මාස තුනෙන් ඇඟ බස්සන ගොරක චුර්ණය හදාගන්නේ මෙහෙමයි

ගාර්සීනියා කැම්බොජියා නොහොත් ගොරකා (සිංහල භාෂාවෙන්) දෙමළ බසින් කොඩුක්කායිප්පපුලි නම් වෙයි. කුඩා සහ මධ්‍යම ප්‍රමාණයෙන් යුතු සෙවණ සහිත සිරස් අතට නමා වැටෙන අතුපතරින් ගහණ ශ්‍රී ලංකාවේ නිවර්තන වැසි වනානතර වල දක්නට ලැබෙන ගසකි. ගොරක ගසේ ආරම්භය ඉන්දියානු උප මහද්වීපයෙන් පටන්ගෙන මලයාසියාව බුරුමය සහ තායිලන්තය දෙසට පැතිර ගොස් ඇති බව සඳහන්ය. බහු වාර්ෂික වන ගොරක ගසේ ඵලදාව වසරකට දෙවරක් ලබාදෙයි. දිය නොරදන පොළොවෙහි වැඩීමට කැමැත්තක් දක්වයි. පෙබරිවාරි සිට අප්‍රේල් දක්වා සුදු මලින් සැරැසෙන ගොරක ගස දිලිසෙන පත්‍ර සහිත සෞන්දර්යාත්මක වටිනාකමකින් යුක්තය. ‍ෆ්ලොරිඩාව ඇමරිකා එක්සත් ජනපදය සහ ඔස්ට්‍රෙලියාව වැනි රටවල ජනප්‍රිය පලතුරකි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




ඈත අතීතයේ සිටම ශ්‍රී ලංකා වාසින් කෑම පිසිමේ දී ගොරකා යොදා ගත්තේ ආහාර සුරක්ෂිතකරණය සහ එහි ඇති ලෙඩ සුවකිරීමේ ගුණය කෙරෙහි ඔවුන්ගේ තිබු දැඩි විශ්වාසය නිසාය.