසු වන බව අප හොඳින් දනී. ආහාර ගැනීමේදී හොඳින් හැපීම හේතුවෙන් ආහාර දිරවීම පමණක්ම නොව කුසගිනි නිවීමද සිදු වේ. එම නිසා පමණ ඉක්මවා ආහාර ගැනීමෙන් වැළකී සිටීම සිදුවන බැවින් නිතැතින්ම ඔබගේ ආහාර පාලනය සිදුවේ.

10) උදෑසන ආහාර වේල වැදගත් ඇයි?

අපගේ ආහාර වේල් අතරින් ප්‍රධානම හා පළමු වන්නේ උදෑසන ආහාර වේලය. ඇතමුන් ආහාර පාලනය කරනවා යැයි සිතා උදේ ආහාර වේල පවා නොගනී. ඒ හේතුවෙන් ඔවුන් හට දිවා කාලය වන විට අධික ලෙස කුසගිනි ඇති වීම හේතුවෙන් නොදැනුවත්වම වැඩිපුර ආහාර සිරුරට ලබා ගනී. මෙය සතුටුදායක කාරණයක් නොවේ. අනිවාර්යයෙන්ම උදේ ආහාර වේල ඉතා පෝෂ්‍යදායී සමබල ආහාරයක් විය යුතු අතර එය ශරීරයට ලබා ගැනීම අත්‍යාවශ්‍ය වේ. වැඩ කරන කාලය තුල ශරීරයේ කැලරි දහනය වීම සිදුවන හෙයින් උදෑසන ආහාර වේල වැඩිපුරත් දිවා හා රාත්‍රී ආහාර වේලවල්හීදී අඩු ප්‍රමාණයකින් යුක්තවත් ආහාර ගැනීම සුදුසුය. එබැවින් ඔබ ආහාර පාලනය කරන අයෙකු නම් කිසිම විටක උදේ ආහාරය මග හරින්න එපා.

11) ඔබේ පිඟානට පමණක් ආහාර බෙදා ගන්න.

ආහාර බෙදා ගැනීමේදී ඔබේ පිඟානට පමණක් අවශ්‍ය ආහාර බෙදා ගන්න. කිසිම විටක වෙනත් භාජන වලට ආහාර වර් ග බෙදා ගෙන ඒවා  ඔබ අසල තියාගෙන ආහාර ගන්න එපා. එවිට සිත යොමු වනුයේ තවත් ආහාර බෙදා ගැනීමය. එම නිසා ආහාර එකවර බෙදාගෙන වෙනත් ස්ථානයකට ගොස් ආහාර ගන්න. එබැවින් ඔබ අසල වැඩිපුර ආහාර පාන ලඟ තබා නොගැනීමෙන් වැඩිපුර ආහාර බෙදා ගැනීමෙන් වලකින අතර ආහාර පාලනය සිදු වේ.

12) ඉවසීමෙන් කටයුතු කරන්න.

ඉහත සඳහන් කළ ක්‍රම කිසිවක් එකවර ක්‍රියාවට යෙදවීමෙන් වළකින්න. එක් කරුණක් අවම වශයෙන් සතියක්වත් ඉවසීමෙන් ප්‍රගුණ කරන්න. එකවර සියල්ල කිරීමට ඔබ යොමු වුවහොත් ඔබට මෙය ඉතා ඉක්මනින්ම එපා විය හැකිය. කිසිඳු ක්‍රියාවකින් ඉක්මනින් නිවැරදි ප්‍රතිඵල ලඟා කර ගත නොහැකි බව අප දනී. ඒ නිසා මෙම සියලු ක්‍රම  ඉවසීමෙන් ක්‍රියාවට නංවන්න. එවිට ඔබ සිතන පරිදි නිරෝගීමත් සිහින් සිරුරක හිමිකාරීත්වය ලබා ගැනීමට හැකි වන බව නිසැකය.



කෙටි කාලයක් ඇතුලත සිරුරේ බර අඩු කර ගැනීමට කැමති සියලු දෙනා හට මෙම ලිපිය වැදගත් වේවී.