පාවෙන දෙව්ලොව ඇස්ගාඩියා

ඇස්ගාඩියා කියන වචනය ගැන හොයා බැලුවොත් මතක් වෙන්නේ රණකාමි වයිකින් ගෝත්‍රිකයෝ. දැවෙන් නිර්මාණය කළ නැව් යොදාගනිමින් රට රටවල් ආක්‍රමණය කළ මොවුන් අතීතයේ වාසය කලේ ඩෙන්මාර්ක්, ස්වීඩන්, නොර්වේ වගේ ස්කැන්ඩිනෙවියානු රටවල. ඇස්ගාඩ් දෙව්ලොව සහ ඇස්ගාඩ් දෙවිවරු අයිතිවෙන්නේ වයිකින්වරුන්ගේ දේව පුරාණයට. මාවල් චිත්‍රකතා විරවරයෙකු වන ‘තෝර්’ කියන සිනමා චරිතය නිසා අද නම් ලොකු කුඩා කවුරුත් ඇස්ගාඩ් දෙවිවරුන් ගැන දන්නවා. අපි වාසය කරන මේ පෘථිවිය යම් දවසක විනාශවෙලා යන්න පුළුවන්. එහෙමත් නැත්නම් වාතය දුෂණය වෙලා ජීවත්වෙන්න බැරි තත්ත්වයක් උදාවෙන්න පුළුවන්. අනාගතේ දවසක අභ්‍යාවකාශය තුල ගෙවල් හදාගෙන ජීවත්වෙන්න වෙයිද කියලා කාටද කියන්න පුළුවන්. දවසින් දවස දියුණුවෙන තාක්ෂණයත් එක්ක අහසේ පාවෙන නගර කියන්නේ හුදු විද්‍යා ප්‍රබන්ධවල එන අදහසක් විතරක් නෙවෙයි. ඇස්ගාඩියා කියන්නේ එහෙම අහස් නගරයක් නිර්මාණය වීමේ සැලසුමක පළමු අදියර. 2017දි තමයි මේ වැඩේ පටන්ගත්තේ. යූටියුබ් ඔස්සේ නැරඹීමට නම් මෙතන ක්ලික් කරන්න.




ඇස්ගාඩ් දෙව්ලොව සහ ඇස්ගාඩ් දෙවිවරු අයිතිවෙන්නේ වයිකින්වරුන්ගේ දේව පුරාණයට. මාවල් චිත්‍රකතා විරවරයෙකු වන ‘තෝර්’ කියන සිනමා චරිතය නිසා අද නම් ලොකු කුඩා කවුරුත් ඇස්ගාඩ් දෙවිවරුන් ගැන දන්නවා