විනාඩි දෙකෙන් කෙට්ටු වෙන්න මේ ලිපිය කියවන්න

බොහෝ වෙලාවට අපේ සිරුරේ හැඩය පවත්වා ගන්න එක අමාරු කාර්යයක්. නමුත් අවස්තානුකුලව අපට සිදු වෙනවා සුදුසු විදියට අදින්න වගේම පලදින්නත්. තරබාරු කාන්තාවක් බොහෝ වෙලාවට මෙවැනි අවස්ථා වලදී අසරණ වෙනවා. නමුත් එය එසේ විය යුතු නෑ. තරබාරු වීම අඩු කර පෙන්වන පහසු විස්මිත උපක්‍රම 10ක් මෙම ලිපියේ අඩංගු වෙනවා. මෙම උපක්‍රම අත්හදා බලන්න ඔබටම පුළුවන්.

01. පාවහන් පැළදීම.

ඔබගේ පාද වඩා දික්ව පෙනීමට සහ සිරුර සිහින්ව පෙනීම සදහා ඔබගේ සමේ පැහැයට සමාන පැහැයක් තිබෙන සපත්තු හෝ  සෙරෙප්පු භාවිතා කරන්න.ඔබේ දෙපා වල පැහැය දුබුරු, කළු තලෙළු හෝ කුමන වර්ණයේ වූවත් එම පැහැයටම සමාන සපත්තු පැලදීමෙන් පාද දික්ව පෙනීමට පටන් ගන්නවා.මෙම උපක්‍රමය නිසා ඔබේ පාද අගල් කිහිපයක් දිගෙන් වැඩිව  පෙනෙන්නට පටන් ගන්නවා. ඒ නිසා ඔබගේ සමස්ත උස වැඩි වීමෙන් දේහයේ තරබාරු ගතිය අඩු වී පෙනෙනවා.

02. ප්‍රමාණයෙන් වඩා විශාල හෝ ප්‍රමාණයෙන් වඩා කුඩා ඇදුම් භාවිතා කිරීමෙන් වලකින්න.

ඔබගේ ප්‍රමාණයට වඩා ප්‍රමාණයෙන් විශාල හෝ කුඩා ඇදුම් භාවිතා කිරීමෙන් වලකින්න. ඔබ ප්‍රමාණයෙන් කුඩා ඇදුම් ඇගට තද වන සේ ඇදීමෙන් මෙන්ම විශාල ඇදුම් ලිහිල් ව ඇදීමෙන් වඩා තරබාරු පෙනුමක් ඔබට ලැබෙනවා. ඔබගේ ඇගේ ප්‍රමාණයට සමාන ඇදුම් භාවිතා කිරීමට පුරුදු වන්න.

03. නිරතුරුවම සෘජු ඉරියව් පවත්වාගන්න.

ඕනෑම කාන්තාවක් සෘජු ඉරියව් පවත්වා ගත් විට ඔවුන්ගේ පෙනුම වඩාත් යහපත් අයුරින් පෙනෙනවා.තරබාරු කාන්තාවක් නම්  එසේ සෘජුව සිටීම මගින්  ඔබගේ ඉගටිය ප්‍රදේශයද සිහින්ව පෙනීමට පටන් ගන්නවා.එමෙන්ම එසේ සෘජු ඉරියව් පවත්වාගැනීම ඔබගේ සෞඛ්යටද හිතකර වෙනවා.ඔබගේ පිටුපස කොටස සෘජුව පවත්වා ගැනීමද තරබාරු බව අඩුකර පෙන්වීමට භාවිතා කල හැකි උපක්‍රමයක් වෙනවා.

04. මුහුණ සම්බන්දව සැලකිලිමත් වන්න.

මුහුණට  භාවිතා කරන වර්ණ සහ අඩංගු රුපලාවන්‍ය මගින්  ඔබගේ මුහුණ සිහින්ව පෙන්වීමට පුළුවන්.මෙහිදී රූපයේ සදහන් පරිදි මුහුණේ කම්මුල්  සදහා අදුරු වර්ණද නළල සහ නිකට සදහා දීප්තිමත් වර්ණද යොදාගත යුතුයි. නහයේ තරබාරු බව අඩු කිරීම සදහා නාසය දෙපසද අදුරු වර්ණ යෙදීමට වගබලාගන්න.එමෙන්ම මේකප් යෙදීමේදී පළමුව තද වර්ණ ආලේප කිරීමෙන් පසුව ලා වර්ණ ආලේප කිරීම කල යුතුයි.එමෙන්ම මේකප් කිරීමේදී කඩතොළු ඇති නොවන පරිදි මනා නිමාවකින් යුතුව අවසන් කිරීමට උත්සාහ කරන්න.

05. ඔබගේ පාද වල සම මදක් අදුරු කරන්න.

ඔබ මේ සදහා පළමුවෙන්ම ඔබගේ සම ස්ක්‍රබ් එකක් ආධාරයෙන් පිරිසිදු කරන්න. පසුව  සුදුසු ක්‍රීම් වර්ගයක් භාවිතා කර සම  කිහිපවරක් මෘදුව පිරිමදින්න.ඔබගේ පාද වල දණහිස් සහ අත් වල වැලමිට ආශ්‍රිත ප්‍රදේශ ගැන සැලකිලිමත් වෙන්න.

06. ඔබට සුදුසු රෙදි වර්ගය තෝරාගන්න.

ඔබට සුදුසු වන්නේ මෘදු රෙදි වර්ගයි.සිලික් වැනි රෙදි භාවිතා කිරීමෙන් ඔබේ ශරීරයේ වඩාත් තරබාරු වී තිබෙන කලාප  කැපී පෙනීමට පටන් ගන්නවා.සිනිදු කපු රෙද්දෙන් මසන ලද ඇගට වඩාත් පහසු මෘදු රෙදි වර්ගයක් භාවිතා කිරීමෙන් ඔබගේ තරබාරු බව අනෙක් අයට එතරම් නොපෙනේවි.

07. විලාසිතා කිරීමේදී සැලකිලිමත් වන්න.

ඔබ බෙල්ල වටා සළුවක් සහිත විලාසිතාවක් කිරීමේදී ඔබගේ මුහුණ වඩාත් විශාලව සහ තරබාරු ලෙස පෙනෙන්නට පටන් ගන්නවා.හැකි තරම් ගෙල ආශ්‍රිතව නිදහසේ තබන්න. තරබාරු ඔබ තෝරාගත යුත්තේ වී හැඩයක කරක් තිබෙන ඇදුම් වර්ගයි. බෙල්ල ආශ්‍රිතව බොත්තම් දෙකක් හෝ තුනක් විවරව තබන්න. එමෙන්ම තරමක දිගින් යුතු ගෙල පළදනාවක්  භාවිතා කිරීම තුලින්ද ඔබේ ගෙලේ තරබාරු ගතිය අඩුවී පෙනෙනවා.

08. තරබාරු ප්‍රදේශ බලහත්කාරයෙන් වැසීමට උත්සාහ කිරීමෙන් වලකින්න.

බොහෝ යුවතියන් තමන්ගේ සිරුරේ අවලස්සන යැයි හැගෙන ස්ථාන සහ තරබාරු බවින් වැඩි ස්ථාන සගවාගැනීමට උත්සාහ කරනවා. නමුත් මෙම උත්සාහයේදී සිදුවන්නේ බොහෝ දෙනාගේ අවධානය ඒ වෙත ලැබීමයි. එමනිසා එම ස්ථාන වැසීමට නුසුදුසු විලාසිතා කිරීමෙන් වලකින්න.

09. කොණ්ඩා විලාසිතාව.

තරබාරු කාන්තාවන් කඩා හැලෙන කොණ්ඩා විලාසිතා සිදු කිරීම උචිත වන්නේ නෑ. මධ්‍යම දිගකින් යුක්තව, කැරලි සහිත කොණ්ඩා විලාසිතාවක් මගින් ඔබගේ මුහුණේ තරබාරු ගතිය අඩු වී පෙනෙනවා.එමෙන්ම වඩා වැඩි විලාසිතා වලින් යුතු කොණ්ඩා මෝස්‌තර ඔබට ගැලපෙන්නේ නෑ.

10. ශරීරයේ හැඩය ඉස්මතු වී පෙනෙන බාහිර  පළදනා භාවිතා කරන්න.

මෙවැනි පළදනා භාවිතා කිරීම නිසා ඔබගේ ශරීරයේ හැඩය  කෘතිමව වෙනස් වීමකට ලක් වෙනවා. එතුලින් වඩා හැඩ සිහින් සිරුරක් ඔබට ලැබෙනවා.මෙය තරබාරු කාන්තාවන්ට පමණක් නොව ඕනෑම කාන්තාවකට පැළදීමට පුළුවන්. නමුත් විශේෂ අවස්ථා වලදී හැර මෙවැනි පළදනා නිරන්තරයෙන් පැළදීම සුදුසු වන්නේ නෑ.

ඉහත සදහන් කරුණු මගින් ඔබට ක්ෂණික සිහින් සිරුරක් ලැබුනත්  ක්‍රමානුකුල ආහාර පාලනය සහ නිසි පරිදි ව්‍යායාම කිරීම තුලින් ඔබට නිරෝගිමත් සිහින් සිරුරක් ලබා ගැනීමට පුළුවන්.මෙහිදී ඔබ සැලකිලිමත් විය යුත්තේ උසට සරිලන බරක් සහිත සිරුරක් පවත්වාගැනීම  මිස සිහින් සිරුරක් ලබා ගැනීමට නොවේ.ඒ සදහා කැපවීමෙන් කටයුතු කරන අතරතුර මෙම උපක්‍රම අත්හදා බැලීමට ඔබට දැන් පුළුවන්...!!!



තරබාරු වීම අඩු කර පෙන්වන පහසු විස්මිත උපක්‍රම 10ක් මෙම ලිපියේ අඩංගු වෙනවා. මෙම උපක්‍රම අත්හදා බලන්න ඔබටම පුළුවන්.