සඳේ අඳුරු පැත්ත ගැන රහස් රැසක්

වර්තමාන ඇමරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පසුගිය වසරේ (2017) දෙසැම්බර් 11 වැනිදා අපුරු උපදෙසක් දුන්නා. ඒ තමයි ආයෙමත් හඳට යන්න කියලා. එහෙම කිව්වේ ධවල මන්දිරයට කැඳවපු විශ්‍රාමික ගගනගාමීන් සහ නාසා ආයතනයේ නිලධාරීන්ට. අපි වගේ සාමාන්‍ය මිනිස්සු වගේම අභ්‍යාවකාශය සමඟ පෙමින් වෙලී ඉන්න යටත් මේක සතුටුදායක ආරංචියක්. ලෝකේ ජනගහනයෙන් සියයට හැත්තෑවකම ඉන්නේ ඇමරිකාවේ සඳ තරණයට පස්සේ ඉපදිච්ච අය. ඇමෙරිකානුවන් හඳට ගිහිල්ලා අවුරුදු 48 කට වඩා ගතවෙලත්, ආයෙත් ඒ හපන්කම කරන්න වෙන කිසිම රටකට හයියක් නැති වීම පුදුමයක්. අද නවීන තාක්ෂණයත් එක්ක ඉපදුනු අයට එහෙම හිතෙන එක අරුමයක් නෙවෙයි. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




රුසියාව සඳ ගමනෙන් පරදවපු ඇමරිකාවටත් ඊට පස්සේ ඒ වගේ ගමනකට උනන්දුවක් තිබුනේ නෑ. නාසා ආයතනය උනත් වෙන අභ්‍යාවකාශ ගමන් ගැන උනන්දු වුනා මිසක් හඳට යාම ගැන එච්චර සැළකිල්ලක් දැක්වුයේ නෑ.